• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැණි ධම්මික ගැන කෑගල්ලේ මාකුර ගමෙන් හෙළිවන අලුත්ම හෙළිදරව්ව

February 2, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
පැණි ධම්මික ගැන කෑගල්ලේ මාකුර ගමෙන් හෙළිවන අලුත්ම හෙළිදරව්ව
Share on WhatsAppShare on Facebook

“නීල්” කියල කතා කළාට ඒ වෙද මහත්තයගෙ නියම නම නීල් නෙවෙයි, “ලීල්.”

ලීල් නිශාන්ත ආරියරත්න. කාටවත් වැරැද්දක් නැති, ඕනෑ කෙනෙකුට උදව්-පදව් කරගෙන ඉන්න උදවිය” යැයි කොරෝනා පැණිය නිෂ්පාදනය කෙරෙන ඖෂධ වට්ටෝරුව ධම්මික බණ්ඩාරට දුන් බව කියන කෑගල්ලේ, හෙට්ටිමුල්ලේ, මාකූරේ, “ආරිය නිවසේ” පදිංචි පාරම්පරික විෂ වෛද්‍ය ඇම්. වී. ආර්. ලීල් (නීල්) ආරියරත්න මහතා ගැන ඒ මහතාට සමීප ඥාති සම්බන්ධතාවක් ඇති එහෙත් නම කීමට අකමැති අයෙක් එසේ කීහ.

කොරෝනා වෛරසය දුරින්ම ධූරීභූත කිරීමට තරම් බලගතු ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය නෛකශ්‍රීන් විරාජමාන ශ්‍රී ලංකාද්වීපයේ අස්සක්, මුල්ලක් නෑර පිහිටි පැල්පතේ සිට මහල් සුවිසල් මාළිගා දක්වාම එක රැයකින්ම කතාබහට ලක්වී සමස්ත භූතලයම “උඩුකුරුඤ්ඤං” ගසා ගියත්, ඒ පිළිබඳව කවුරුත් නොදන්නා එහෙත් ප්‍රදේශවාසීන් පවා ප්‍රසිද්ධියේ නොකියන කතා තොගයක්ම ඇති බවට එහෙන්, මෙහෙන්, කණින්, කොණින් ඇසෙන්නට වූයෙන් ඒ ගැන සොයා බලන්නට මාකූර ප්‍රදේශයට ගිය ගමනේදී විස්තර කියන්නට තියා කටක් අරින්න අකමැති උදවිය අතරින් යමක් කියන්නට අකමැත්තෙන් කැමති කරවාගත් අයෙක් එසේ කීහ.

සල්ලිත්, බලයත් දෙකම එකතැන්වූ කෙනෙකු ඇත්නම් හෙතෙම කුඹුරේ නියර දිගේ යන විට සූනියම් දේවතා බණ්ඩාර හාමුදුරුවෝවත් ඊට උඩින් (ඉහළින්) නියරේ යන්නේ නැතැයි කතාවක් තිබේ.

බොහෝ දෙනකු විස්තර කියන්නට අකමැති වුයේ එහෙයිනි.
විස්තර කතිකයා මෙසේ කියන්නට වූයේය.

නීල් වෙද මහත්තය පැවත එන්නේ පාරම්පරික විෂ වෛද්‍ය පරම්පරාවකින්. වෙද මහත්තයාගේ සීයා (පියාගේ පියා) ඇම්. වී. ආර්. ඩිංගිරි බණ්ඩා නිලමෙතුමාත් විෂ වෛද්‍යවරයෙක්. වෙද මහත්තයාගේ මී මුත්තාත් (සීයාගේ පියා) විෂ වෛද්‍යවරයෙක්.
මම ඒ නම නම් දන්නෙ නෑ. ඇම්. වී. ආර්. ඩිංගිරි බණ්ඩා නිලමෙතුමා විෂ වෛද්‍යවරයකු හැටියට පළාතේ ඉතා ප්‍රසිද්ධියට පත්ව සිටි කෙනෙක්. එතුමා මියගියේ දෙදාහෙ (2000) වර්ෂයෙදි. ඒ වන විට එතුමාට වයස අවුරුදු හැත්තෑ පහක් (75) පමණ ඇති.
“නිලමේ” කියන කතන්දරය කෙනෙකුට ලැබෙන්නේ උඩරට රජ මාලිගාවට (රජ්ජුරුවන්ට) කිසියම් මෙහෙයක්, සේවාවක් කිරීම නිසා. මේ පරම්පරාවෙ කිසියම් කෙනකු විෂ වෛද්‍යවරයකු වශයෙන් රජවාසලට සේවය කළ බව කියන නිසා එම පදවිය ලැබී ඇති බව පරම්පරාවෙ කතා අනුව කියැවෙනවා.
නීල් වෙදමහත්තයාගේ පියා විෂ වෙදකම ඉගෙන ගත්තත් ඒ ශාස්ත්‍රය රස්සාව හැටියට තෝරා ගත්තෙ නෑ. රජයේ රැකියාවට ගියා. ඇම්. වී. ආර්. ආරියරත්න නිලමේ එතුමාගෙ නම. කෑගලු විදුහලේ විදුහල්පති වශයෙන් රාජකාරි කරල විශ්‍රාම ලැබුවා. එතුමාගේ බිරිය ඒ කියන්නේ නීල් වෙද මහත්තයාගෙ මෑණියනුත් ආචාර්යවරියක්. කෑගල්ලේ ශාන්ත ජෝශප් බාලිකා විදුහලේ රාජකාරි කළේ.
පරම්පරාවෙන් එන විෂ වෛද්‍ය වෘත්තිය රැක ගන්න ඕනෑ කියන අධිෂ්ඨානෙන් හිටිය නීල් වෙද මහත්තයාගෙ සීයා ඒ ශාස්ත්‍රය මුණුපුරාට ඉගැන්නුවා.
විදුහල්පති පුතා වෛද්‍ය වෘත්තිය (වෙදකම) නොකළාට ඇම්. වී. ආර්. ඩිංගිරි බණ්ඩා නිලමෙතුමාගෙ බාල පුතා. ඒ කියන්නේ විදුහල්පති. ඇම්. වී. ආර්. ආරියරත්න නිලමේතුමාගෙ (බාල සහෝදරයා) ඇම්. වී. ආර්. විමලරත්න නිලමේ වෙදකම කරනවා. පදිංචිය අඟුණකොළපැලැස්සේ, උස්වැව.

ගමක වෙද මහත්තයා කියන්නෙ, ඉස්කෝල මහත්තයා කියන්නෙ බොහෝම වැදගත් අය. කාගෙකාගෙනුත් ගෞරව ලැබූ අය. ගමක කවුරුවත් ඒ අයට වචනයක් කීවෙත් නෑ. ගමේ කාගෙන්වත් වචනයක් අහන්න ඒ අය වැඩ කෙරුවෙත් නෑ.

පැණිය හදපු මහත්තයා ධම්මික බණ්ඩාර කියන නම දාගත්තෙ පස්සෙ. මෑත භාගෙ. ඉස්සර ගම්මු (ගමේ අය) එයාට කියාපු නම කිරි මහත්තය. පස්සෙ ධනපාල වුණා. ධනපාල කියන නම තමයි ඊළඟට ධම්මික බණ්ඩාර කරගත්තෙ. එතුමා පදිංචිවෙලා ඉන්නෙත් මාකූරේ, ලීල් (නීල්) ආරියරත්න මහත්තයාගෙ නිවසට මීටර් පනහක්-හැටක් ඈතින්.
නීල් මහත්තය ඉන්නෙ ඒ අයගෙ මහගෙදර. මහගෙදර කියන්නෙ, ඒක හදල තියෙන්නෙ ඇම්. වී. ආර්. ඩිංගිරි බණ්ඩා නිලමෙතුමා. මට හිතෙන හැටියට දැනට අවුරුදු දෙසීයකට (200) විතර ඉස්සර. නීල් වෙද මහත්තයා අලුත්වැඩියා කළා. මට කියන්න තියෙන්නෙ ඔච්චරයි. පරම්පරාවෙ තොරතුරු ටික විතරයි.

කෑගල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් මෙසේ කීවේය.

නීල් වෙද මහත්තය මීට මාස කිහිපයකට ඉස්සර මාව හොයාගෙන ආවා. ඒ ආවෙ පත්තරේකට දැන්වීමක් දාගන්නෙ කොහොමද කියල දැනගන්න. එයා කොරෝනාවලට ඖෂධයක් හැදුව ඒක දාගන්න කියල.
මම කීව ඕනෑම කෙනකුට දේශීය වෛද්‍ය ක්‍රමයට බෙහෙතක් හැදුව කියල කියන්න පුළුවන් නමුත් ඒක පිළිගන්න ක්‍රමයක් තියෙන්න ඕනැ කියල. එයා කීව පේරාදෙණිය විශ්වවිද්‍යාලෙන් පරීක්‍ෂා කරල වාර්ථාවක් ලැබුණ කියල. මම කීව ඒ සහතිකේ පිටපතක්, පොටෝකොපි කරල ගේන්න කියල. ඒකත් ගෙනාව. ඒකෙ බැරලෝහ නෑ කියල සහතික කරල තිබුණා. ඉතින් ඒ සහතිකේ පින්තූරයකුත් එක්ක බෙහෙත ගැනත්, වෙද මහත්තය ගැනත් විස්තරයක් දාමු කියල.
ඒක “ශ්‍රී ජීවි සිද්ධි” කියල ඖෂධයක්. කල්කයක් වාගෙ. මීට මාස කිහිපයකට ඉස්සර මට ඒක ගැන කියන කොටත් මිනිස්සු හාරපන් දහසක් (4000-5000) පාවිච්චි කරල තිබුණා. ග්‍රෑම් හාරසියය හතළිස් හතරක බෝතලයක් රුපියල් දෙදහස් පන්සියයටයි (2500) වික්කෙ කීව. මම කන්තෝරුවෙන් ඇහුව පිටුවක ඇඩ් එකක් දාගන්න.
වෙද මහත්තයට කීව ලක්‍ෂ පහක් (5,00,000) විතර යයි කියල. ඒකටත් නීල් වෙද මහත්තයා කැමති වුණා. ඊට පස්සෙ මට මොකුත් කරන්න බැරි වුණා. කෑගල්ලෙ කොරා්නා වැඩි වෙලා. මට එළියට බහින්නත් බැරි වුණා. ඒත් එක්කම අපේ කාලි මාතාව මැදිහත් වෙලා හදපු පැණිය ආවනෙ. ඉතින් ඕකෙන්, මේකෙන් වැඩේ පස්සට ගියා.
ධම්මිකගෙ පැණිය හදන වට්ටෝරුව ගැනත් එක එක කතා තියනවා
“ඔව්… ඔව්… අපි දන්න මාධ්‍යවේදියෝ ඉන්නවා. එයා ඔය සම්පූර්ණ කතාව දන්නවා. එයාගෙන් විස්තරේ ලබාගමු. ඔයාට බැරිවෙන එකක් නැහැ…”
“මමනෙ ඒ පත්තරේ ඉන්න කොට මිනිහ ගත්තෙ”

“අපි එන්න කියල කෝල් එකක් දාමු” කී මාධ්‍යවේදියා “මචං අහවලා ඇවිල්ල ඉන්නවා උඹ හම්බවෙන්න. දැන් වෙලාව පහයි (05.00) පහ හමාර වෙන්න ඉස්සර වරෙන් අපේ පොට් එකට. හරි… හරි… බයික් එකේ එන්ඩ එපා, අද නාන්ඩ වෙන්නෙ.
“කාගෙන්ද මෑන් විස්තරේ අරන් තියෙන්නෙ”
“නීල් වෙද මහත්තයාගෙ “ශ්‍රී ජීවි සිද්ධි” චූර්ණෙ හදන ගැන්සියෙ ඉන්නව හත්අට දෙනෙක්. ඒ එකෙක්ගෙන්.”
“වියදම් කෙරුව කීිවෙ.”
“දන්නැද්ද පොඩි අඩියක් අරන් දීල”
“අපෙ අම්මො දැක්ක කල්” යැයි කියමින් අප සිටි කාමරයට ඇතුළු වූ මාධ්‍යවේදියා මම එන්ඩත් ඉස්සර පටන් අරන් යැයි ද කීවේය.
“ඩ්‍රැග් ද චෙයාර් ඇන්ඩ් පුට් ද බට්” drag the chair and put the butt(පුටුවක් ඇදගෙන පස්ස ඇන ගනිං) මම කීවෙමි.

ඔහු කී විස්තරය මෙසේය.

පැණිය හදන්න මාසයකට, දෙකකට පමණ පෙර පොළොං තෙලිස්සකු දෂ්ඨ කිරීම නිසා ධම්මික ප්‍රතිකාර ගැනීමට ලීල් (නීල්) නිශාන්ත ආරියරත්න වෙද මහතා හමුවීමට පැමිණ තිබේ. ඒ අවස්ථාවේදී සිරුරේ විෂ බස්සන බෙහෙත් වට්ටෝරුවක් (තුණ්ඩුවක්) දී තිබේ. ඊට පසු ඒ වට්ටෝරුවට අනුව බෙහෙත කෙරෝනා විෂ බැස්සවීමට ධම්මික සකස් කළේලු.
එහෙත් ධම්මික එම බෙහෙත (පැණිය) සකස් කරන අන්දම වැරදියිලු. මී පැණි වැනි ඖෂධයක් කිසිසේත්ම උණු නොකරන බව ආයුර්වේදයේ උගන්වන්නක්ලු. ඒ එක කරුණක්ලු. තවත් බොහොමයක් තියෙනවලු.
“විශේෂඥ වෛද්‍ය කෙනකුට විශේෂ සැලකිල්ලක් දැක්වූවා කියන සිද්ධිය මොකක්ද?” මම ඇසුවෙමි.’
“එතුමා කිහිප දෙනකුත් එක්ක රුපියල් ලක්‍ෂයක් (1,00,000) අරගෙන පැණියෙ කාලෙ බෝතල් ටිකක් ඉස්පිරිතාලෙ ස්ටාෆ් එකට ගෙනියන්න ඇවිත් තියෙන්නෙ. ආරංචියෙ හැටියට දෙපාර්ශ්වය දුරකථන සංවාදයකින් ගනුදෙනුව ගැන කතාබහ කරල තීන්දු තීරණවලටත් බැහැලයි ඇවිල්ල තියෙන්නෙත්. පොඩ්ඩක් මොකක් හරි ගැස්සිලා තියෙනවා. ඒකයි කචල් එක. දොස්තර මහත්වරු රටට කියනවා පැණිය බොන්න එපා කියල. ඒ අය හොරෙන් ගෙනියන්න එනවා.”

මේ කරුණු ගැන සත්‍ය අසත්‍යතාව දැනගන්න විෂ වෛද්‍ය ඇම්. වී. ආර්. ලීල් (නීල්) ආරියරත්න මහතාගෙන් මේවා ගැන මොකද කියන්නෙ යැයි මම ඇසුවෙමි. “මට ඕව ගැන කිසිම දෙයක් කියන්න බෑ. මමයි, මගේ දරුවො දෙන්නයි, පවුලේ අනෙක් අයයි, කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනෑ” යැයි හෙතෙම පිළිතුරු වශයෙන් කීවේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

හරීන්ගේ කොකේන් ටෙස්ට් එක හරිද ඉරාජ්… (VIDE0)

Next Post

එන්නතේ අවුලක්? බදුල්ලේ 25ක් හදිසියේ රෝහල්ගත කරයි

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.