• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිනී වංචාව අල්ලස් කොමිසමට: ජනාධිපති කොමිසමකුත් ඉල්ලයි

February 1, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
සිනී වංචාව අල්ලස් කොමිසමට: ජනාධිපති කොමිසමකුත් ඉල්ලයි
Share on WhatsAppShare on Facebook

රුපියල් බිලියන 11කට අධික මුදලක් රජයට අහිමි කරමින් සිදු කරන ලද බව කියන සීනි වංචාව සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි තරුණ බලවේගයේ සභාපති මයන්ත දිසානායක මහතා අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

එම පැමිණිල්ල ගොනු කරමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ සීනි වංචාව පිළිබඳ අල්ලස් කොමිසමේ පරීක්ෂණයෙන් නොනැවතී මේ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ද පත්කොට වරදකරුවන්ට දඬුවම් දිය යුතු බවයි.

මෙම පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍යයට කරුණු දැක්වූ දිසානායක මහතා මෙසේ පැවසීය.

“සීනී ආනයනනික බද්ද කිලෝවකට රුපියල් 50සිට ශත 25ක් අඩු කිරීමත් ඒ සමග එක්තරා පුද්ගලික සමාගමක් විසින් සීනි මෙට්‍රික් ටොන් 73000ක් මෙරටට ආනයනය කිරීමත් සමග විශාල අලාභයක් සිදුවී තිබෙන බව පේනවා.

මේ විදියට ශත 25 බද්දට සීනි මෙට්‍රික් ටොන් 73000ක් ගෙන්වූවත් වෙළඳපොළේ සීනි මිල අඩු වුණේ නෑ. ආණ්ඩුව රුපියල් 85ක පාලන මිලක් ගැසට් කළාට වෙළඳපොළේ කිසිම තැනක රුපියල් 85ට සීනි තිබුණේ නෑ. හැම තැනම සීනි තිබුණේ රුපියල් 125-130ට.

සතොස ආයතනය රුපියල් 110 සිට 120 දක්වා මිල ගණන්වලට සීනි මිලට ගෙන රුපියල් 85ට පාරිභෝගිකයන්ට දුන්නා. මේ හරහා සතොස ආයතනය විශාල පාඩුවක් සිදුකරගත්තා. අනෙක් අතින් සතොස සීනි මිල දී ගැනීම සහ වෙළෙඳපොළේ වැඩි මිලට සීනි අලෙවි වීම හරහා මේ සීනි ගෙන්වූ සමාගම ලබා ගෙන තියන ලාභය ඉතා විශාලයි.

මේ වන විට ලංකාවට එමින් තිබෙන සීනි තොගයත් සමග සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් පමණ මේ කෙටි කාල සීමාව තුළ ලංකාවට ගෙන්වා තිබෙනවා. ඉතිහාසයේ කවදාකවත් ඒ තරම් විශාල සීනි ප්‍රමාණයක් මේ තරම් කෙටි කාලයක දී ගෙන්වලා නෑ.

මේ හරහා සෘජුව සහ වක්‍රව රජයට අහිමි වෙලා තියන ආදායම රුපියල් බිලියන 11ක් පමණ වන බව ගණනය කරන්න පුළුවන්.

ඒ නිසයි අපි ඒ ගැන අල්ලස් කොමිසමට අද පැමිණිලි කළේ. ඒ වගේ ම අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ ගැන ජනාධිපති කොමිසමකුත් පත් කරන්න කියලා. මේ හරහා සිදුවුණු පාඩුව බැඳුම්කරෙන් සිදුවුණු පාඩුවට සමානයි. අඩුම ගාණේ සිරිසේන ජනාධිපතිතුමාට පුළුවන්කම තිබ්බා යහපාලන ආණ්ඩුව යටතේ සිදුවුණු බැඳුම්කර වංචාව ගැන හොයන්න කොමිසමක් හරි දාන්න. ඒ නිසයි අපි කියන්නේ මේ සීනි ගනුදෙනුව ගැනත් ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි කියලා,” යැයි ඔහු පැවසීය.

SendShareShare
Previous Post

දැන් ආණ්ඩුවේ ඉතිරි වී ඇත්තේ කයියයි, ගඳයි විතරයි (VIDEO)

Next Post

ලංකාවේ කෝටිපති කිරුලට ‘ධම්මිකට එරෙහිව ඉෂාර’ මහා සටන

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper