දේශපාලනඥයන්ගේ නම විකුණා වන විනාශයන් සිදු කරන කැලෑ පාළුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් මැදිරිය පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා යටතට පත් කිරීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා තීරණය කර තිබේ.
එම මෙහෙයුම් සඳහා කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පළාත් නවයට ක්ෂණික විහිදුම් පොලිස් කණ්ඩායම් ස්ථාපනය කරන බව ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. එම මෙහෙයුම් සඳහා එක් කණ්ඩායමකට පොලිස් නිලධාරීන් දස දෙනකු බැගින් යෙදවීමට නියමිතය.
ඔන්ලයින් ක්‍රමයට ක්ෂණික පැමිණිලි ලබා ගෙන සිදු කිරීමට යන මෙම දීප ව්‍යාප්ත ඒකකයේ මෙහෙයුම් බාර නිලධාරිවරයා ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා පත් කිරීමට නියමිතය.










