• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සිංහරාජයට නොදෙවැනි කන්නෙලිය

January 26, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
සිංහරාජයට නොදෙවැනි කන්නෙලිය
Share on WhatsAppShare on Facebook

පසුගිය සති දෙකේදී අපි කතා කළ සිංහරාජ වනාන්තරය තරමටම ජෛව විවිධත්වයෙන් අනූන තවත් ජාතික වනෝද්‍යානයක් පිළිබඳ තමයි අද කැලෑ කොලමෙන් කතා කරන්නේ. ඒ තමයි කන්නෙලිය.

කන්නෙලිය සම්බන්ධයෙන් කතා කිරීමේදී විශේෂත්වයක් තියෙනවා. මේ වනෝද්‍යානය දේශීය සංචාරකයන්ට වඩා විදේශීය සංචාරකයන් සහ විදේශීය පරිසරවේදීන් අතර ජනප්‍රිය වීම තමයි ඊට හේතුව. 2004 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් ජාත්‍යන්තර ජෛව ගෝල රක්ෂිතයක් ලෙස මෙය නම් කර තිබෙනවා. කන්නෙලිය, දෙදියගල සහ නාකියාදෙණිය යන රක්ෂිත තුනම එකතු කර ඇති එම ජෛව ගෝල රක්ෂිතය ණෘභ ලෙස හඳුන්වනවා.

සිංහරාජය හැරුණම ලංකාවේ විශාලම රක්ෂිත වනාන්තරය ලෙස සිංහරාජය හඳුන්වන්න පුළුවන්. කන්නෙලිය පිහිටලා තියෙන්නේ ගාල්ල නගරයේ සිට කිලෝමීටර් 40ක් පමණ දුරින්. දකුණු පළාතේ ප්‍රධාන ගංගා ද්විත්වය විදියට සැලකෙන නිල්වලා ගඟේ සහ ගිං ගඟේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය ලෙස කන්නෙලිය සැලකෙනවා.

කෙසේ නමුත් 1960 මුල් භාගයේ සිට 1970 දශකයේ අගභාගය දක්වා තුනී ලෑලි සංස්ථාවට දැව ලබා ගැනීම සඳහා මේ වනාන්තරය භාවිතා කරලා තියෙනවා. ඒක ඉතාම කනගාටුදායක කාරණයක්. ඒ නිසා කන්නෙලියේ විශාල වන විනාශයක් සිදු වෙලා තියෙනවා. ඒ හින්දම අදටත් කන්නෙලියේ ප්‍රාථමික වනාන්තරයක් දැක ගන්න නැහැ. ද්වීතීයක වනාන්තරයක් පමණයි එහි දැක ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අලුතෙන් වැඩෙන ශාක. කොහොම වුණත් වසර 30කට ආසන්න කාලයක් තිස්සේ දැව කැපීම නතර වෙලා තියෙන හින්දා ඉතා හොඳින් වැඩුණු ශාක කන්නෙලියේදී දැක ගන්න පුළුවන්. මේ දැඩි ශාක ස්ථරය හින්දා හොඳින් ඉරු එළිය වැටුණු දවසක වුවත් ඉතාම අඳුරු ස්වභාවයක් තමයි කන්නෙලියේ දැක ගන්න තියෙන්නේ. හරියට කවුරුත් දන්න මන්දාරම් නුවර වගේ.

ගාල්ලට උතුරින් සහ නැඟෙනහිර දෙසින් පිහිටි කන්නෙලියට අයත් සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 5305ක්. ඒ අතරින් හෙක්ටයාර 5108ක් ගන වනාන්තරය ලෙසත් ඉතිරි හෙක්ටයාර 168 එළිමහන් ප්‍රදේශ ලෙසත් පවතිනවා.
කන්නෙලිය වශයෙන් තනිව සැලකීමේදී තත්ත්වය එසේ වුවත්, කලින් සඳහන් කළ වනාන්තර තුනම එකතුව පද්ධතියක් ලෙස සැලකීමේදී එය ඉතාම විශාල ප්‍රදේශයක්. කන්නෙලිය, දෙදියගල සහ නාකියාදෙණිය යන වනාන්තර පද්ධතියම එකට සැලකූ විට එහි සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 1200කට ආසන්න වෙනවා.

පහතරට නිවර්තන වර්ෂා වනාන්තරයක් ලෙස සැලකෙන කන්නෙලියට වාර්ෂිකව මිලි මීටර් 4445ක පමණ වර්ෂාපතනයක් ලැබෙනවා. නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වන මැයි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී තමයි ඉතා විශාල වර්ෂාපතනයක් කන්නෙලියට වැටෙන්නේ. ඒ වගේම කන්නෙලිය කියන්නෙත් වියලි කාලයක් නොමැති වසරේ සෑම දිනකම වර්ෂාව ලැබෙන වනාන්තරයක්. මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක අගයක් ගන්නවා.
එකිනෙකට සමාන්තර කඳු වැටි නිම්න රවුමක් හරහා යා වුණු මේ සුවිශේෂී වනාන්තර පද්ධතිය මුහුදු මට්ටමේ සිට මීටර් 60 සිට 425 දක්වා උසින් යුතුව පිහිටා තියෙනවා. ඒ වගේම මෙහි ඉන්දු, මලයාලම් වනාන්තර පද්ධතියේ දක්නට ලැබෙන ලක්ෂණ දැක ගත හැකි වීමත් විශේෂ කාරණයක්.

සිංහරාජය හා සමාන ජෛව විවිධත්වයකින් යුතු කන්නෙලිය වනාන්තරයෙන් ආරම්භ වන දිය දහරා ප්‍රමාණය 110කට ආසන්නයි. ඒ හේතුවෙන් මුළු දකුණු පළාතේ සෑම ජල ප්‍රවාහයකම ප්‍රධාන මූලාශ්‍රයක් විදියට කන්නෙලිය කටයුතු කරනවා.

මේක ජෛව විවිධත්වය අතින් අතිශය සංවේදී කලාපයක්. සිහංරාජය හැරුණම ලංකාවේ කුඩා ප්‍රදේශයක් තුළ වැඩිම ජෛව විවිධත්වයක් දැකිය හැකි ප්‍රදේශය ලෙසත් මේ කන්නෙලිය සැලකෙනවා. දැනට සිදු කර ඇති පරීක්ෂණ මඟින් ශාක, පැළෑටි සහ පඳුරු විශේෂ 301ක් කන්නෙලියෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ අතරින් 50%කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආවේණික ශාක වීමත් විශේෂත්වයක්. ඒ වගේම කන්නෙලියෙන් වාර්තා වී ඇති ශාක විශේෂ අතරින් 26ක් දේශීයව වඳවී යාමේ තර්ජනයට ලක් වී තිබීමත්, විශේෂ 16ක් ජාත්‍යන්තර වඳවී යාමේ තර්ජනයට ලක් වී තිබීමත් මත කන්නෙලියට හිමිවන වටිනාකම තවත් වැඩි වෙලා තියෙනවා.

කන්නෙලිය වනාන්තරය පුරා දේශීය ඖෂධ රාශියක් දැක ගන්න පුළුවන්. බෙරලිය, වෙනිවැල්, කුඩා හැඩයා, මහ හැඩයා, සඳරාජ, වන රාජ සහ දුම්මල වැනි ශාක ඒ අතරින් ප්‍රධානයි. ඊට අමතරව මැන්ඩෝරා, හැඩවක, හල්, දියපර, ගොඩපර, ආරිද්ද, කැකුණ, නවද, දොරණ, බූ හොර, නා, දියනා, දවට, උබ්බේරිය, මිල්ල සහ බැදිදෙල් වැනි ශාක කන්නෙලියට ආවේණික ශාක ලෙස හඳුන්වන්න පුළුවන්.

ඒ වගේම ජෛව විවිධත්වයෙන් අනූන මේ වනාන්තරය රැක ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී අගය කළ යුතුයි. පොලිතින් සහ ප්ලාස්ටික්වලින් තොර කලාපයක් ලෙස කන්නෙලිය පවත්වා ගෙන යාමට එම නිලධාරීන් ගන්නා ක්‍රියාමාර්ග බොහොමයි. ඒ වගේම අවට ප්‍රදේශවාසීන් යොදා ගනිමින් යුනෙස්කෝ සංචිත සංකල්පයත් කන්නෙලියේ ක්‍රියාත්මකයි. තමන්ට කන්නෙලියෙන් ලැබෙන අතිරේක වාසි පිළිබඳවත්, ඒ හේතුවෙන් කන්නෙලිය රැක ගත යුතු බවට හැඟීමකුත් ඒ ජනතාව තුළ ඇති වෙලා තියෙනවා.
මීට අමතරව සත්ව ප්‍රජාව සහ කන්නෙලිය සම්බන්ධයෙන් කතා කිරීමට ඇති තවත් වැදගත් තොරතුරු බොහොමයි. කන්නෙලිය ස්වභාව රක්ෂිතය සඳහා ලබන සතියේ කැලෑ කොලමෙනුත් ඉඩ වෙන් කරන්න අපි තීරණය කළේ ඒ නිසාමයි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

නවීන් යූඑන්පියෙන් අයින් වෙයි

Next Post

රන්ජන් පල්ලන්සේනෙන් අගුණුකොළපැලැස්සට අරන් යන වීඩියෝව එළියට (VIDEO)

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.