• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුනිලුයි රෝහණයි කරපු මිලියනයේ චෝදනාවට භාතිය සන්තුෂ්ගෙන් සැර උත්තරයක්

February 25, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
භාතිය-සන්තුෂ්ට ‘ඇඩ්‍රස් නෑ’: සුනිල්-රෝහණ මිලියනයක වන්දියක් ඉල්ලයි
Share on WhatsAppShare on Facebook

තමන්ගේ ගීතයක් අවසරයකින් තෙරව ගායනා කොට පසුව ඒ වෙනුවෙන් රුපියල් මිලියනයක් ලබා දෙන බවට පොරොන්දු වී එම මුදල ලබා නොදුන් බව පවසමින් ප්‍රවිණ කලාකරුවන් දෙපොළක් වන සුනිල් ආරියරත්න සහ රෝහණ වීරසිංහ යන මහත්වරුන් විසින් කරනු ලැබ තිබූ චෝදනාවට ප්‍රවීණ ගායන ශිල්පීන් දෙදෙනෙකු වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් පිළිතුරු ලබා දී තිබේ.

ඒ සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමිනි.

එහි මෙසේ සදහන්ය.

ආදරණීය ආචාර්ය රෝහණ වීරසිංහ සර් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න සර් වෙත…

සර්, මුලින්ම කියන්න ඕන මේක රාජකාරි නිල ලිපියක් නෙවෙයි. බොහෝ කාලයක් තිස්සේ ඔබතුමන්ලා හඳුනන, යම් යම් වැඩ වලදී එකට හමුවන, ඊටත් වඩා හදවතේ ගැඹුරුම තැනින් ඔබ දෙදෙනාට ගරු කරන දෙදෙනෙක් ලෙස මේ ලිපිය ලියන්න හිතුනා.සර්, අපි දෙදෙනා මේ කේෂ්ත්‍රයට පැමිණි දා සිට, හැකි අයුරින් අපේ ගීත නිරමාණය කරගෙන, ඒවා ජනගත කර, ඉන් ලැබෙන ආශීර්වාදයෙන් පුළුවන් තරම් දුරක් බොහොම පරිස්සමට මේ ගමන මෙතෙක් දුරක් ආවා.

අවුරුදු 23ක් සංගීත ක්ෂේත්‍රයේ ගෙවුණු කාලය ඉතා වගකීමෙන් පැමිණි ගමනක් බව කාරුණිකව කිවයුතුයි. සමාජ මාධ්‍ය මෙතරම් ප්‍රචලිත, සැමදෙනාම පරිශීලනය කරන යුගයක ගීතයක අයිතිය බලෙන් පැහැරගෙන එවැනි ප්‍රශ්නයක් අප හිස මත පටවගන්නට තරම් අප වගකීම් රහිත මිනිසුන් ලෙස සිතීම පුදුම සහගතය. අප ආයතනයට තවත් පෞද්ගලික ආයතනයකින් ලබාදුන් විවිධ ගීත ආධුනිකයන් විසින් ප්‍රතිනිර්මාණය කර ගායනා කරන වැඩසටහනක් හේතුවෙන් මෙම ගැටළුව පැන නැගුණා.

සර්, මිට පෙරත් අපි ඇත්තටම මොකද උනේ කියන කාරණාව ඔබතුමන්ලාට පැහැදිලි කරලා දුන්නා. නමුත් ඔබ දෙදෙනා OSCA ආයතනයට ඉදිරිපත් කළ ලිපියක් හුවා දක්වමින් මේ දිනවල සමාජ මාධ්‍ය වල අප ඔබගේ ගීතය හොරකම් කළා කියන චෝදනාව නැගෙන නිසා සහ කරුණු කාරණා සිදුවූ ආකාරය හරි ආකාරව පැහැදිලි කරදීමෙන් පසුවද, නැවතත් අප වංචාවක් කර ඇති බව සදහන් කර තිබීම පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර, අප දැඩි ලෙස සිත් තැවුලට පත්කළ කරුණාවක් වූ බවද මෙහිදී කිව යුතුමයි. එම නිසා නැවත එම කතාවම කියන්නම්,*

• ඉහත කී පෞද්ගලික ආයතනය මෙම ව්‍යාපෘතිය අප ආයතනයට ලබා දී පැවසුවේ තෝරාගත් ගීත කීපයක් ආධුනික ගායකයන් සමග නැවත ප්‍රති නිර්මාණය කර , රූප රචනා සිදුකර ලබාදෙන ලෙසයි. එම එක් ගීතයක් සඳහා ඔවුන් රුපියල් දෙලක්ෂ අසූදාහක මුදලක්ද අප ආයතනයට ගෙවීමට එකග වුණා. එහිදී අප කාර්යමණ්ඩලය එයින් රුපියල් හැටදහසක මුදලක් කර්තෘභාග වෙවුවෙන් වෙන් කළා. අපි අපේ කාර්යමණ්ඩලයට දැනුම් දුන්නේ, ගීතවල බුද්ධිමය දේපළ හිමි කරුවන්ට කතාකර අවශ්‍ය පිරිවැය ලබාදී, අවසරය ලබාගන්නා ලෙසයි. මෙම මුදල් අගය අප ආයතනය වෙන්කලේ මෙම කාලවකවානුවේ OSCA ආයතනය සංගීත වැඩසටහන් වල ගීත ප්‍රති නිර්මාණය සඳහා රුපවාහිනී නාලිකා සමග රුපියල් හැටදහසක අගයක් සාකච්චා කරගෙන යන පසුබිමකයි. මාධ්‍ය ආයතන එම අගයට එකඟ නොවුවත් අප ආයතනය එම අගය ගෙවීමට තීරණය කළා. ඒ අදාල සියලුම පාර්ශවයන්ට කතෘභාග ගෙවීම් අප ආයතනය මගින් සිදුකළා.*

• මෙම වැඩසටහනට තීරණය වූ ගීත අතර එක චිත්‍රපට ගීතයක් තිබුණා. එය “ඇඩ්රස් නෑ” චිත්‍රපටයේ ගීතයකි. අප ආයතනය සියලුම ගීත වල හිමිකරුවන් සමග සම්බන්ධ වී කර්තෘභාග පිළිබඳව එකඟවූ අතර, “ඇඩ්‍රස් නෑ” යනු චිත්‍රපටයක් බැවින් එහි නිෂ්පාදකවරයා හා සම්බන්ධවී එම ගීතයේ අයිතිය පිලිබඳ තොරතුරු විමසුවා. එහිදී මෙම චිත්‍රපටයේ නිෂ්පාදක වරයාට මෙම ගීතයේ අයිතිය ඔහු සතුව ඇති බව සහතික වූ නිසා, අප ආයතනය ඔහුට රුපියල් හැටදහසක මුදලක් ගෙවා , මෙම ගීතය භාවිතා කීරීම සඳහා ඔහුගේ ලිඛිත අනුමැතිය සහ අවසරය ලබා ගත්තා. මෙම සමස්ත ක්‍රියාදාමයම සම්බන්ද නිල ලිපිලේඛන අප ආයතනය සතු ඇති බවත්, අවශ්‍යනම් ඒවා ඔබතුමන්ට ඉදිරිපත් කල හැකි බවත් දන්වන්න කැමතියි.*

• ඊට පසුවත් මේ සම්බන්ධව අපට චෝදනා නැගෙනවිට, අප විමතියට පත්වූයේ ඒ නිසයි. එබැවින් මේ සිදුවීම ආරංචි වූ වහාම අප උත්සහ කළේ ඔබ හමුවීමටයි. අප ඔබගේ නිවසේ දොරකොඩටම පැමිණියත් අපව හමුනොවී, OSCA ආයතනය අප පාර්ශව දෙක සාකච්චාවකට ගෙන්වූ අවස්ථාවේද අප සමග සාකච්චා නොකොට අප මගහැර ඔබ කාර්යාලයෙන් පිටව ගියා. ඉන් අනතුරුව කීප වරක්ම විවිධ පාර්ශව හරහාද ඔබ හමුවීමට උත්සහ කලත් අප හට ඒ අවස්ථාවන්ද නොලැබි ගියා.

* • සර්, මෙය අපටත් කණගාටුව සහ හිත් වේදනා ගෙනදෙන සුදුවීමක්. එල්ලවෙන චෝදනා වලට වඩා මේ හේතුවෙන් ඔබ දෙදෙනා සිත් තැව්ලට පත්වීම, කිසි විටෙකත් අපගේ මේ ජීවිතය තුළ අප අපේක්ෂා නොකළ සිදුවීමක්.

* • එහෙත් ඔබතුමන්ලා රුපියල් ලක්ෂ දහයක මුදලක් එකවර ඉල්ලා සිටින විට, ආයතනික මට්ටමෙන් අපටද ඒ පිළිබඳව නැවත සිතා බැලිය යුතුවනවා. කෙසේ වෙතත් මෙම ගැටලුව විසදාගත යුතුවන්නේ, ඔබ පාර්ශවය සහ චිත්‍රපටි නිෂපදකවරයාගේ පාර්ශවය අතර බව ඉහත සඳහන් කළ කරුණු අනුව අපගේ දැක්මයි.

* • කෙසේ වෙතත් ඔබ දෙපල කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා, රුපියල් හැටදහස (60,000) බැගින්, රුපියල් එක් ලක්ෂ විසිදහසක (120,000/=) කර්තෘභාග මුදලක් අපේ අතින් ලබාදීමට අපේක්ෂා කරන බව අප OSCA ආයතනයට ලිඛිතව දැනුම්දුන්නා. නමුත් යම් හෙයකින් ඔබ දෙපල මීට වඩා මුදලක් අපේක්ෂා කරන්නේ නම් ඉහත කී මුදලට අමතරව, ඔබ දෙපල කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා තනු නිර්මාණයට සහ පද රචනයට රුපියල් ලක්ෂ දෙක බැගින් (200,000/=), ලක්ෂ හතරක (400,000/=) මුදලක් අප ආයතනය විසින් ප්‍රදානය කිරීමටද කැමැත්ත ප්‍රකාශ කළා. ඉහත කී කරුණ අප විසින් OSCA ආයතනයට දැනුම් දුන්නේ ඔබ ගේ ලිපිය ලැබුණු ජනවාරි මාසය තුළමයි. අපට අද වනතුරු මෙයට පිළිතුරක් ලැබී නැහැ. මෙවැනි තත්වයක් තුල අප ගෙවීම් පැහැර ඇති බවට නගන චෝදනා අපගේ මවිතයට සහ කණගාටුවට කාරණයක්.

* • අප කවදත් නිර්මාණාත්මක අයිතීන් වලට ගරුකරන එම අයිතීන් රැකගැනීමේ කාර්යට උරදෙන දෙපලක් සහ ආයතනයක්. ඉහත කරුණු සලකා බැලු විට, ගීත ප්‍රතිනිර්මාණ කතෘභාග (reproduction royalties) නොගෙවන කාල වකවානුවක වුවද, අප ආයතනය එම ගෙවීම් කර ඇති බව ඔබට පැහැදිලිවනු ඇත.

* • අවසන් වශයෙන් මෙසේ ප්‍රකාශ කිරීමට අපි කැමතියි. ඔබ දෙදෙනා වැරදි වැටහීමක් නිසා මොන චෝදනාවක් කලත්, ඔබ දෙදෙනා මේ රටේ කලාවට සිදුකළ විශිෂ්ඨ සේවය, කරපු නිර්මාණ වලට අපේ හිතේ ඇති ආදරයට පුංචි පලුද්දක්වත් කරන්න බෑ. ඔබ දෙපල අපට කර ඇති මේ චෝදනාව පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර , සිදුවුනදේ නැවත මතක් කළේ ඔබතුමන්ලා වැරදී යැයි කියලා චෝදනා කරන්න හෙම නෙවෙයි, සිදුවී ඇති දේ ගැන කරුණු කාරණා කෙලින්ම ඉදිරිපත් කරන්නයි.

ඒ මොනදේ උනත් අපි ඔබතුමන්ලාට හදවතින්ම ආදරෙයි… එකේ වෙනසක් නෑ.

භාතිය-සන්තුෂ්.

SendShareShare
Previous Post

‘මටවත් නොකියා හිතුණු හිතුණු විදිහට එන්නත දෙනවා’: සෞඛ්‍ය ලොක්කෝ සුදර්ශනීටත් ඉහළින් ගිහින්

Next Post

ගෝඨ‌ා මෝදිට ලියුමක් යවයි

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.