එන්නතේ ඵලදායිතාව සියයට අසූවක් නිසා එන්නත විද ගත් අයගෙන්ද 20%කට කොරෝනා වෛරසය වැළඳිය හැකි බවත්, කොරෝනා පාලනය සදහා දැනට ලංකාවේ භාවිතයට යොදා ගන්නා ඇස්ට්‍රොසෙනිකා එන්නත සම්බන්ධයෙන් සියයට සීයක් තොරතුරු නොදන්නා බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ තවමත් එම එන්නතේ සමහර අදියරයන්වල පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වන බවයි.
එන්නත පළවෙනි මහතාව එන්නත් කර සැනින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවක් නොලැබෙන බවත් ඉන් සති හතරකට පසු දෙවන මාත‍්‍රාවත් විදගෙන තවත් සති තුනකින් පමණ බලාපොරොත්තු වුණ ආරක්ෂාව ලැබෙන බවද ඔහු පැවසීය.
නමුත් එන්නතේ ඵලදායිතාව සියයට අසූවක් නිසා එන්නත විද ගත් අයගෙන්ද 20%කට කොරෝනා වෛරසය වැළඳිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.










