• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිම්සානි වෙනුවෙන් සමගි වනිතා බලවේගය පෙරට එයි

February 20, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
බිම්සානි වෙනුවෙන් සමගි වනිතා බලවේගය පෙරට එයි
Share on WhatsAppShare on Facebook

නියෝජ්‍ය පොලිස්පති බිම්සානි ජයසිංහආරච්චි මහත්මියගේ පත්වීමට එරෙහිව උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අධිකරණය හමුවට යෑම බමුණු වැඩවසම් සමාජ චින්තනයේ වර්තමාන පිළිබිඹුවක් බවත්, එම ක්‍රියාව තරයේ හෙළා දකින බවත් සමගි වනිතා බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

ස්ත්‍රී – පුරුෂ සමාජභාවය පිළිබඳව මුළු මහත් ලෝකයම වඩාත් ධනාත්මක ස්ථාවරයක සිට කටයුතු කරන මොහොතක ශ්‍රී ලංකා පොලිසියේ ඇතැම් නිලධාරීන් පිරිසක් පසුගාමී ගෝත්‍රික සමාජයක මතවාදයක් දක්වා පහතට වැටීම පිළිබඳව අපගේ දැඩි කනස්සල්ල පළ කරමු. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට කාන්තාවකට නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා පැමිණීමට ලැබුණු අවස්ථාවට අප විසින් සැලකිය යුත්තේ පූර්වාදර්ශයක් නොව පරමාදර්ශයක් සැපයූ අවස්ථාවක් ලෙසයි. නියෝජ්‍ය පොලිස්පති, බිම්ශානි ජයසිංහආරච්චි මහත්මියගේ පත්වීමට එරෙහිව උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අධිකරණය හමුවට යෑම බමුණු වැඩවසම් සමාජ චින්තනයේ වර්තමාන පිළිබිඹුව බව කනගාටුවෙන් වුවත් සඳහන් කරමු.

කාන්තාව පිළිබඳව උත්තරීතර මඟ පෙන්වීම සිදුකළ බුදුරජාණන් වහන්සේ විටෙක සඳහන් කළේ කාන්තාව පිරිමියෙකුට නොදෙවැනිව ක්‍රියාකිරීමට හැකියාව ඇති බවයි. එවැනි උදාර මඟපෙන්වීම්වලට අනුගතව ක්‍රියා කරන සමාජය තුළ ‘ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් සුරකියි’ යන්න උධෘතය තේමා පාඨය කරගත් ශ්‍රී ලංකා පොලිසියේ කොටසකගේ මෙම හැසිරීම අතීතය විසින් අප රට පෙන්වාදී ඇති පූර්වාදර්ශ පවා නොසළකා හැරීමකි.

ලොව ප්‍රථම අගමැතිනිය බිහිවූයේ ශ්‍රී ලංකාවෙනි. ඉතිහාසය පුරා අපේ රාජාවලියේ රට පාලනය කළ රැජනියන් පිළිබඳව මහාවංශයේද සඳහන් වේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තුළ ජනාධිපතිවරියක් ශ්‍රී ලංකාවෙන් බිහි කිරීමට අප සමත් වීමු. නිදහස් පාර්ලිමේන්තුවේ සිට ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රිවරියන්, ඇමැතිවරියන් ලෙස විශාල පිරිසක් කටයුතු කොට තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රමුඛ කුළුණක් වන අධිකරණය තුළ අග්‍රවිනිශ්චයකාරිය පත්කිරීමට ශ්‍රී ලංකාවේ අපට හැකියාව ලැබුණි.

අමාත්‍යාංශ ලේකම්වරියන්, විශ්වවිiාල උප කුලපතිවරියන්, බැංකු සේවයේ සභාපතිවරියන්, ප්‍රධාන විධායක නිලධාරිවරියන්, රේගුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව වැනි වගකිව යුතු ස්ථානවල ප්‍රධාන නිලධාරිනියන් ලෙස කාන්තාව කටයුතු කිරීමේ ගෞරවණීය පසුබිමක් අප සතුව තිබේ.

නීතිමය අවකාශයක කුඩා හිඩැසක් තුළින් රිංගා යමින් බිම්ශානි ජයසිංහ ආරච්චි මහත්මියට එරෙහිව අධිකරණය තුළ ගොනුකළ පෙත්සම අප දකිනුයේ මෙම ඉතිහාසයට සරදම් කිරීමක් ලෙසයි. සිදුකළ යුත්තේ ඇයගේ පත්වීමට බාධකයක් ඇත්නම් එය ඉවත් කිරීම මිස එය භාවිත කොට එතුමිය තනතුරින් ඉවත් කිරීම නොවන බව සමඟි වනිතා බලවේගය වන අපි අවධාරණය කරමු.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
ජාතික සංවිධායක
සමගි වනිතා බලවේගය

SendShareShare
Previous Post

රන්ජන්ගේ නම ගලවයි: අලුත් නම N 12516: වැසිකිළි හෝදන්නත් දාලා: ඉන්නෙ ජුලම්පිටියෙ අමරෙලාත් එක්ක EXCLUSIVE

Next Post

අරුන්දික අනතුරක

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.