ප්‍රවීණ වේදිකා සහ ටෙලිනාට්‍ය ශිල්පියකු වන ජයලාල් රෝහණ අද (11) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
මිය යන විට 56 වැනි වියේ සිටි ඔහු රංගන ශිල්පියකු, නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු, ගුවන් විදුලි පිටපත් රචකයකු, ගුරුවරයකු, ලේඛකයකු මෙන්ම වේශ නිරූපන ශිල්පියකු ලෙසින්ද කටයුතු කර තිබේ.
වේදිකා නාට්‍යවල රංගාලෝකය සහ අංග රචනය පිළිබඳ විධිමත් කෘතියක් රචනා කළ පළමු වැන්නා ඔහු බවද සැලකේ.
ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ආරාධිත කතිකාචාර්යවරයකු ලෙසද, පාසල් විෂය ධාරාව සඳහා නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයකු ලෙසද සේවය කළේය. ඔහු ශාත්ත්‍රපති උපාදිය ලැබුවේ සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව යන විශයන් සම්බන්ධයෙනි.
ඉසුරු යෝගය ටෙලි නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් වසර 2006 වසරේදී හොඳම නළුවා සම්මානයෙන්ද ජයලාල් රෝහණ පිදුම් ලැබීය.
‘ගොන්ඩෝලා’ වේදිකා නාට්‍යය නිර්මාණය කරනු ලැබුවේද ඔහු විසිනි. ඔහු දෙස් විදෙස් ආයතනවල ආරාධිත දේශකයකුද වූයේය.










