• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වරාය අදානිලාට දෙන්නෙ නෑ: අධිකාරිය යටතේම තියාගන්නවා: සභාපති දයාගෙන් පොරොන්දුවක්

January 31, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
වරාය අදානිලාට දෙන්නෙ නෑ: අධිකාරිය යටතේම තියාගන්නවා: සභාපති දයාගෙන් පොරොන්දුවක්
Share on WhatsAppShare on Facebook

නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට හෝ වෙනත් සමාගමක් වෙත ලබාදීමක් පිළිබඳ නොව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන ආ ආකාරයට ම ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි.

එමෙන්ම ඉදිරියටත් එලෙසම නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීමට අපේක්‍ෂිත බව ඒ මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සභාපති කාර්යාලයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කොට ඇත.

එහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් තත්ත්වය පිළිබඳ සභාපතිවරයා විසින් මෙලෙස අදහස් දක්වන ලදි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ මේ දිනවල විශාල ආන්දෝලනයක් ඇතිවෙමින් පවතී. නැගෙනහිර පර්යන්තය වෙනත් විදේශ සමාගමකට එනම් ඉන්දියාවේ අදානි සමාගමට පවරාදීමට යන බවට මේ දිනවල විශාල කතිකාවක් ගොඩනැගී ඇත. මේ තත්වය නිර්මාණය වීමත් සමග රජය විසින් කමිටු දෙකක් පත්කර තිබේ. එම කමිටු විසින් මෙම තත්වය පිළිබඳ සලකා බලා විශේෂ වාර්තාවක් හෙට දිනයේ ලබා දීමට කටයුතු කරනු ඇත. එම වාර්තාව වරාය හා නාවික ගරු අමාත්‍යතුමා වෙත භාරදීමෙන් අනතුරුව ගරු අමාත්‍යතුමා විසින් එය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ වනවිට ඉතා සුබවාදීව මෙම තත්වය සඳහා අප හට මුහුණ දීමට හැකිවෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. හෙට දිනයේදී මෙම නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගරු අමාත්‍යතුමා විසින් කැබිනට් මණ්ඩලය වෙත අදහස් දැක්වීමට නියමිතය. එය ඉතා සුභවාදීව විසදෙනු ඇතැයි වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.

පසුගිය රජය විසින් ඇති කළ තත්වයක් මත නිර්මාණය වූ මෙම තත්ත්වය, විශේෂයෙන් ජාත්‍යන්තරය හා සම්බන්ධ අවබෝධතා ගිවිසුමකට එළඹීමෙන් පසු එය විසදා ගැනීමේ යම් යම් ගැටළු අවස්ථා උද්ගතවන බවත් ඒ සඳහා නිසි ක්‍රමවේද ඔස්සේ පියවර ගන්නා බැව් වගකීමෙන් යුතුව මම ප්‍රකාශ කරමි.

නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු වෘත්තීය සංගම් ඇතුළු පාර්ශවයන්ගේ අදහස් යෝජනා පදනම් කර ගනිමින් අප විසින් රජය වෙත ඉදිරිපත් කළ වාර්තාව රජය විසින් අනුමත කරන බවට දැඩි විශ්වාසයක් මා තුළ ඇත.

ඒ අනුව අපගේ සියලු බලාපොරොත්තු ඉටු කරමින් නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේම මෙහෙයුම් කටයුතු සිදු කිරීමට අවකාශය හිමිවනු ඇත. එය සමස්ත වරාය අධිකාරියේ ම අපේක්‍ෂාවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාරිත්වය, සියලු සේවක මහත්ම මහත්මීන් හා සියලු වෘත්තීය සමිති මේ සඳහා එක්සත්ව කටයුතු කරමින් නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වා ගැනීමට නොපසුබට උත්සාහයෙන් කටයුතු කළ බවත් මම ප්‍රකාශ කරමි.

නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට හෝ වෙනත් සමාගමක් වෙත ලබාදීමක් පිළිබඳ නොව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන ආ ආකාරයට ම ඉදිරියටත් පවත්වාගෙන යාමට, මෙම ගැටළුව සුබවාදීව විසදෙන බවට වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙසින් මා තුළ දැඩි විශ්වාසයක් පවතී. එසේම ඉදිරියටත් එලෙසම නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීමට අපේක්‍ෂිතය.

නැගෙනහිර පර්යන්තය 2017 වර්ෂය වනවිට අවසන් කිරීමට තිබූ ව්‍යාපෘතියකි. නමුත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අඳුරුතම කාල පරිච්ඡේදය උදාවන්නේ 2015-2017 කාල වකවානුවේදීය. ඒ කාලය තුළ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුවී නොමැත. අද දවසේ ඉතා උද්යෝගයෙන් කතා කරනා ඇතැම් පාර්ශවයන් ද මේ කාලය තුළ කිසිදු හඬක් නොනැගීම කනගාටුවට කරුණකි. මෙම අඳුරු කාල පරිච්ඡේදයේ සිදු වූ විශාල ප්‍රමාදය අපගේ ව්‍යාපාරය වෙත දැඩි සේ බලපෑම් එල්ල කර තිබේ. වරාය ධාරිතාවය පිළිබඳව ද මේ වනවිට අපහට ගැටළුකාරී තත්වයක් පවතී. මේ තුළින් ඉතා විශාල පාඩුවක් වරායට මෙන්ම රටට ද සිදුවිය. මෙම ගැටුම්කාරී තත්වය මගහරවා ගැනීමට අප කඩිනමින් නැගෙනහිර පර්යන්තය පිළිබඳ නිරාකරණයකට පැමිණිය යුතුය. පසුගිය ඔක්තෝබර් මස නැගෙනහිර පර්යන්තයට සුදුසු ප්‍රශස්ත මට්ටමේ ග්‍රැන්ට්‍රි දොඹකර නොමැතිව වුව ද, නැගෙනහිර පර්යන්තය බහලු මෙහෙයුම් කටයුතු සිදු කිරීමට පියවර ගන්නා ලද්දේ එබැවිනි.

නිසි ක්‍රමවේද ඔස්සේ නිසි ආකාරයෙන් කටයුතු කිරීම අකුරට වැඩ කිරීමක් ලෙසින් මම අර්ථකතනය කරමි. එබැවින් සියලු සේවක මහත්ම මහත්මීන්ගේ ප්‍රශස්ත දායකත්වය අපේක්‍ෂා කරමි. වෘත්තීය සමිති පාර්ශවයන් වෙත යම් ගැටළුකාරී තත්වයක් පවතීනම් එය විසදා ගැනීමට කටයුතුකිරීමට වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස නිරන්තරයෙන් සහයෝගය දක්වන්නෙමි. යම්කිසි පාර්ශවයක් විසින් වරාය ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට කටයුතු කරන්නේ නම් එය වරායට පමණක් නොව සමස්ත රටටම බලපාන්න වූ තීරණාත්මක සාධකක් වනු ඇත. එබැවින් වගකිවයුතු වෘත්තීය සමිතීන් ලෙසින් ඔවුන් විසින් සිය කාර්යභාරය ඉටුකරනු ඇතැයි මම විශ්වාස කරමි.

SendShareShare
Previous Post

වරාය පිටරටකට දීමෙන් ලොකු අවුලක් නෑ -ආණ්ඩුවෙන් ප්‍රකාශයක්

Next Post

විදින එන්නත ගැන අලුත් ප්‍රශ්නයක් (VIDEO)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.