අද (19) දින පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයට ගොස් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යේෂ්ඨ කාරක සංඝ සභික කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමි බැහැදැක සුවදුක් විමසා ආශිර්වාද ලබා ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විහාරස්ථානයේ සංවර්ධන කාර්‍යයන් සම්බන්ධවද විමසා බලන ලදි.
විහාරස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමට අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දුන්නේ “පිස්සු” යනුවෙනි.
පෙරේදා දින බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සියල්ල යළි ලංකාවට ලබා ගන්නා බවත්, ඉන්දියාව පවා ඊට එකගත්වය පළ කොට ඇති බවත්ය.










