• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වික්ටර්ගේ කටහඬ යළි ලැබීම: ආශ්චර්යයක්ද-නැත්නම් බොරුවක්ද?

February 3, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘මාගේ පුතුය, නැවැත වතාවක් අද සිට වසර 3ක් එක දිගට නුඹ ලෝකයට අසන්නට ගයන්න. මෙතැන පටන් නුඹගේ ශක්තියෙන් නොව, මාගේ ශක්තියෙන් නුඹ ගායනා කරන්නේය. ජේසුස් වහන්සේගේ නාමයෙන් නුඹ නැවැත ලෝකයේ මායාවන්ට හසු නොවී කටයුතු කරන අතර, ස්වාමීන් වහන්සේ ඔබට මෙසේ කතා කරන සේක. නුඹ විනාශ කරන්නට යෙදූ සියලු ශාපයන්, සියලු අනවින, බන්ධන හා හූනියම් වහා පලයව්, වහා පලයව්.,

කුමක්ද මේ දේව භක්තියෙන් හඬ නැඟෙන කතාන්දරය? මෙය පසුගියදා සයිබර් අවකාශයෙන් අසන්නට ලැබුණේ හඬ පමණක් නොව බොහෝ උද්වේගකර හා බොහෝ සංවේදී රූප පෙළක්ද සමඟය. අන්තර් ජාලයේ දස අත පාවී යන මිලියන ගණනාවක් වූ වීඩියෝ දසුන් අතරින් මෙයද අපගේ නෙත ගැටෙන්නට විය. නිකම්ම අල්ලා විසිකර දැමිය නොහැකි එම විනාඩි 7ක් පුරා දිවෙන දෙබස් සහිත වීඩියෝ පටය එක්තරා අතකින් සුවිශේෂී කතාන්දරයක් ඉදිරිපත් කළේය. එහි ඇති රූප පෙළක සිටින, අප සමාජයේ වෙසෙන අති විශේෂිත මිනිසකුගේ යම් වගතුගක් එමඟින් ජනිත වන්නට විය. එනම් ඔහු කවුද?

මෙම සුවිශේෂී මිනිසා නම් මහා සංගීත ගාන්ධර්වයකු වූ විශාරද, ආචාර්ය වික්ටර් රත්නායකයන්ය. සිංහල සුභාවිත ගීතයෙන් සිරිලක ගීතකෙත අති රමණීය කළ වික්ටර් රත්නායකයන් ගැන අටුවාටීකා, ටිප්පනි අවශ්‍ය නැත. එහෙත් මෙලෙස ඔහු ගැන ඇසෙන අලුත්ම වගතුග කුමක්ද? දැනට 78 වැනි වියෙහි පසුවන වික්ටර් රත්නායකයන් පසුගිය කාලයේදී යම් ආකාරයක ප්‍රබල ගායන අපහසුතාවකට පත්වූ බැව් කරුණු හෙළිවිය. එනම් ඔහුට පෙර සේ ගීත ගායනා කිරීමට නොහැකි බැව් ප්‍රකාශ විය. ඒ තත්ත්වය සඳහා විවිධ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තද, ඉන් යහපත් ප්‍රතිඵලයක් අත්කරදී නොමැත. මෙවැනි තත්ත්වයකදී මෙම මහා සංගීතවේදියා බලවත් අපහසුතාවකට පත්ව ඇත. ඉන් පසුව ඔහු යම් දේව භක්තික ක්‍රියාවලියකට යොමු වීම ඉහත වගතුගයි.

මෙම් දේවභක්තික ක්‍රියාවලිය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යම් ක්‍රිස්තියානි ආගමික පල්ලියක් හරහාය. එනම් එය යම් දේව සභාවකට අයත් ‘චර්ච් ඔෆ් ක්‍රයිස්ට් ගොස්පෙල්’නමැති පල්ලියයි. 2009 වසරේදී පොළොන්නරුව නගරයෙන් ඇරැඹි මෙම දේව සභාවට අයත් පල්ලි 08ක් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක අටක පිහිටුවා ඇත. ශ්‍රී ලංකා රජයේ 1975 අංක 47 දරන නීතිය මඟින් සංස්ථාගත කර ඇති නිදහස් පල්ලි පනත යටතේ මෙම පල්ලියද ලියාපදිංචි කර ඇත. ‘චර්ච් ඔෆ් ක්‍රයිස්ට් ගොස්පෙල්’ යන වදන සිංහල බසින් අර්ථවත් කළ හැක්කේ ‘ක්‍රිස්තුස්ගේ සුබාරංචියේ පල්ලිය’ හෝ ‘ක්‍රිස්තුස්ගේ සුවිශේෂයේ පල්ලිය’ ලෙසින් යැයි සිතිය හැකිය. මෙම පල්ලි සමූහයේ ප්‍රධාන දේවගැතිවරයා වන්නේ ගරු කිංස්ලි වනිගසිංහ නමැති දේවගැතිවරයෙකි. ඔහු ආධ්‍යාත්මික සහ දේව බලයකින් රෝග සුව කිරීමට හැකි පූජකවරයකු ලෙසට ප්‍රකට අතර, ඔහුට අනුගාමිකයන් දහස් ගණනක්ද සිටිති. අපගේ ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන්ගේ මෙම විශේෂිත සිද්ධිය දිග හැරෙන්නේද මෙම දේවගැතිවරයා ඉදිරියේය. දේවගැති ගරු කිංස්ලි වනිගසිංහගේ එම දේවභක්තික ක්‍රියාවලිය කුමක්ද?

සාම්ප්‍රදායික පල්ලියක පෙනුමක් නැති යම් විශාල ශාලාවක් තුළදී මෙම සිදුවීම කේන්ද්‍රීයව ඇත. එම ශාලාවේ තැනින් තැන, සියයකට අධික පිරිසක් සිටගෙන සිදුවීම දෙස මහත් උනන්දුවකින් බලාගෙන සිටින ආකාරය දක්නට හැකිය. අප කතාවේ ප්‍රධාන කතානායකයා වන වික්ටර් රත්නායකයන් තද නිල් පැහැති කොටු කමිසයක් සහ සුදු දිගු කලිසමක් පැලැඳ සිටගෙන සිටියි. වෙනදා ඔහු කෙරෙන් දක්නට ලැබුණු තද කාලවර්ණ හිසකෙස් මෙහිදී දක්නට නැති අතර, මුළුමනින්ම සුදුවන් වූ දිගු හිසකෙසින් ඔහුගේ හිස සැරැසී ඇත. උපැස් යුවළක්ද පැලැඳ සිටින රත්නායකයන් කෙරෙන් දිස්වන්නේ බොහෝ තිබුණු, බැගෑපත් ස්වරූපයකි. රත්නායකයන්ගේ වම් පසින් බිම දණගසාගෙන සිටින්නේ ඔහුගේ වත්මන් බිරිය හෂිනි අමේන්දා රත්නායකය. ඇය සුදු ගවුමකින් සැරැසී තම දෙඅත් දෙපසට විහිදුවාගත් යදින ස්වරූපයකින් සිටින්නීය. අප කතාන්දරයේ අනෙක් සුවිශේෂී චරිතය වූ දේවගැති ගරු කිංස්ලි වනිගසිංහ සිටින්නේ වික්ටර් රත්නායකයන් ඉදිරියේම සිටගෙනය. ඔහු යම් ආරූඪයකින් සිටින බැව් පෙනෙන්නට ඇති අතර, එය හරහා වික්ටර් රත්නායකයන්ට දේව යාතිකාවක් සිදුකරනු ලබයි. මෙම ලිපියේ මුලින් ලියා තැබුවේ එම යාතිකාවේ දෙබස් ආරම්භ වන ආකාරයයි.

දේවගැතිවරයා මුලින් තම ප්‍රකාශනය යම් උද්වේගකර රිද්මයකින් ඉදිරිපත් කරන අතර, පසුව එය සාමාන්‍ය උච්චාරණයක් බවට පත්වෙයි. ශාපයත්, හූනියම් සහ කොඩිවින සියල්ලක්ම ‘පලයාව්’ යනුවෙන් ඔහු එසේ උච්ච හඬකින් මුලින්ම ප්‍රකාශ කර සිටියි. ඉන් පසුව ඔහු වික්ටර් රත්නායකයන්ට බොහෝ දැඩි ස්නේහ භක්තියකින් යාතිකාව සිදුකරන අයුරු පෙනෙන්නේ, ඔහු විසින් රත්නායකයන්ගේ හිස, මුහුණ සහ ගෙලද සියුම්ව ස්පර්ශ කරමිනි. එහිදී ඔහු තත්පර කිහිපයක දිගු කාලයක් රත්නායකයන්ගේ ගෙල ප්‍රදේශයට අත තබාගෙන ප්‍රකාශය සිදුකරන අතර, ඉන් පසුව යමෙකුගේ අතෙහි වූ භාජනයක් තුළ ඇති ද්‍රාවණයක් ගෙන රත්නායකයන්ගේ ගෙල දෙපස ආලේප කරනු ලබයි. එම කාලය තුළ රත්නායකයන් තම දෙඅත් එකට තබාගෙන දේවගැතිවරයාගේ ක්‍රියාවලිය ගැන මහත් උනන්දුවකින් පසුවෙයි. දේවගැති කිංස්ලි වනිගසිංහ පවසන අනෙකුත් ප්‍රකාශනයන් ගැන සොයා බලමු.

දේවගැතිවරයා
අද සිට නැවැත වතාවක් ඔබ මුළු ලෝකයටම ඇසෙන්නට ගයන්න. අද සිට ඔබ වසර 3ක් එක දිගට ගායනා කරන අතර, මුළු ලෝකයම ඔබ දෙසට හැරේවි. ඔබට මෙය විශ්වාසයිද?
වික්ටර් රත්නායක
(හිස සලමින්) ඔව් යැයි ප්‍රකාශ කරයි.
එම දෙබසත් සමඟ ශාලාවේ සිටින සියලුම දෙනා ප්‍රීතියෙන් ශබ්ද නඟමින්, අත්පොළොසන් හඬ පතුරවති. ඒත් සමඟම යමෙකු වික්ටර් රත්නායකයන්ගේ මුව ඉදිරියට මයික්‍රෝපෝනයක් ළංකරයි. සැණෙකින් සිදුවන්නේ අපූරු දෙයකි. රත්නායකයන් යම් සංගීත රාගයක ආරම්භක වචනයක් තත්පර 15ක් පුරා ගායනා කරයි. ඒ හඬ නිමාවීමත් සමඟම නැවැත ශාලාවෙන් අත්පොළොසන් හඬ මතුවෙයි. නැවැත ඇසෙන්නේ දේවගැතිවරයාගේ හඬයි.
‘අද සිට සර් බය නැතිව ගායනා කරන්න.
ඔබ ඕනෑම වේදිකාවකට ගොස් කිසිදු බියක් නැතිව නිර්භීතව ගායනා කරන්න. මුළු ලෝකයම නැවැතත් ඔබ වෙතට හැරේවි. එය ස්ථිරයි.’

දේවගැති කිංස්ලි වනිගසිංහ එසේ පවසන අතරම, වික්ටර් රත්නායකයන්ගේ බිරිය වන හෂිනි අමේන්දා දෙසට හැරී එම ප්‍රකාශයම සිදුකරයි. ඒ වනවිටත් ඇය සිටින්නේ දෙඅත් එකට තබාගෙන බිම දණගසාගෙනය. ඇය දේවගැතිවරයාගේ වදනට බොහෝ ගරු සත්කාර කරමින්, හිස නවමින් තමන් මෙතෙක් සිටින තැනින් නැඟිට සිටින්නීය. දේවගැතිවරයා නැවැත රත්නායකයන් දෙසට හැරී පවසන්නේ ‘හරි සර් නැවැත ගායනා කරන්න’ යනුවෙන්.

මෙම මහා කතාන්දරයේ අපූරුතම ජවනිකාව සිදුවන්නේ මෙතැන සිටය. දැන් සිදුවන්නට යන්නේ කුමක්දැයි ශාලාවේ සිටින සියලුම දෙනා ඉතාමත්ම තුෂ්ණීම්භූතව බලා සිටිති. දේව යාතිකාව සිදුවුණු තැනට මඳක් ඔබ්බෙන් පිහිටි වේදිකාවක් වැනි ස්ථානයක මහා සංගීතවේදියා සිටගෙන සිටින්නේ තම අතේ මයික්‍රෝපෝනයක්ද අතැතිවය. ඔහු අසලින් ‘බොක්ස්’ ගිටාරයක් ඇති වාදකයකුද සිටගෙන සිටියි. රත්නායකයන්ට අඩි 6ක් පමණ දුරින් දේවගැතිවරයා මෙම දසුන දෙස බලා සිටින්නේ අතිශය මහත් උනන්දුවකිනි. තත්පරයෙන් තත්පරය ගෙවී යයි. මහා පුදුමයකි. ගායනා කිරීමට අපහසුව සිටි රත්නායකයෝ ගීතයක් ගයන්නට පටන් ගනියි. සිදුවන්නේ මහා පෙළහරකි. මහා ප්‍රාතිහාර්යයකි. මෙය සැබෑ ලෙසම මහත් චමත්කාරජනක දසුනක් බවට පත්වෙයි. වික්ටර් රත්නායකයන්ගේ පෙර තිබූ කටහඬම එතැනදී අසන්නට නොලැබුණත් එය 85%ක පමණ සමානකම් ඇති හඬක් ලෙසට සිතිය හැකිය. රත්නායකයෝ බොහෝ හැඟීම්බරව ගායනා කරන්නට පටන් ගන්නේ අප සදාකාලිකව ආදරය කළ අපූරු ගීතයක්ය.

මව ගැන කියැවෙන ‘ආදරයේ උල්පත වූ අම්මා’ නමැති ප්‍රකට ගීතයේ කොටස් දෙකක් මහා සංගීතවේදියා විසින් ගිටාර් වාදන හඬද මුසුකර ගනිමින් ගායනා කළේය. මෙහි එම කොටස් දෙකෙහිම වදන් ලියා තැබුවේ, එම පදපේළි බොහෝ නිවැරැදිව රිද්මයට ගායනා කළ බැව් ඔබට පසක් කරන්නටය.

‘සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැලවිලි ගීයෙන්
මතකයි මා නැලවූවා,
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට කිරිදී, පණ දී
මා දැඩිකල අම්මා
ආදරයේ උල්පතවූ අම්මා’

‘මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ,
සෙවන පතා අද මෙන්
පැමිණෙන්නෙමි, සුළැඟිල්ලේ එල්ලී’

අති අමරණීය මහා ගේය පද කරු ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පදවැලට එදා මේ ගීතය සඳහා සංගීතය සංයෝජනය කළේද ආචාර්ය වික්ටර් රත්නායකයන්ය. මීයට පිම්බා මෙන් ශාලාවේ පිරිස ගීතයට සවන්දී සිටියෝය. රත්නායකයෝ ගීතය ගයා නිමවී තත්පරයක් ගතවූයේද නැත. ශාලාවෙන් ඇසුනේ මහා හඬක් සමඟ අත්පොළොසන් නාදයකි.

‘ආලේලූයියා, ආලේලූයියා’ ජනතාව මහඬින් කියා සිටින්නට වූහ. මෙහි අරුත නම් එය ක්‍රිස්තියානු දේව දහමට අනුබද්ධිතවූ ආගමික ගීතයක කොටසකි. මෙය නිරන්තරයේ දේව මෙහෙයන්වලදී අසන්නට ලැබෙයි. ගීත ගායනාව නිමවූ සැණෙන් නැවැත දේවගැති කිංස්ලි වනිගසිංහ පියතුමා වික්ටර් රත්නායකයන් අසලට පැමිණ ඔහුගේ ගැඹුරු, උද්වේගකර හඬින් යම් වදන් පෙළක් පවසා සිටියි.

‘ජේසුන් වහන්සේ නුඹට කතා කරන සේක. නැවැත වතාවක් සියල්ලන්ම මවිතයට පත්කරමින් වික්ටර් රත්නායක යන අසහාය හඬ නැවැත අවදි කළෙමි. මාගේ පුත්‍රය, අදින් පටන් ගන්නා ඔබගේ ගායනය නවත්වන්නට මා කිසිවෙකුටත් ඉඩ නොදෙමි. ඔබ මින් පසු කිසිම මායාවකට හසු නොවන්නේය.’
ගායනය ගැන එලෙස පැවැසූ දේවගැතිවරයා තවත් මෙවැනි ප්‍රකාශයක්ද සිදුකරයි.

‘මේ අසහාය මිනිසාට ප්‍රේම වූයේ නුඹය. නුඹ අතිශය ප්‍රේමණීය මවක්ය. කාන්තාවක්ය.’ යැයි කියමින්, නුඹේ බිරියට ගෞරව කරගෙන මා ඇය සමඟ සිටින බැව් සියල්ලන්ටම දකින්නට සලස්වන්නෙමි.’ යැයිද ප්‍රකාශ කර සිටියි.
දැන් ඔබ එම අපූරු සිදුවීමේ වගතුග හොඳින් අවබෝධ කරගන්නට ඇතැයි සිතමි. මෙම කතාන්දරය මෙතරම් මෙනෙහි කිරීමකින් ලියා තැබුවේ, විශේෂයෙන්ම මහා අසහාය කලාකරු ආචාර්ය වික්ටර් රත්නායකයන් නිසාවෙනි. වසර 39ක් පුරා තමන්ගේ රමණීය ‘ස’ ගී ප්‍රසංගය සිරිලක අස්සක්, මුල්ලක් පාසා ඔහු රැගෙන ගියේ ලාංකීය ගීය කෙත අස්වද්දන්නටය. අප රටේ සුභාවිත සංගීතයට ඔහුගෙන් සිදුවූ මෙහෙවර අතිශයින්ම අනඉබිබවනීය වන්නෙහිය. ඒ නිසාම මෙවැනි දැයක් වටිනා මිනිසකුගේ හඬ වියැකෙන්නට දීම මහත් ජාතික අපරාධයකි.

කෙසේ හෝ මෙම ආගමික මෙහෙවර තුළ ඇති ඇත්ත හෝ නැත්ත ගැන කිරා බැලීම ඔබ සතුය. ලෝකයේ සිටින සමහර ප්‍රවීණ ගායකයන් රැසක් තමන් අතිශයම වැඩිහිටි වයස කරා යද්දී තමන්ගේ හඬෙහි බොහෝ අනුවර්තනයන් සිදුවෙයි. එහෙත් මෙම විනාඩි 7ක දේව මෙහෙය දෙස බොහෝ අවධානයෙන් බලා සිටියදී එය හරහා යම් අරුතක් ජනිත වන බැව් පෙනෙයි. ලොව ක්‍රිස්තියානි දහම තුළ බලද්දී ‘ඇදහිල්ලෙන් සුව කිරීම’ යනු බොහෝ ආදී යුගයක් කරා යන ආශ්චර්යාත්මක දේව ක්‍රියාවලියකි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

පාස්කු කොමිසම ඉවරයි: මහමොළකරුවන්ගේ ප්‍රශ්නය දිගටම

Next Post

රඹකැන් ඔයේ බඩඉරිගු වවන්න ආණ්ඩුව අක්කර 2750ක් දෙයි

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.