• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටි කටට ගිහින් රත්වත්තේව කරේ තියන් ආ සුපිරි වීරයා අනිල්ට STF මහපුටුවට බාර වෙයිද?

February 13, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
කොටි කටට ගිහින් රත්වත්තේව කරේ තියන් ආ සුපිරි වීරයා අනිල්ට STF මහපුටුවට බාර වෙයිද?
Share on WhatsAppShare on Facebook

මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ අභ්‍යන්තරයේ ලොකු අර්බුදයක්ද පැන නැගී ඇත්තේ එහි ඉහළ නිලධාරීන් අතර යම් පිල් බෙදීමක් හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට විවිධ අවස්ථාවන්වලදී පෙත්සම් කිහිපයක්ද ලැබී තිබී ඇත. ඒ ගැන සොයා බැලීමේ කටයුත්ත පොලිස්පතිවරයා විසින් පවරා ඇත්තේ බුද්ධි අංශයටය.

පවුල ඇතුළෙන්ම පෙස්සමක්

ඒ නිලධාරීන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් සමීප ආවේක්ෂණ පවා සිදුකරන ලෙසට උපදෙස් දෙමිනි. ඒ විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙකුගේ පවුලෙන්ම ඔහු සම්බන්ධයෙන් යම් පැමිණීල්ලක් ලැබී තිබීම හේතුවෙනි. එම බුද්ධි විමර්ශන මේ වන විට හමාරය. ඒ අනුව ඉදිරියේදී විශේෂ කාර්ය බළකායේ සේවයේ නිරත ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුටම ස්ථාන මාරුවීම්ද ක්‍රීයාත්මක වනු ඇත. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නිර්දේශ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතද යොමුකර හමාරය.

පොලිස් පුටු රැසක් හෙල්ලෙයි

පොලිස් අභ්‍යන්තර තොරතුරු මගින් දැනගන්නට ඇති ආකාරයට එම නිලධාරීන් අතර විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරද සිටී. සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව ඉතා කෙටි කාලයක් තුළ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස උසස්වීම් ලබා පොලිස් විශේෂ කාර්ය බළකායේ ලොකු පුටුවේ අසුන් ගත් ළාබාලතම නිලධාරියා වන්නේ ඔහුය. පොලිස්පති පුටුවේ පවා අසුන් ගැනීමට සුදුසුකම් ලබා සිටින ඔහුට මේ ස්ථාන මාරුවීම කැරකැවෙන්නේ අභ්‍යන්තර ආරවුලක් මුල්කරගෙන මිස ඔහු විනය විරෝධි හෝ වෙනත් දූෂිත ක්‍රියාවක් සිදු කිරීම හේතුවෙන් නොවන බව පැහැදිලිය. ඔහු වෙනුවට විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියා ලෙස පත්කිරීමට මේ වන විට නිලධාරීන් කිහිප දෙනෙකුගේම නම් ඉදිරිපත් වී ඇත. ඒ අය අතරින් ඉදිරියෙන්ම සිටින්නේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටින අනිල් ප්‍රියන්තගේ නමය.

කොටි කටට ගිය ගමන

පොලිස් විශේෂ කාර්ය බළකායේ කාලයක් සේවය කර ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයන්ට පවා ලක්ව සිටින මේ නිලධාරියා ඉතිහාසයේ ලියැවී ඇති චරිතයකි. ඒ චන්ද්‍රිකා ආණ්ඩුව පැවැති සමයේදී එවකට සිටි රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා වූ ජනරාල් අනුරුද්ධ රත්වත්තේ ඇතුළු ආරක්ෂක අංශයේ උසස් නිලධාරීන් පිරිසක් ගමන් ගත් හෙළිකොප්ටරයක් කාර්මික දෝෂයකින් එල්.ටී.ටී.ඊ.යේ පැවැති ප්‍රදේශයකට ගොඩබැස්සවීමකින් පසු ඒ සියලු දෙනා නිරුපද්‍රිතව එකල රජයේ පාලනයේ පැවැති ප්‍රදේශයකට රැගෙන ඒමට ක්‍රියා කළ නිලධාරීන් අතර අනිල් ප්‍රියන්තද සිටි බැවිනි.

එකල ඔහු අනුරුද්ධ රත්වත්තේ ඇමතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාය. හෙලිකොප්ටරයට ගිනි තබා විනාශකර අනුරුද්ධ රත්වත්තේව මහා වනාන්තය මැදින් ඔහු රැගෙන එන්නේ සිය කර මත තබාගෙනය. යුද්ධයට සක්‍රීය දායකත්වයක් දැක්වූ නිලධාරියෙක් වන අනිල් ප්‍රියන්තගේ දෑතේ අදටත් බෝම්බවලින් සිදුවූ තුවාල දක්නට ලැබේ. ඔහුගේ අතේ අදටත් සමට යටින් ඇත්තේ වැලි කැටය. ඒ බියකරු යුද්ධය විසින් ඔහුට ඉතිරිකර දී ඇති සම්පත්ය.

අනිල් ප්‍රියන්ත ඉදිරියෙන් සිටියත් ඔහු තවත් තරගකරුවන් කිහිප දෙනෙක්ම විශේෂ කාර්ය බළකායේ ලොකු පුටුවට යාමට සූදානමින් නැත්තේම නැත. එසේම වරුණ ජයසුන්දරව තවදුරටත් එම පුටුවේම තබා ගැනීමට සටන් කරන පිරිසක්ද නැතුවාම නොවේ. පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රතිසංවිධානය කිරීමට පොලිස්පතිවරයා විසින් කමිටුවක්ද පත්කර ඇත්තේ මෙවන් තත්වයක් හමුවේය. එම කමිටුවේ සභාපතීත්වය දරන්නේ දකුණු පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වාය. විශේෂ කාර්ය බළකායේ ආරම්භක සාමාජිකයෙක් වූ ඔහු මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ සමයේදී ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙසද සේවය කළේය. ඊට පෙර ඔහු සේවයේ නිරතවූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේය.

එස්.ටී.එෆ්. එකේ ලොකු වෙනසක්

විශේෂ කාර්ය බළකායේ කාලයක් සේවයේ නිරතව සිටි නියෝජ්‍ය පොලිස්පති ආයාස කරුණාරත්න , කාන්තා ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රේණුකා ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ඇතුළු පිරිසක්ම මේ කමිටුව නියෝජනය කරති. ඔවුන් විශේෂ කාර්ය බළකායේ හිටපු සේනාවිධායකවරුන් , විශේෂ කාර්ය බළකායේ කීර්තිමත් සේවා කාලයකින් පසු විශ්‍රාම ගිය පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ සේවය කර සාමාන්‍ය පොලිස් රාජකාරියේ දැන් නිරතව සිටින නිලධාරීන් බොහෝ දෙනෙකුගෙන්ද අදහස් මේ වන විටත් විමසා අවසන්ය. ඒ අනුව විශේෂ කාර්ය බළකායේ ලොකු වෙනසකට මුල පුරන යෝජනා ගොන්නක්ම මේ අය විසින් පොලිස්පතිවරයා අතට පත්කරනු ඇත. එම නිර්දේශ එකින් එක ක්‍රියාත්මක වන විට විශේෂ කාර්ය බළකායේ අද ඇතිවී තිබෙන බල පොර තරග අනාගතයේ මතු නොවීමට ඇති ඉඩකඩ බොහෝය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

වැලන්ටයින්ද? කොරොන්ටයින්ද?

Next Post

මැණික් ගඟට සුද්දයක්

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper