• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා ජැටි දුන්නෙ මෙහෙමයි: අද ජැටි දෙන්න යන්නෙ මෙහෙමයි: වරායෙ කතාව කියවලම බලන්න

February 10, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
එදා ජැටි දුන්නෙ මෙහෙමයි: අද ජැටි දෙන්න යන්නෙ මෙහෙමයි: වරායෙ කතාව කියවලම බලන්න
Share on WhatsAppShare on Facebook

ඉංග්‍රීසි පරදේශක්කාර යුගයේද විදෙස් රටවලින් නැව් නැඟ කොළොම්තොට තොටුපොළට සේන්දුවන සුදු නැවියෝ, පිටකොටුවේ ‘කාන්’ ඔරලෝසු කණුව අසල වූ තොටුපොළ දොරකඩින් රට තුළට පිවිසෙන ආකාරය ගැන අපූරු වගතුගක් ලියා සිටින්නේ අපගේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයෝය. සුදු ජාතික නැවියෝ මහමඟට පිවිසෙත්ම එතැන අසල වූ උඩුමහල් කිහිපයක වූ සුදු ජාතික අභිසරුලියන් නැවියන්ට සිනහව මුසු මුහුණින්, අත් වනමින් කතා කරන ආකාරය ගැන මහගත්කරුවාණන් වර්ණනය කර ඇත්තේ තමන්ගේ ජීවන වගතුග ලියා තැබූ ‘උපන්දා සිට’ ග්‍රන්ථයේය.

එකල සිටි අභිසරුලියන් පවා විදෙස් රටවලින් මෙරටට පැමිණි සුදු ජාතික සුරූපී තරුණියන් බැව් මෙම කතාව මඟින් පසක්කර සිටියි. මහගත්කරුවාණන් තමන්ගේ ‘උපන්දා සිට’ ග්‍රන්ථයේ තවත් තැනක සඳහන් කර ඇත්තේ ජපනුන් කොළොම්තොට තොටුපොළට බෝම්බ හෙලූ ආකාරය ගැනය. එදා කොළොම්තොට තොටුපොළ තුළින් මතු වූ සුදු නැවියන්ගේත්, සුදු අභිසරුලියන්ගේත් එවැනි සත්‍ය කතාන්දර රසබර පීඨිකාවකට අප රැගෙන යයි. මහගත්කරුවාණන් එදා මේ කතාන්දර ලියා තැබුවේ, තමන් ‘ලේක්හවුසියේ’ මහ පත්තරකාරයකු ලෙස සේවය කරන සමයේදීය. එදා මෙදා තුර ඔහු පරයන කිසිදු පත්තරකාරයකු හෝ නවකතාකාරයකු හෝ බිහි නොවීය. කෙසේ හෝ ‘කොළොම්තොට තොටුපොළ’ නොහොත් ‘කොළොම්තොට වරාය’ ගැන කියැවෙන විවිධ කතා රාශියක්ම කලින් කලට අපට අසන්නට ලැබී ඇත. කොළොම්තොට වරාය ගැන ඇසෙන විවිධ අපූරු කතාන්දරවල ඉතිහාසය දිව යන්නේද කෝට්ටේ රජ සමය වැනි ඉතා ඈත අතීතයක් දක්වාය. එසේම කොළොම්තොට වරාය ගැන නිමාවුණු විවිධ කාව්‍යයන්ද, ගීතයන්ද බොහෝ වූ අතර, ඒවා සැබැවින්ම අති මිහිරි රසාලිප්ත ඒවා විය.

ඒ එකලය, එහෙත් අද ‘කොළොම්තොට වරාය’ නොහොත් ‘කොළඹ වරාය’ ගැන අසන්නට ලැබෙන කතා කිසිවක් රසබර, මිහිරි ඒවා නොවේ. මේ දිනවල දිගට, හරහට ඇසෙන එම කතා අතිශය අමිහිරි, ජුගුප්සාජනක ඒවා වෙයි. විටෙක ඒවා අතිශය උද්වේගකරය. එසේම එම කතා ඇසෙන විට අපට ‘කොළොම්තොට තොටමුණ’ ගැන ඇතිවන්නේ අප හදවත් කඩාවැටෙන මහා සංවේදනාවකි. කෙටියෙන් කිවහොත් අද ‘කොළොම්තොට වරාය’ නොහොත් ‘කොළඹ වරාය’ ගැන ඇති වී තිබෙන්නේ ඛේදජනක, කර්කශ වූ මහා ඝට්ටනයකි. ඒ නිසාම දැන් ඉදිරියට වර්ණනය කිරීමෙන් බැහැරවී මෙම කතාන්දරය ‘කොළඹ වරාය’ යන හිසින්ම ලියා තබමි.

කෝට්ටේ රජ සමය දක්වා ඉතා පැහැදිලි ඉතිහාසයක් ඇති කොළඹ වරාය ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම වරාය වෙයි. පෘතුගීසී, ඕලන්ද සහ ඉංග්‍රීසි ජාතික යටත්විජිත යුගයේදීද සියලු නාවික සහ වෙළෙඳ කටයුතු සඳහා භාවිත කළ කොළඹ වරාය යනු දකුණු ආසියාවේ ඇති විශාලතම කෘත්‍රිම වරායද වෙයි. කෙසේ හෝ එකල 1948දී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව, ශ්‍රී ලංකා රජය යටතට මෙම වරායේ පූර්ණ පාලනය හිමි විය. වර්ග කිලෝ මීටර් 4.8ක් නොහොත් අක්කර 1,200ක් සුවිශාලවූ භූමියක් පුරා මෙම කොළඹ වරාය පිහිටුවා ඇති අතර, ලෝකයේ කාර්යබහුල සහ විශාලතම වරායන් අතරින් 25 වැනි ස්ථානයෙහි පිහිටා තිබෙයි. කොළඹ වරායෙහි අනෙක් විශේෂත්වය වන්නේ මීටර් 15ක් නොහොත් අඩි 49ක ජලාශ ගැඹුරක් සතුව තිබීමය. මෙම වරාය මඟින් වසරකට ටොන් මිලියන 81ක භාණ්ඩ හුවමාරුවක් දවසේ පැය 24 පුරාම සිදුකෙරෙයි. වසරක් තුළදී හුවමාරු කෙරෙන බහාලුම් නොහොත් කන්ටේනර් ප්‍රමාණය පමණක් මිලියන 7ක් වෙයි. කොළඹ වරාය යනු බොහෝ විට මගීන් පැමිණෙන වරායක් නොවන අතර, බහුතර කටයුතු සිදුකෙරෙන්නේ, බඩු භාණ්ඩ ප්‍රවාහනය උදෙසාය. බොහෝ අල්ප අවස්ථාවන්වලදී පමණක් නැව් මඟින් සංචාරකයන් පැමිණීම සිදුවෙයි.

වර්තමානයේදී කොළඹ වරායේ ඇතිවී තිබෙන අර්බුදය ගැන විවිධ කතාන්දර රාශියක්ම විවිධ මාධ්‍ය හරහා අසන්නට ලැබෙයි. මෙහිදී පසුගියදා නිරන්තරයෙන්ම අසන්නට ලැබුණු වදනක් වූයේ, ‘නැඟෙනහිර පර්යන්තය’ හෝ ‘නැඟෙනහිර ජැටිය’ යන්නය. මෙහිදී ‘පර්යන්තය’ හා ‘ජැටිය’ යන වචන දෙකම එක සමාන අර්ථයක් ගෙන දෙන්නේද? විවිධ මාධ්‍යවලින් මෙය විවිධ අර්ථකථනයන් හරහා හඳුන්වන හෙයින් යම් විටෙක එය ව්‍යාකූල තත්ත්වයකට පත්වෙයි. ලෝක වරාය භාෂා සංස්කෘතියට අනුව මෙය සැබෑ ලෙස නම් කළ යුත්තේ ‘ජැටිය’ නොහොත් Jetty යන ඉංග්‍රීසි වදනකි. මෙය ප්‍රංශ භාෂාවෙන් බිඳී පැමිණි වදනක් වන අතර, එයින් අර්ථවත් වන්නේ ගොඩබිමත්, ජලාශයත් එකට එකතු කරන බිම්කඩක් යන්නය. එනම් නැව් හෝ බෝට්ටු හෝ වෙනත් ජලජ යාත්‍රා නවත්වා තබන ස්ථානයක් ලෙසය. ‘ජැටිය’ ඇත්තේ මුහුද ආශ්‍රිතව පමණක් නොව, ගංගා සහ වෙනත් විශාල ජලාශයන් ආශ්‍රිතවද ‘ජැටි’ පිහිටා ඇත. පසුගියදා කොළඹ වරාය ආශ්‍රිත වගතුගේදී භාවිත වුණු පර්යන්තය යන්න මෙම ‘ජැටිය’ වෙයි. ‘පර්යන්තය’ යන්නෙහි ඉංග්‍රීසි වදන Terminal නොහොත් ‘ටර්මිනල්’ යන්නය.

‘ජැටිය’ (Jetty) තවත් ආකාරයකින් හඳුන්වන ඉංග්‍රීසි වදන් දෙකක් වන්නේ ‘පියර්’ (Pier) සහ ‘ක්වායි’ (Quay) යන්නය. එම වචන දෙකමද ලෝක වරායන් ආශ්‍රිතව බහුලව භාවිත වෙයි. එහෙත් කොළඹ වරායේ පසුගියදා කතාන්දරවලදී එම වදන් ගැන අපට අසන්නට නොලැබිණි. එනම් කොළඹ වරායේ අර්බුදය මතු කළ මෙම ‘ජැටි හෝ පර්යන්ත’ යන්න කුමක් දැයි සොයා බලමු. කොළඹ වරාය සතුව ප්‍රධාන ‘ජැටි’ නොහොත් ‘පර්යන්ත’ 4ක් ඇත. මේවා යම් ආකාරයකින් විස්තරාත්මකව සොයා බලමු.

කොළඹ වරායේ ඇති විශාලතම ජැටිය නොහොත් පර්යන්තය වන්නේ ‘ජයා බහාලුම් පර්යන්තය’ (JCT – Jaya Container Terminal) යි. මෙහි සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුය. මෙහි එක්වර බහාලුම් නැව් 6ක් නැවැත්විය හැකි අතර. මීටර් 1,292ක දිගකින් යුක්තය. විවිධ දොඹකර යන්ත්‍ර 100කට ආසන්න ප්‍රමාණයක් ඇති මෙම ජැටියේ කටයුතු මේ වන විට වරාය අධිකාරිය විසින් සාර්ථකව සිදුකරනු ලබයි.

අනෙක් ප්‍රධාන ජැටිය වන්නේ ‘සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස්’ (South Asia Gateway Terminals – SAGT) යන්නය. මෙය මින් දශක 3කට පෙරදී දිගු කාලයක් පුරාම නම්කර තිබුණේ ‘එළිසබෙත් රැජන ජැටිය’ (Queen Eleizabeth Quay) ලෙසින් වන අතර, එය පසුව 1995 වසරේදී වෙනස් කරන ලදී. එනම් මෙම පර්යන්තය නවීකරණය කර සංවර්ධනය කිරීම සඳහා එහි හිමිකාරිත්වය ජෝන් කීල්ස් සමාගමට සහ තවත් විදේශ සමාගම් 3කටද පවරන ලදී. ඒ අනුව එහි 42%ක කොටස් ජෝන් කීල්ස් සමාගමට සහ 15%ක කොටස් වරාය අධිකාරියටද පවරන ලදී. ඉතිරි කොටස් ඩෙන්මාර්කයේ සහ තායිවානයේ සමාගමකට ලබාදෙන ලදී. කෙසේ හෝ මෙම වටාපිටාව යටතේ ඉංග්‍රීසි පාලන යුගයේ සිට පැවැති එළිසබෙත් රැජන ජැටිය යන නාමය ‘සවුත් ඒෂියන් ගේට්වේ ටර්මිනල්ස්’ (South Asia Gateway Terminals-SAGT) ලෙසට වෙනස් කෙරිණි. මෙය මීටර් 940ක දිගින් යුත් සියලු නවීන පහසුකම්වලින් හෙබි ජැටියකි. කෙසේ හෝ කොළඹ වරායේ ඇති අනෙක් ජැටිවලට වඩා මෙම ජැටිය ඉතිහාසය අතින් අති සුවිශේෂිත්වයක් දරන්නේ, 1954 වසරේදී එංගලන්තයේ එළිසබෙත් මහ රැජන නැවෙන් පැමිණ ශ්‍රී ලංකාවට සැපත්වී ඇත්තේ මෙම ජැටිය වෙතය. එහෙත් පසුකාලීනව වෙනත් පාර්ශ්ව විසින් එම වටිනා ඉතිහාසය අමතක කර දමන ලදි.

අනෙක් ප්‍රධානතම ජැටිය සහ පර්යන්තය වන්නේ, ‘කලම්බෝ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්’ (Colombo International Container Terminal – CICT) යන්නය. ‘කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය’ ලෙසින්ද හඳුන්වන මෙම ජැටියේ 85%ක හිමිකාරිත්වය දරන්නේ චීනයේ ‘චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස්’ (China Merchant Port Holdings) වන අතර 15%ක කොටස් පමණක් වරාය අධිකාරිය සතුය. මෙම පර්යන්තය ඉදිකිරීම සඳහා මුල්වී ඇත්තේ එම චීන සමාගම වන අතර, වසර 35ක කාලයක් දක්වා එම සමාගමට හිමිකම් අයිතිවනු ඇතිය. වරාය බිම්කඩින් හෙක්ටයාර 57ක විශාල ප්‍රදේශයක මෙම ජැටිය පිහිටා ඇත.

කොළඹ වරායේ ඇති කුඩාම ජැටිය වන්නේ, ‘යුනිටි කන්ටේනර් ටර්මිනල්’ (Unity Container Terminal-UCT) යන්නය. මෙම පර්යන්තය වරාය අධිකාරිය සතු වන අතර, කුඩා නැව් පමණක් පරිහරණය මෙහිදී සිදු කෙරෙයි. මීටර 590ක දිගින් යුත් මෙම කුඩා ජැටියෙහි කටයුතු අරඹනු ලැබුවේ 2003 වසරේදී බැව් ප්‍රකාශ වෙයි.

දැන් ඔබට කොළඹ වරාය පර්යන්තයේ පිහිටා ඇති ප්‍රධානතම ජැටි හතරක් ගැන තොරතුරු ලියා තැබුවෙමි. එහෙත් පසුගියදා මහා අර්බුදයකට මුහුණ දුන් සුවිශේෂී ජැටිය ගැන තොරතුරු මෙතෙක් සඳහන් නොවිණි. එහි වගතුග කුමක්ද?
(East Container Terminal – ECT) නොහොත් නැඟෙනහිර බහාලුම් පර්යන්තය පිහිටා ඇත්තේ CICT පර්යන්තය ආසන්නයේමය. දකුණු කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතියට අයත් මෙම ජැටියෙහි පූර්ණ අයිතිය තිබෙන්නේ වරාය අධිකාරිය සතුවය. මෙම ජැටියෙහි විශේෂත්වය වන්නේ එය චීනය සතුව ඇති ECT පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අදියර 3ක් යටතේ නිම කිරීමට සැලැසුම් කර තිබිණි. මෙහි මුල් අදියරේ කටයුතු 2015 වසර වන විටදී අවසන්කර තිබුණු අතර, ඉතිරි අදියරවල කටයුතු පසුගිය යහපාලන රජය සමයේදී නිම කිරීමට සැලැසුම් කර තිබුණද, එය සිදු නොවිණි. මෙම පර්යන්තය අදියර 3කින් නිම කිරීම සඳහා ඩොලර් මිලියන 80ක ණය මුදලක් ලංකා බැංකුව මඟින් ලබා ගැනීමටද කටයුතු යොදා තිබිණි.

කෙසේ හෝ මෙම නැඟෙනහිර ජැටිය නොහොත් පර්යන්තය, පසුගිය යහපාලන රජය සමයේදී ඉන්දියාවට පවරා දීමට සැලැසුමක් තිබුණත් එකල විපක්‍ෂය එයට දැඩි ලෙස විරුද්ධ විය. එහෙත් එම විපක්‍ෂයම පසුගිය අවුරුද්දේදී බලයට පත්වූ පසුව එම නව රජය යටතේදී මෙම නැඟෙනහිර ජැටිය නැවැත ඉන්දියාවට පැවරීමට සැලසුම් කෙරිණි. එනම් 49%ක ප්‍රමාණය ඉන්දියාවටත්, ඉතිරි 51 ප්‍රමාණය වරාය අධිකාරිය සතුව තබා ගැනීම සඳහාත් සැලසුම් සකස් කෙරිණි. පසුගියදා කොළඹ වරාය තුළින් දැඩි උද්ඝෝෂණයක් නැඟුණේ මෙවැනි වටාපිටාවක් යටතේදීය. උද්ඝෝෂකයන් ඉල්ලා සිටියේ ඉන්දියාවට නැඟෙනහිර ජැටියේ කිසිදු හිමිකාරිත්වයක් නොදිය යුතු බවත්, වරාය අධිකාරියට පමණක් පූර්ණ අධිකාරිත්වය හිමිවිය යුතු බවත්ය. කෙසේ හෝ මෙම ගෝරනාඩුව දිනෙන් දින උග්‍රවත්ම පසුගියදා රජය තීරණය කළේ නැඟෙනහිර ජැටියේ පූර්ණ අයිතිය වරාය අධිකාරිය සතුව පමණක් පවත්වා ගන්නා බැව්ය. ඒ අනුව එම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතියද ලබාගන්නා ලදී. අර්බුදය දැන් නැවැතී ඇත්තේ එතැනය.

කෙසේ හෝ නැඟෙනහිර ජැටියේ මුල් අදියරේ කටයුතු අවසාන වීමෙන් පසුව මේ වන විට එම පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙමින් පවතී. එහෙත් පර්යන්තයේ තවත් අදියර 02ක් නිම කිරීමට නියමිතව ඇති අතර, එය සුවිශාල ව්‍යාපෘතියක් වෙයි. ඉන්දියාව මෙයට සම්බන්ධ වීමට සැලැසුම් කර සිටියේ මෙවන් පසුබිමකය. දැනට පළමුවැනි අදියර යටතේ මෙම ජැටියේ දිග මීටර 450ක් වන අතර, දෙවැනි සහ තුන් වැනි අදියර නිම වන විට එය තවත් තෙගුණයක් පමණ වනු ඇතිය. මෙම ජැටියේ මුහුදෙහි ගැඹුර මීටර් 18ක් වන බැව්ද කරුණු ප්‍රකාශ වෙයි.

කොළඹ වරායේ ජැටියන් නොහොත් පර්යන්තයන් 5ක් ගැන ඔබට කරුණු ලියා තැබුවෙමි. මේ අතර මෙයට දින කිහිපයකට පෙරදී හෙළි වූයේ තවත් අලුත්ම ජැටියක කතාවකි. එය නම් කොළඹ වරායේ බටහිර පර්යන්තය (West Terminal) වෙයි. වත්මන් වරාය අර්බුදය හමුවේ ආණ්ඩුව ප්‍රකාශ කර සිටියේ දැනට සංවර්ධනය කිරීම අරඹා ඇති බටහිර ජැටියේ ඉදිකිරීම් කටයුතුවලින් යම් ප්‍රතිශතයක් ඉන්දියාව සහ ජපානය වෙත භාරදෙන බැව්ය. එය එම රටවල්වලින් සංවර්ධනය කර වසර 35කට පසුව ශ්‍රී ලංකා රජය වෙත බාර දෙන බැව්ද ආණ්ඩුව ප්‍රකාශ කර ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කතානායකගෙන් රන්ජන්ට තහනමක්

Next Post

ජනාධිපතිට පේන්න ගහක් උඩ නැගලා එක රැයින් ජනප්‍රිය වුණු මොණරාගල ගොවියා

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.