එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් ලබා දුන් ජාතික සංවිධායක ධූරය ප්‍රතික්ෂේප කිරීමට නවීන් දිසානායක මහතා පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් වූ ලිපිය අද (26) පෙරවරුවේ නවීන් දිසානායක මහතා විසින් එජාප නායකත්වය වෙත යොමු කර තිබේ.
පසුගිය දා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ නව නිලධාරීන් පත් කෙරුණු අතර එහිදී එතෙක් නවීන් දිසානයක දැරූ ජාතික සංවිධායක තනතුර වෙනස් නොවන බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.










