• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පානදුර ඝාතනයේ මහමොළකරුට කෝල් කරපු දේශපාලකයා කව්ද? අන්තිම මොහොතේ ලක්ෂ 50ක් ගියේ කාගේ සාක්කුවටද?

February 11, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මහමොළකරු සලිදු: හැංගිලා හිටියේ ජේලර්ගේ ගෙදර: මහදවාලේ පානදුරේ කළ ඝාතනයේ සියල්ල එළියට CID SPECIAL
Share on WhatsAppShare on Facebook

පානදුරෙදී ධීවර කාර්මිකයෙක් ඝාතනය කරමින් හිස ඔසවන ලද පාතාලයේ අලුත්ම සෙල්ලම වී ඇත්තේ පොලීසිය ඇන්දවීමය. ඒ එම ඝාතනයේ සැලසුම්කරුවන්ම පොලිස් ඔත්තුකරුවන් වෙමින් පොලිස් විමර්ශන වෙන පැතිවලට යොමුකරවීමය. ධීවර කාර්මිකයාට වෙඩි තැබු අවිය බව කියමින් පානදුරේ සුසාන භූමියකින් සොයා ගන්නා අවිය ගැන පවා මේ වන විට සැකයක් ගොඩ නැගී ඇත්තේ එය සැබෑ අවියමදැයි කියාය.

ඒ එම අවිය පොලීසියට ලද ඹත්තුවකට අනුව සොයා ගැනීමට පෙර දිනයේදී ඩුබායිහී රැඳී සිටින පාතාල අපරාධකරුවන් ගිනි අවිය සුසාන භූමියකින් හමුවන බව දැන සිටි බැවිනි. එසේම වෙඩික්කරුවන් ගමන් ගත්තේ යැයි කියන යතුරු පැදියද පොලිසියට ලද ඔත්තුවකට අනුව බොල්ගොඩ ගඟෙන් ගොඩගත්තේය. හැබැයි එම යතුරු පැදිය ගඟේ ගිල්වා තිබෙන්නේ කොටස් අඩුවෙනි. එහි ඉන්ධන ටැංකිය පවා අතුරුදන්ය. එංජින් අංකය සහ චැසි අංකය තිබෙන්නේ මකා දමාය. විමර්ශනවලින් හෙළිවන්නේ එම යතුරු පැදිය පානදුරෙන් සොරාගත්තක් බවකි. ඒ බව අනාවරණය වන්නේ යතුරුපැදියේ හිමිකරු එහි අලවා තිබුණු ස්ටිකරයකින් එය තමාගේ බව හදුනා ගැනීම නිසාය.

මෙසේ යතුරු පැදිය ගිල්වා ඇති ස්ථානයත් සුසාන භුමියේ දමාගොස් තිබුණු ගිනි අවියත් ගැන ඔත්තුව ලැබී ඇත්තේ පොලිස් ලොක්කෙකුටය. ඒ අනුව එම ගිනි අවිය සොයා ගන්නේත් යතුරු පැදිය ගොඩගැනීමේ මෙහෙයුම දියත් කරන්නේත් ගල්කිස්ස පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි. ඒ පානදුර පොලීසියෙන් ඝාතකයන් හඹායමින් විමර්ශන පවත්වමින් සිටියදීය. ඒත් එක්කම පොලිස් භාරයේ සිටි මෙම ඝාතන සැලසුමේ මහ මොළකරු බව හඳුනා ගෙන සිටි පානදුරේ කුඩු සලිදුගේ සමීපතමයින් දෙදෙනක් පවා මුදා හැරීමට පොලීසිය කටයුතු කොට ඇති බව වාර්තා වේ.

කුඩු සලිදු මෙම ඝාතනය කරවූයේ ඇයිදැයි පැහැදිලි නැතත් ඒ පිටුපස ඇත්තේ පොලීසියට ලබාදුන් මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් වූ ඔත්තුවක් බවට වූ සැකයක්ද පවතී. එසේම කුඩු සලිදුගේ බිරිඳ සමග ඇති හිතවත්කමක්ද මෙම ඝාතනයට මුල්වූ බවට පොලීසිය සැකකරයි. කෙසේ වෙතත් කුඩු සලිදු මෙම ඝාතන කොන්ත්‍රාත්තුව භාරදෙන්නේ බන්ධනාගාරගතව සිටින ඔහුගේ සමීපතමයෙකුටය. වෙඩික්කරුවන් මෙන්ම යතුරුපැදිකරු එම ඝාතනයට යොදවන්නේ ඔහුය. පොලීසිය ගිනි අවි සොයා ගන්නා විටත් යතුරු පැදිය ගොඩ ගන්නා විටත් එම බන්ධනාගාර රැඳවූවා රූපවාහිනී තිරයෙන් ඒවා දකිමින් සිනා සෙන්නේ පස්සා පැත්තෙනි. ඒ ඔහු ඇත්ත නැත්ත දැන සිටින්නෙක් බැවිනි. පොලීසිය ඇන්දවීම පිටුපස සිටින්නේ යැයි කියැවෙන්නේ මතුගම පැත්තේ රජකරන පාතාල අපරාධකරුවෙකි. දේශපාලන සම්බන්ධකම් නොඅඩුවම ඇති මෙම පාතාල අපරාධකරුට පසුගිය ආණ්ඩු කිහිපයකම ප්‍රබල ඇමතිධුර දැරූවෙක් තනතුරක් පවා ලබාදී තිබුණේය. එම දේශපාලනඥයාට ඔහු ගහට පොත්ත බදුය. එම පාතාල අපරාධකරු සහ කුඩු සලිදු අතර ඇත්තේද කිට්ටු සම්බන්ධයකි. මොවුන් දෙදෙනා දැන හඳුනාගන්නේ හිරගෙදරදීය. ධීවර කාර්මිකයාව ඝාතනය කිරීමේ සැලසුම ඔහු දියත් කරන්නේද මතුගම පාතාල අපරාධකරුගේ උපදෙස් ඇතිවය. එදා කුඩු සලිදු රැඳී සිටින්නේද එම පාතාල අපරාධකරුට අයත් මතුගම පිහිටි වත්තකය. සලිදු රඟදක්වන්නේ ඔහු රටින් පැනගොස් සිටින බවකි. වරෙක ඔහු පෙන්වන්නේ ඉන්දියාවේ සිටින බවකි. තවත් වරෙක ඔහු පෙනී සිටින්නේ ඩුබායි හී රැඳී සිටින බවටය. ඒ දුරකතන ඇප් එකක් මගින් කරන තාක්ෂණික සෙල්ලමක් හරහාය.

මතුගම පාතාලයේ ලොක්කාට ප්‍රංශයේ රැඳී සිටින ගොනා කෝවිලේ අංජු සමග ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති පොලිස් ලොක්කෙක් සිටියි. අංජුගේ ප්‍රතිවාදියා වූ රොහා පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්වන්නේත් අංජු ලබාදුන් තොරතුරකට අනුව රොහා කොටුවීමෙන් පසුව බව පොලීසිය ඇතුළේ ප්‍රසිද්ධ රහසකි. සුසාන භුමියෙන් ගිනි අවි හමුවන්නටත් බොල්ගොඩ ගඟෙන් යතුරුපැදිය ගොඩ ගන්නටත් ඔත්තුව පොලීසියට ලැබෙන්නේ යැයි කියැවෙන්නේ ඒ ඔස්සේය. එහි ඇත්ත නැත්ත දන්නේ ඒ අය පමණි. ඒ බව යමෙකුට සහතික කර ගැනීමට අවශ්‍ය නම් එම නිලධාරීන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කළහොත් බොහෝ දේවල් හෙළිකර ගැනීමට හැකිවනු ඇත. ඊට අමතරව කුඩු සලිදුද ඕස්ටේ්‍රලියානු අංකයකින් පොලිස් ලොක්කන් කිහිප දෙනෙකුටම පසුගිය දින කිහිපය තුළ ඇමතුම් ලබාදී තිබුණේය. ඒ වෙඩික්කරු සහ යතුරුපැදිකරු පොලීසියට භාරදෙන්නට සූදානම් බව කියමිනි. ඔහු එසේ ඇමතුම් දෙමින් පොලීසියට භාරදෙන්නට සූදානම් වූයේ සැබෑ වෙඩික්කරු හෝ යතුරුපැදිකරු නොවේ. වෙනත් දෙදෙනෙකි. ඒ බව ඉව වැටී තිබුණු නිසාදෝ පොලීසිය ඔහුගෙන් සැබෑ අපරාධකරුවන් දෙදෙනාව ඉල්ලා සිටියේ ඔවුන්ගේ නම්ද කියමිනි.

එතැන් සිට කුඩු සලිදු මෙම පොලිස් ලොක්කන්ට ඇමතුම් දෙන්නේ නැත. ඒ එම නිලධාරීන්ට වඩා ඉහළින් සිටි නිලධාරියා ඇන්දවූ අයුරින් මෙම නිලධාරීන් ඇන්දවීමට නොහැකි බව දැනගෙනය. ධීවර කාර්මිකයාව සලිදුගේ ගොදුර බවට පත්කරලීමට වෙඩික්කරු වෙත රැගෙන යන්නේ චතුරංග නැමැති සලිදුගේ ගෝලයෙකි. පොලීසිය ඔහුවත් අත්අඩංගුවට ගත්තේය. ඔහුගේ ජංගම දුරකතන අංකය මෙන්ම සලිදු භාවිතා කළ මෙරට ජංගම දුරකතන අංකය පරීක්ෂාවකට ලක්වන්නේ ඒ ඔස්සේ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමේ අපේක්ෂාවෙනි. පානදුරේ මත්කුඩු ජාලයේ එතෙක් පොලීසියට හෙළි නොවූ වැදගත් තොරතුරු ගොන්නක්ම ඒත් එක්කම හෙළිවන්නට ගත්තේය. එසේම එම දුරකථන දෙකට ප්‍රබල දේශපාලනඥයෙකු භාවිතා කරන දුරකතනයකින්ද ඇමතුම් ලැබීමක් ගැන මෙන්ම ඇමතුම් ලබාගැනීමක් ගැනද තොරතුරු අනාවරණය වන්නට ගත්තේය. පොලීස් විමර්ශකයන් ඒ ගැන වැඩි යමක් සොයන්නට ගියේ නැත. ඒ ඔහු ප්‍රබල චරිතයක් වන බැවින් දේශපාලන උදහසට හසුනොවී සිටින්නටය.

ධීවර කාර්මිකයාට වෙඩි තැබූ වෙඩික්කරුට සහ යතුරු පැදිකරුට දින කිහිපයක්ම නවාතැන් ලැබෙන්නේ විශ්‍රාමික බන්ධනාගාර ජේලර්වරයෙකුගේ පානදුරේ පිහිටි නිවසකදීය. එම නිවසද විමර්ශන ඔස්සේ පානදුර පොලීසියේ නිලධාරීන් සොයා ගත්තේය. එහි ජීවත් වූයේ ජේලර්වරයාගේ නිවුන් පුතෙකි. ඔහු මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙකි. ජේලර්වරයා ඒ වන විට පදිංචිව සිටියේ ගාල්ලේය. ධිවර කාර්මිකයාට වෙඩි තැබීමත් සමග සලිදුගෙන් මෙම ජේලර්වරයාගේ පුතාට උපදෙස් ලැබෙන්නේ දින කිහිපයක් සැඟවී සිටින ලෙසටය. ඒ අතර සලිදුගේ කුඩු රැස් කිරීමේ වගකීමද පැවරෙන්නේ ඔහුටය. සැඟවෙන්නට පෙර සලිදුගේ කුඩු සල්ලි ලක්ෂ 40ක් ඔහු එකතුකර ගත්තේය. ඒ සිල්ලර මත්කුඩු ජාවාරම්කරුවන්ගෙනි. අනතුරුව ඔහු එම මුදල්ද රැගෙන සැඟවෙන්නේ ගාල්ලේ සිය පියා පදිංචිව සිටි නිවසේය. ජේලර් පුතා සතුව තිබුණු මුදල ලක්ෂ 50ක් කර ගන්නට සලිදුට අවශ්‍ය විය. ඒ සදහා ඔහු ලක්ෂ 10ක මුදලක් බැර කරන්නේ ජේලර්වරයාගේ බැංකු ගිණුමකටය. එම ලක්ෂ 10 පියාව බැංකුවට රැගෙන ගොස් ලබාගන්නා ජේලර්වරයාගේ පුතා එම මුදලද රැගෙන කොළඹට එන්නේ සලිදුගේ උපදෙස් මතය. කොළඹ චයිනා වීදියේදී එම මුදල ත්‍රී රෝද රථයකින් පැමිණි අයෙක් අතට පත්කරන්නේද සලිදුගේ උපදෙසිනි. ඒ කනත්තෙන් ගිනි අවිය හමුවන්නට පෙර දිනයේදීය. මේ මුදල ගියේ කා අතටදැයි සැක සංකා ගොන්නකි. සැබෑ තත්වය හෙළිකර ගැනීමට හැකියාව ඇත්තේ කුඩු සලිදු කොටු කර ගැනීමෙන් පමණි. කුඩු සලිදු අත්අඩංගුවට ගැනීමට බාධාවන් එල්ලනොවන්නේ නම් අනිවාර්යෙන්ම පොලීසිය ඔහුව අත්අඩංගුවට ගනු නියතය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

සිය ගාණක් අනාථ කරපු පෝලන්ත රස්සා මගඩිය

Next Post

සිංහල මාධ්‍ය ගැන අමෙරිකානු තානාපතිනිය කනස්සල්ලෙන්

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.