• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙන්න යන උසස්වීම්වලට එරෙහිව පොලිසිය ඇතුළේ ගහන කැරැල්ල

January 24, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
දෙන්න යන උසස්වීම්වලට එරෙහිව පොලිසිය ඇතුළේ ගහන කැරැල්ල
Share on WhatsAppShare on Facebook

පොලීසියේ අනාගත පැවැත්ම වෙනුවෙන් පොලිස් නිලධාරීන් පිරිසක් සටනකට පිවිසෙන්නේ ද ඉකුත් සතියේදීය. ඒ දේශපාලන පළිගැනීම් ලැයිස්තුවට රිංගූ දේශපාලන පළිගැනීමකට සැබෑ ලෙසම ලක්නොවූ පොලිස් නිලධාරීන් පිරිසක් කෙටි මාර්ගයකින් උසස් වීම් ලබනවාට එරෙහිවය.

පළිගැනීම් පිට දමා පොලිසියට උසස්වීම්

ඒ ගැන කරුණු හෙළිකරන පොලීසියේම නිලධාරීන් පවසන්නේ ඌව පළාතේ පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධුරයක් දරන ප්‍රධාන පොලිස් පරීක්ෂකරයෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී ධුරයට ඒ අනුව උසස්වීම් ලබන බවය. එසේම ඇමතිවරයෙකුගේ ආරක්ෂක සම්බන්ධීකරණ කටයුතුවල නිරතව සිටින වැඩ බලන පොලිස් අධිකාරීවරයෙක් නියෝජ්‍ය පොලිස්පති වන්නේ ඔහුට වඩා පොලීසියේ ජ්‍යෙෂ්ඨයින් 165ක්ම සිටියදී බවය. මේ අකාරයට පොලිස් අධීකාරීවරුන් සහ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හිතා ගන්නටත් බැරි ආකාරයට නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන බවත්, පොලිස් පරීක්ෂකවරුන් පොලිස් අධිකාරීවරුන් සහ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන බවත් එම නිලධාරීහු පෙන්වා දෙති.

දැනටම පෙස්සමක් අස්සන් කරන්න අරන්…

දේශපාලන පළිගැනීම්වලට සාධාරණය ලබාදෙන බව කියන මේ ලැයිස්තුවේ හැත්තෑවකට වැඩි නිලධාරීන් පිරිසක් සිටිති. ඒ අයගෙන් සැබෑ ලෙසම දේශපාලන පළිගැනීම්වලට ලක්ව සිටින නිලධාරීන් සිටින්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. ඒ අයට සාධාරණය ඉටුවීම සම්බන්ධයෙන් සෙසු පොලිස් නිලධාරීන්ගේ විරෝධයක් මතු වන්නේ නැත. ගැටලුව වී ඇත්තේ නැති දේශපාලන පළිගැනීමක් පෙන්වා දේශපාලන හෙන්චයියන් පිරිසකට උසස්වීම් ලබාදීමට ගන්නා වෑයම ගැනය. ඒ අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව කියමින් යහපාලන ආණ්ඩුව සමයේදී දේශපාලන පළිගැනීම් කමිටුවට ගිය නිලධාරීන්ද සිටීම විශේෂිතය. ඒ අයටද මෙම ලැයිස්තුවෙන් උසස්වීම් ලබන්නට මග පාදා තිබීම ගැන පොලිස් නිලධාරීන් අතර සංවාදයක් මේවන විට ඇතිවී ඇත්තේ මෙම ලැයිස්තුවට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීමේ ව්‍යාපරයක්ද ආරම්භ වෙමිනි.

පොලිස් අරගලවල ඉතිහාසය

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය විමසීමේදී පොලීසිය සිය අයිතීන් දිනා ගැනීමට වෘත්තීය අරගලවල නිරතව නැත. එහෙත් ඉතිහාසයේ අවස්ථා දෙකකදී පොලිස් පොඩ්ඩන් සංවිධානය වීමක් ගැන අසන්නට ලැබුණත් එය වෘත්තීය අරගලයක් දක්වා වර්ධනය වූයේ නැත. එවැනි අරලගලයකට නීතියෙන්ද අවස්ථාවක් නැත. එහෙත් ලෝකයේ ඇතැම් රටවල පොලිස් නිලධාරීන් වෘත්තීය අරගලවල නිරතවන අවස්ථාද නැතුවාම නොවේ.

ඩේල් ගහපු ගේම

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ට වෘත්තීය අරගලවල නිරතවීමට අවකාශ නොමැති වූවත් පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය අවස්ථා කිහිපයකදී සිය අයිතීන් වෙනුවෙන් වෘත්තීය අරගලයක නිරතවූයේ සාම්ප්‍රදායක අරගල ක්‍රමයෙන් බැහැරවය. ඒ සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උපාධිධාරීන් බඳවා ගැනීමට එරෙහිවය. එකල පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිධුරය දැරුවේ පොලිස් පරීක්ෂක ඩේල් ගුණරත්නය. අද ඔහු පොලිස් සේවයෙන් ඉවත්ව නීතීඥයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ගතකරමින් සිටී. පොලිස් පරීක්ෂවරුන්ගේ සංගමයේ ශක්තිමත්ම යුගය වූයේ ඩේල් ගුණරත්න සභාපතිධුරය හොබවන වකවානුවය. ඔහුටම ගැලපෙන නිලධාරීන් කණ්ඩායමත් ඔහු වටා සිටියේය. පොලිස් පරීක්ෂක ගැමුණු ඒ අතර ප්‍රබල චරිතයකි. පොලිස් සේවයෙන් ඉවත්ව ඔහු අද වාසය කරන්නේ ඇමරිකාවේය. එකල ඔවුන්ගේ හඩේ ප්‍රබලත්වය නිසාම සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගැනීම්ද ආපස්සට ගියේය. එසේම ශ්‍රී ලංකා පොලීසියේ 27 වෙනි පොලිස්පතිවරයාව සිටි ටී.ඊ. ආනන්ද රාජා පොලිස්පතිධුරයෙන් විශ්‍රාම ගන්නා විට ඊළගට පොලිස්පතිධුරය ලැබීමට සුදුසුකම් ලබා සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් අතර සිටි චන්ද්‍රා ප්‍රනාන්දුට පොලිස්පති ධුරය ලබාදෙනවාට එරෙහිව සටනක් පොලීසිය ඇතුළේ ගෙන ගියේද පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය විසිනි. ඒ ඝෘජු සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගැනීමට එරෙහි සටනට සමගාමීවය. එදා 28 වෙනි පොලිස්පතිවරයා වන්නේ ඉන්ද්‍ර ද සිල්වාය. ඒ පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් නිසාද නැතිනම් වෙනත් හේතුවක් නිසාද යන්න ගැන දන්නේ එවකට සිටි ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පමණි. කෙසේ වෙතත් ඉන්ද්‍රද සිල්වාට වැඩි කාලයක් පොලිස්පති ධුරයේ රැඳී සිටින්නට ඉඩක් නොවීය. නිසි වයස අවසන් වීමෙන් අනතුරුව ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගත්තේය. ඊළගට පත්වන්නේ චන්ද්‍රා ප්‍රනාන්දුය. බොහෝ අය සිතන්නේ පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය සහ ඔහු අතර ගැටුම් හටගනීවි යැයි කියාය. එහෙත් එසේ නොවීය.

පොලිස්පති මගින් ජනාධිපතිට

ආනන්ද රාජාට පොලිස්පති ධුරය හිමිවන්නේ ඊට පෙර සිටි පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ අභාවයත් සමගිනි. ඒ වන විට පොලිස් සේවයේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූයේ එච්.එම්.ජී.බී. කොටකදෙණියයි. එහෙත් ඔහුට පොලිස්පති ධුරය හිමි නොවී ආනන්ද රාජාට ඒ අවස්ථාව ලැබෙන්නේද පොලීසියේ ඉහළ නිලධාරීන් අරගලයක නිරතවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
දැන් නැවතත් ආරම්භ වී ඇත්තේ එවැනිම අරගලයකි. ඒ දේශපාලන පළිගැනීම් ලැයිස්තුවට එරෙහිවය. පොලීසිය ඇතුළේ පෙත්සමක් අත්සන් කෙරමින් ඇත්තේ පොලිස්පති මගින් ජනාධිපතිවරයා අතට පත්කරන්නටය. බුද්ධි අංශ මේ වන විටත් ඒ ගැන යම් අනතුරු ඇඟවීමක් පවා කර ඇත්තේ එම දේශපාලන පළිගැනීම් ලැයිස්තුව ක්‍රියාවට නැංවුවහොත් අහිතකර ප්‍රතිඵල ලැබෙනු ඇතැයි කියාය. ඒ අනුව ඉකුත් සතියේ කැබිනට්ටුවට ඉදිරිපත් කර ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ එම ලැයිස්තුව කැබිනට්ටුවට ඉදිරිපත් වී තිබුණේ නැත. එය එසේ යැයි කියා බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනතුරු එම ලැයිස්තුවට එරෙහි අරගලයට නැවතීමේ තිත තැබීමටද එම අරගලය හා සම්බන්ධව සිටින නිලධාරීන් සූදානම් නැති බව ද පෙනී යයි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

මහින්ද මහින්ද හමුවක් (PHOTOS)

Next Post

පොකුරුවලට කිසිම සම්බන්ධයක් නැති රෝගීන් දැන් වාර්තා වෙනවා -සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කරයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.