විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්වයං නිරෝධායනයට යොමුව ඇති බව ආණ්ඩුවට සමීප අරංචි මාර්ග සදහන් කරයි.
මේ තත්ත්වය මත අද (25) දහවල් 11ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඉහළ පෙළේ රැස්වීමට හෝ දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වී නොමැති බව දැනගන්නට ඇත.
මෙම සාකච්ජාව පැවැත්වී ඇත්තේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ලංකාවට එරෙහිව ඉදිරිපත් විය හැකි යෝජනාව සදහා ආණ්ඩුව මුහුණ දිය යුතු ආකාරය පිළිබදව සාකච්ජා කිරීම සදහාය.
එම සාකච්ජාවට විදේශ අමාත්‍යංශයේ ඉහළ පෙළ නිලධාරීන් මෙන්ම ආණ්ඩුවේ ඉහළ පෙළේ නියෝජිතයන්ද සහභාගී වී සිට ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙම සාකච්ජාවට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වීී ඇත්තේ සිය නිවෙසේ සිට ‘සූම්’ තාක්ෂණය ඔස්සේ බවද දැනගන්නට ඇත.










