• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

1. ටෝනි: 2. එස්.බී: 3. ඥානසාර හිමි: 4. රන්ජන්: ඊළගට හිරේ වැටෙන්නේ දොස්තර පාදෙණියද?

January 25, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
1. ටෝනි: 2. එස්.බී: 3. ඥානසාර හිමි: 4. රන්ජන්: ඊළගට හිරේ වැටෙන්නේ දොස්තර පාදෙණියද?
Share on WhatsAppShare on Facebook

අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙමින් ජනප්‍රිය චිත්‍රපට නළුවෙක්ද වන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දැන් සිටින්නේ සිවු වසරකට බරපතල වැඩ ඇතිව හිරේට ගොසිණි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිරේට ගිය පළමු ජනප්‍රිය පුද්ගලයා වන්නේ රන්ජන් රාමනායක පමණක් නොවේ. මෑත ඉතිහාසයේ ජනප්‍රිය චරිත කිහිපයක්ම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ලක්විය.

මුලින්ම ගියේ ටෝනි

ඒ අතර මෑත ඉතිහාසයේ ජාත්‍යන්තරයේ පවා වඩාත් අවධානයට යොමු වුණු අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිරේට නියමවූවෙක් වූයේ ටෝනි එමානුවෙල් ප්‍රනාන්දුය. ඔහු හිරේට යන්නේ චන්ද්‍රිකා ආණ්ඩුව පැවැති සමයේදීය. ඒ එම වකවානුවේ සිටි අගවිනිසුරුවරයාට එරෙහිව පවරන ලද නඩුවකදී උස් හඩින් කතා කළා යැයි කියාය. එදා ඔහුව හිරේට යවන්නේ එසේ උස් හඬින් කතා කිරීම තුළින් අධිකරණයට අපහාස කළායැයි කියාය. වසරකට බන්ධනාගාරගත වන ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමු වන්නේ බන්ධනාගාරය තුළදී ඔහුට එල්ලවුණු අමානුෂික ප්‍රහාරයන් හේතුවෙනි. වසරක සිර දඩුවමකින් පසු නිදහස ලැබූ ඔහු දැන් සිටින්නේ කැනඩාවේ වාසය කරමිනි.

එස්.බී. හබරාදුවේදී කරපු කතාව

නැවතත් අධිකරණයට අපහාස කරීමේ චෝදනාවකට ලක්වන ජනප්‍රිය චරිතය වූයේ එස්.බී. දිසානායකය. 2003 වසරේ හබරාදූවේ පැවැති වප්මඟුල් උළෙලකදී මාධ්‍ය ඉදිරියේදී කළ ප්‍රකාශයක් මුල්කර ගනිමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඔහු ලක්විය. එකල ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයාය. 2003 වසරේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශේ්්‍රෂ්ඨාධිකරණය විසින් නඩු අසා එස්.බී. දිසානායකව වරදකරුකරමින් හිරේට යවන්නේ 2004 වසරේ දෙසැම්බර් 12 වෙනිදාය. ඒ වසර දෙකකටය.
එස්.බී. අධිකරණයට අපහාස කළා යැයි කියනු ලබන ප්‍රකාශය කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පැවතියදීය. එකල රටේ ජනාධිපතිවරයා වූයේ පොදුජන පෙරමුණෙන් බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. විජය කුමාරතුංගගේ ඝාතනයෙන් පසු රටේත් නොසිටි චන්ද්‍රිකාව මෙරටට ගෙන්වාගෙන ජනාධිපති පුටුවේ හිඳවන සටනේද පෙරමුණේ සිටි එස්.බී. ඒ වන විට සිටියේ චන්ද්‍රිකා සමග ගැටෙමිනි. 2003 වසරේ පැවැති වප්මඟුල් උළෙලේදී එස්.බී.ගේ මුවින් අධිකරණයට අපහාස වන ප්‍රකාශය පවා නිකුත් වන්නේ ද චන්ද්‍රිකා ජනාධිපතිනිය සමග ඒ වන විට පැවැති ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එස්.බී.ට එරෙහිව ක්‍රියාත්මක වීමට චන්ද්‍රිකාවාදීන්ට පාරාවළල්ලක් වන්නේ එම ප්‍රකාශයයි. එස්.බී. දෙවසරකට හිරේ යන්නේද නැවතත් චන්ද්‍රිකාගේ ආණ්ඩුවක් බලයේ තිබියදීය. එකල ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයාද විය.
එස්.බී. හිරේ යාමත් සමග ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහිමිව ගියේය. එස්.බී. වෙනුවට එදා පාර්ලිමේන්තුවට එන්නේ එස්.බී. සමග නුරඑළියෙන් තරගකර පරාජිත එජාප ලැයිස්තුවේ ඉහළින්ම සිටි රේණුකා හේරත්ය. ඒ එස්.බී. හිරේ ගොස් මාස 08කට පසුවය.

මහින්දගෙන් සමාව

2005 දී රටේ ජනාධිපති ධුරයට පත්වන්නේ එස්.බී.ගේ දේශපාලන මිත්‍ර සමාගමේ සිටි මහින්ද රාජපක්ෂය. ඒත් එක්කම කොයි කවුරුත් සිතන්නේ එස්.බී.ට මහින්ද ජනාධිපතිවරයාගෙන් පොදු සමාවක් ලැබී නිදහස උරුම වෙතැයි කියාය. එහෙත් එය එසේ සිදුවූයේ නැත. තවත් ටික කාලයක් එස්.බී.ට හිරේ ලගින්නට සිදුවිය. ජනපති පොදු සමාවකින් ඔහුට එළියට එන්නට ඉඩ ලැබෙන්නේද නියමිත දඬුවම් කාලය හමාර වීමට දින කිහිපයක් තිබියදීය. ඒ 2006 වසරේදීය. එසේ ලද ජනපති පොදු සමාව නිසාම එස්.බී.ට අහිමිවන්නට ගිය ප්‍රජා අයිතිය නම් එදා සුරැකුණේය. 2010 වසරේදී පැවැති මහා මැතිවරණයට ඔහුට තරග කරන්නට අවස්ථාව ලැබෙන්නේ එබැවිනි.

ඊළගට ඥානසාර හිමි

එස්.බී.ගෙන් පසු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට හිරේ යන්නේ ගලබඩඅත්තේ ඥානසාර හිමියෝය. බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම්වරයා වූ උන්වහන්සේ යහපාලන ආණ්ඩුව සමයේදී දැඩි හඬක් නගන්නට වූයේ රණවිරුවන් බන්ධනාගාර ගත කිරීම සහ අන්තවාදයට එරෙහිවය. උන්වහන්සේට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට පවා ලක්වන්නට වූයේ ඒ නිසාමය. එකල හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති නඩු කටයුත්තකදී අධිකරණ ශාලාවට කඩාවැදී උන්වහන්සේ කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් උන්වහන්සේට එරෙහිව අභියාචනාධිකරණයට පැමිණිල්ලක් කරන්නේ හෝමාගම මහෙස්ත්‍රාත් ලෙස එකල සේවය කළ රංග දිසානායකය. ඥානසාර හිමි එසේ අධිකරණයට අපහාස කළේ යැයි කියැවෙන්නේ 2016 වසරේ ජනවාරි 25 වෙනිදාය.
ඒ සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගකින් අනතුරුව ඥානසාර හිමියන්ට නියම වන්නේ බරපතළ වැඩ ඇතිව 19 වසරක සිරදඬුවමකි. ඒ චෝදනා ගොන්නකටය. අධිකරණය නියෝග කරන්නේ එම සිරදඬුවම එකවර වසර 06කින් ගෙවී යන ලෙස ක්‍රියාත්මක වන ආකාරයටය. ඒ අනුව ඥානසාර හිමියන් වසර 06කට හිරේ යන්නේ අධිකරණයට අපහාස කිරීමකට වරදකරු වෙමිනි.

මෛත්‍රිපාලගෙන් පොදු සමාවක්

ඥානසාර හිමියන්ගේ බන්ධනාගාරගත කිරීම මෙරට බන්ධනාගාර ඉතිහාසයේ යම් සටහනක් තැබූවකි. ඒ කුමන තරාතිරමක වූවත් සිරකරුවන්ට නියමිත සිර ඇඳුම වන ජම්පරය ප්‍රතික්ෂේප කළ එකම සිරකරුවා වන්නේ උන්වහන්සේ වන බැවිනි. බන්ධනාගාර තොරතුරු සඳහන් කරන්නේ උන්වහන්සේට ජම්පරය ලබාදුන් අවස්ථාවේදී එය විසි කරමින් සිවුරෙන් ගෙල වැලලා ගන්නා බවට නිලධාරීන්ට තර්ජනයක් පවා කළ බවය. 2018 වසරේ අගෝස්තු 08 වෙනිදා හිරේට යන ඥානසාර හිමියෝට වැඩි කාලයක් හිරේ සිටින්නට ඉඩක් නොවූහ. මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් උන්වහන්සේව 2019 වසරේ හිරෙන් එළියට ගන්නේ ජනාධිපති පොදු සමාවක් දෙමිනි. ඒ නිසා උන්වහන්සේගේද ප්‍රජා අයිතියට හානියක් නොවීය. ඉකුත් මහා මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කරන්නට නාම යෝජනා පත්‍රයක් පවා උන්වහන්සේට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන්නේ එබැවිනි.

රන්ජන්ට මොනවා වෙයිද?

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වෙමින් හිරේ යන්නේ අනතුරුවය. ඒ අරලියගහ මන්දිරයේ පැවැති දේශපාලන රැස්වීමකින් අනතුරුව අරලියගහ මන්දිරය ඉදිරිපිට රැඳී සිටි මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් කළ ප්‍රකාශයක් මුල්කර ගනිමිනි. එම ප්‍රකාශය ඔහු විසින් කරනු ලබන්නේ 2017 වසරේ අගෝස්තු 21 වෙනිදාය. එකල ඔහු රාජ්‍ය ඇමැතිවරයෙකි. දීර්ඝ නඩු විභාගයකින් පසුව ඔහුට වසර 04 ක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක් හිමිවන්නේ ඔහු ඒ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයකම සිටියදීමය.

ඊළගට පාදෙණියද?

රන්ජන්ගෙන් පසු අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිවය. ඒ මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියගොඩ යන දෙදෙනා විසින් ගොනුකළ පැමිණිල්ලකට අනුවය. අධිකරණයට අපහාස කිරීම් සම්බන්ධයෙන් මේ වන විට ජනප්‍රිය චරිත රැසක් බන්ධනාගාර ගතව අවසන්ය. එම ගොඩට අනුරුද්ධ පාදෙණිය ඇතුළත් වන්නේද? නැද්ද? යන්න ඉදිරියේදී අධිකරණය විසින් තීන්දුවක් ගනු ඇත.
මෙතෙක් අධිකරණයට අපහාස කිරීම් සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වූ සෑම අයෙකුටම එම දඬුවම නියම වූයේ බරපතළ වැඩ ඇතිවය. ටෝනි එමානුවෙල්ට නම් ඔහු බන්ධනාගාරයේ ගතකල කාලය තුළ අධිකරණ නියෝගයට අනුව බරපතළ වැඩ කරන්නට සිදුවිය. එස්.බී. ටත් මුල් සති කිහිපය තුළ බරපතළ වැඩ නියම වූවත් පසුව ඇස් ලෙඩ සෑදී බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු ඔහු එතැන් සිට නිදහස ලබන තුරු රඳවා සිටියේ රෝහලේය. ඥානසාර හිමියන්ට බරපතළ වැඩ කෙසේ වෙතත් ආහාර පාන පවා දෙපතුල ළඟටම ලැබුණේය. ඒ උන්වහන්සේ වටා විශාල බලයක් ගොඩනැගී තිබුණු බැවිනි. උන්වහන්සේට බන්ධනාගාරය ඇතුළත සහ පිටත යැයි කියා වෙනසක් නැති තරමට පුද සත්කාර ඇතුලෙන් ලැබී තිබුණේය.
රන්ජන් රාමනායකට නම් එවැනි විශේෂ වරප්‍රසාදයක් බන්ධනාගාරය තුළින් ලැබේවි යැයි සිතන්නට බැරිය. එසේම ඔහුට ජනාධිපති පොදු සමාවක් ලැබේවි යැයිද කියන්නට බැරිය. ජනාධිපති සමාවක් යම් දවසක ලැබෙන්නේ නම් ඒ ඔහුගේ වාසනාවකි. වත්මන් ජනාධිපතිගෙන් ඔහුට ඒ වාසනාව ලැබේවි දැයි කියන්නට තවමත් කල් වැඩිය.

රන්ජන්ට ඇතුළේ නාට්‍ය කරන්න වෙයිද?

රන්ජන් රාමනායක හිරේට යන්නේ බරපතළ වැඩ ඇතිව බැවින් සෙසු සිරකරුවන්ට මෙන් රන්ජන්ට හිරේදී ලැබෙන බරපතළ වැඩ මොනවාදැයි කුකුසක් සමාජය තුළ නැතුවාම නොවේ. ඒ බරපතළ වැඩ යැයි කියූ සැණින් මතකයට නැගෙන්නේ ඇඟපත වෙහෙසා කරන වැඩ බැවිනි. අතීතයේ නම් බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියමවූවන්ට සිරගෙදරදී සිදුවන්නේ පොල් ලෙලි තළන්නටය. කොහු අඹරන්නටය. කළු ගල් කඩන්නටය. කොළඹ වරායේ බ්‍රේක් වෝටර් බැම්ම ඉදි කිරීමේදී ඊට අවශ්‍ය කළුගල් කැඩීම් කළේ බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම වූවන් යොදාගෙනය. මහර බන්ධනාගාරය ඉදි කෙරන්නේද ඒ වෙනුවෙන්මය. බරපතළ සිරදඬුවම් නියම වන්නන්ට කළුගල් කඩන්නට සිදුවන බවට විශ්වාසයක් ගොඩනැගෙන්නේ එබැවිනි.
ඒත් දැන් අපේ රටේ බරපතළ වැඩ යැයි කියා දෙයක් කරන්නට සිරකරුවන්ට නැත. එමානුවෙල් මෙන්ම එස්.බී.ටද බරපතළ වැඩ යැයි කියා දුන්නේ කර්මාන්ත පුහුණුවකි. ඒ බන්ධනාගාරගතවන සිරකරුවන් නැවත සමාජගත වන විට සමාජයට වැඩදායී පුද්ගලයින් බවට පත්කිරීම සඳහාය. එම කර්මාන්ත පුහුණුව බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් හිමිවන අයට පමණක් ලැබෙන්නක් නොව. සිරගතවන සෑම සිරකරුවෙකුටම ලැබෙන්නෙකි. ඒ අනුව රන්ජන් රාමනායකටද කර්මාන්ත පුහුණුවක් අනිවාර්යයෙන්ම බන්ධනාගාරයෙන් ලැබෙනු ඇත.
කර්මාන්තවද කොටස් දෙකකි. ගෘහ කර්මාන්ත සහ කාර්මික කර්මාන්ත ලෙසිනි. කාර්මික කර්මාන්ත ගොන්නට වැටෙන්නේ පරිගණක පුහුණුව, නැටුම් සහ නාට්‍ය කලාව, මේසන් වැඩ, ටිංකරිං, කොහු ආශ්‍රිත කර්මාන්ත, වඩු කර්මාන්තය, ලොන්ඩරි කර්මාන්තය, වැනි අංශයි. එස්.බී. දිසානායක කෙටි කාලයක් සේවය කළේ කොහු ආශ්‍රිත කර්මාන්ත අංශයේය. එම පුහුණුවට සිරකරුවන් යොමු කරන්නේ එක් එක් සිරකරුවාගේ දැනුම , අධ්‍යාපන සුදුසුකම් සහ කැමැත්ත මතය. ඒ අනුව බොහෝ විට රන්ජන් රාමනායකට හිමිවනු ඇත්තේ නැටුම් සහ නාට්‍ය කලාවය. ඒ බන්ධනාගාරයේ නාට්‍ය කණ්ඩායමක් පවා ඇති බැවිනි. පසුගිය සමයේ බන්ධනාගාර අතර පැවැති නාට්‍ය තරගාවලියකට සිරකරුවන් පුහුණු කරනු ලැබුවේ අපේ රටේ දක්ෂ ක්‍රීඩා මාධ්‍යෙව්දියෙක් විසිනි. ඉදිරියේදී ඒ අඩුව රන්ජන් රාමනායක විසින් පුරවනු ඇතැයි වැලිකඩ බන්ධනාගාර බලධාරීහු විශ්වාසයෙන් සිටිති.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරයෙක්ට කොරෝනා

Next Post

මහින්ද අභයාරමයේ පැය එකහමාරක සාකච්ජාවක

MORE NEWS

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත්...

Read more
Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.