විපක්ෂයේ සිටින තුරු දේශප්‍රේමීන් වන අයට ආණ්ඩු බලය ගත් පසු එම දේශප්‍රේමිත්වය අතුරුදන් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය විය යුත්තේ හම්බන්තොට වරාය චීනයට දුන් නිසා කොළඹ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාවට දීම නොවන බවද ඒ මහතා කියා සිටියි.
නැගෙනහිර පර්යන්තය විදේශයකට දුනහොත් ශ්‍රී ලංකාවට මෙරට තුළ එකදු ජැටියක් හෝ ඉතුරු නොවන බවද ඔහු කියා සිටියේය.










