යුද හමුදාවට අයත් සුඛෝපභෝගී වෑන් රථයකින් මත්කුඩු කිලෝ 45කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්තිඩිය හමුදා කදවුරේ සේවය කරන හමුදා සෙබළු දෙදෙනෙකු ඇතුලු පිරිසක් හොරණ දික්හේනපුර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පියවර ගෙන ඇත.
හමුදා සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හමුදා නිල ඇඳුමින් සැරසී සිටි බව පොලිසිය කියයි.
වෑන් රථය අත්තිඩිය හමුදා කඳවුරේ බ්‍රිගේඩියර්වරයකුට අයත් එකක් බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “අරුග්ගොඩ සලිදු” නැමැත්තාට අයත් රුපියල් කෝටි 45 කට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් මෙම වෑන් රථයෙන් ප්‍රවාහනය කොට ඇති බව පැවසේ.










