වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවෙසේදී ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක නියෝජිතයන් අද (30) පැවැති සාකච්ජාවේදී දැඩි තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව වරාය නැගෙනහිර පර්යන්තයේ අයිතිය කිසිදු රටකට ලබා නොදිය යුතු බවටත්, එහි අයිතිය 100%ක්ම වරාය අධිකාරිය සතු විය යුතු බවටත් එහිදී තීන්දු වී ඇත.
මෙම සාකච්ජාව සදහා ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර ඇතුලු සාමාජිකයන් රැසක් එක්ව සිටියහ.










