අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 4ක සිරදඬුවමකට ලක්ව සිටින සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා හට බන්ධනාගාර, ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා දුරකතන ඇමැතුමක් ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි මහතා අනාවරණය කළේය.
පසුගිය සතියේ තමන් රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය බවත්, එහිදී රන්ජන් රාමනායක මහතා තමන්ට මෙම තොරතුරු පැවසූ බවත් වෙදආරච්චි මහතා සඳහන් කර සිටියේය.
එසේ රාමනායක මහතාට කතා කොට ඇති ලොහාන් රත්වත්තේ මහතා ආණ්ඩුවට එක්වන ලෙස රාමනායක මහතාට දැනුම් දී ඇති බවත්, එසේ වුවහොත් උදව් කළ හැකි බව දැනුම් දී ඇති බවත් වෙදආරච්චි මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීම රන්ජන් රාමනායක මහතා කාරුණිකව ප්‍රතික්‍ෂේප කොට ඇති බවද වෙදආරච්චි මහතා එහිදී කියා සිටියේය.










