ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරු අද (11) දින පළමු වතාවට මාධ්‍ය හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
අද දහවල් 1ට මෙම මාධ්‍ය සාකච්ජාව අපේ ගම පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතය.
මෙම මාධ්‍ය සාකච්ජාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදී පාර්ලිමේන්තුවට පත් වුණු නවක තරුණ මන්ත්‍රීවරු සහභාගී වීමට නියමිතය.
විමල් වීරවංශ මහතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් අනතුරුව මෙම හමුව පැවැත්වීම විශේෂ සිදුවීමකි.










