ජිනීවා නුවර මේ දිනවල ආරම්භ වී ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ලංකාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරීමට ඊයේ (25) දිනයේදී ඉන්දියාව කටයුතු කොට ඇත.
ඒ අනුව ඉන්දියාව සදහන් කොට ඇත්තේ ලංකාව 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කොට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීමට පියවර ගත යුතු බවකි.
ඒ හරහා සංහිදියාව ඇති කිරීීමට රජය පියවර ගත යුතු බවද ඉන්දියාව සදහන් කර ඇත.
ජිනීවාහි ඉන්දීය රජයේ නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා මෙම අදහස් පළ කොට තිබේ.










