මුලින් ලබා දී තිබූ අංකයකට සහ වේලාවකට අනුව කොරෝනා එන්නත විද ගැනීමට ජනතාව පැමිණ සිටියද පිටින් පැමිණි ප්‍රභූන් පිරිසක් එන්නත විදගෙන යාම හේතුවෙන් මාළිගාවත්ත ප්‍රදේශයේ කිසියම් උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇත.
ජනතාව මෙහිදී පෙන්වා දුන්නේ පැය ගණන් තමන් පෝලිම්වල රස්තියාදු වුවද එන්නත ලබා නොදුන් බවත්, පිටින් පැමිණි ප්‍රභූ පුද්ගලයන්ට එන්නත ලබා දීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත්ය.










