• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024දි රට පෙරළන දෙන්නා (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 23, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 6 mins read
A A
2024දි රට පෙරළන දෙන්නා (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘ලංකාවේ විධායක ජනාධිපතිවරයෙක් කවදාවත් නම කියල මන්ත්‍රිවරයකුට අභියෝග කළා නම් ඒ ගෝඨාභය හරින්ට කරපු අභියෝගය…’

මේ ගෝඨාභය හරින්ගේ නම කියල කරපු අභියෝගය ගැන දේශපාලනය දන්නා උදවිය කියන කතාවය. ගෝඨාභයගේ මේ කතාවෙන් පරල වුණේ 69 ලක්‍ෂයෙන් සහ තුනෙන් දෙකෙන් ඔළුව උදුම්මවාගෙන ඉන්න මැති ඇමැතිවරුය.

‘හරින් කියන්නේ මොකෙක්ද…?

‘ගෝඨාභයට පිස්සුද..?’

‘අයියෝ මාර මිස්ටේක් එකක්…’

‘කොහෙවත් හිටපු හරින්ව වීරයෙක් කළා…’

ඒ ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරු ගෝඨාභයගේ කතාව අහල කිව්ව කතාය.

හැබැයි ගෝඨා, හරින්ට නම කියලාම අභියෝග කළේ නිකම්ම නොවේ. හරින්ගේ ‘සර් ෆේල්’ කැම්පේන් එක සහ හරින්ගේ කටේ සැර ගෝඨාභයගේ පපුවටම දැනුණු නිසාය. හරින් තමාට ඡන්දය දුන්න 69 ලක්‍ෂයේ ඔළුගෙඩි කොලොප්පම් කරවන බව ගෝඨාගේ නාඩියට වැටුණු නිසාය.

‘විපක්‍ෂයට විමල් වීරවංශ කෙනෙක් හම්බවෙලා…’

මේ ලංකාවේ දේශපාලනය ගැන ඇහැ ගහගෙන සිටින පරණ පත්තරකාරයෙක් කී කතාවය. ඇත්තටම 1994ට පසු එක්සත් ජාතික පක්‍ෂයට කතාකාරයෝ හිටියේ හරි අඩුවෙන්ය. පක්‍ෂ නායකයා වූ රනිල්, මහ ලේකම් වූ ගාමිණී අතුකෝරල, නියෝජ්‍ය නායක කරු ජයසූරිය කතාවෙන් දක්‍ෂයන් නොවූ නිසා ඒ කාලේ එක්සත් ජාතික පාක්‍ෂිකයන් කීවේ ප්‍රභාකරන් බෝම්බ ගැහුවේ එක්සත් ජාතික පක්‍ෂයේ කටට කියාය. කතාවෙහි දක්‍ෂව සිටියේ අනුර බණ්ඩාරනායක, රාජිත සේනාරත්න, සරත් කෝන්ගහගේ, ආර්. ඒ. ඩී. සිරිසේන වැනි කිහිපදෙනෙකි. 2000 මහ මැතිවරණයට පසු අනුර කතානායක වී එක්සත් ජාතික පක්‍ෂය හැර ගියේය. සරත් කෝන්ගහගේද චන්ද්‍රිකාට එක්විය. 2001 මහ මැතිවරණය යූ.ඇන්.පී.ය දින්නේ එස්. බී. දිසානායකගේ කට නිසාය. කතාවෙහි දක්‍ෂ බන්ධුලගේ කටත් හොඳට වැඩ කළේය. පිට්ටනිය පුරවා ගන්න බැරි යූ.ඇන්.පී.යේ රැස්වීම්වලට යූ.ඇන්.පී.කාරයන් පමණක් නොව මධ්‍යස්ථ මිනිසුන්ද දිව ආවේ එස්. බී.ලාගේ, බන්දුලලාගේ කතා අහන්නටය.

2004 ආණ්ඩුව ගත්ත විගස චන්ද්‍රිකාගේ ආණ්ඩුව එස්. බී.ගේ කට වහන්න තීරණය කළේ එස්. බී.ගේ කටට ඡන්ද ආකර්ෂණය කරගත හැකි නිසාය. උසාවියට අපහාස කළා කියා එස්. බී. හිරේට ගියේ එහි ප්‍රතිඵලයක් වශයෙන්ය. 2005 ජනාධිපතිවරණයේදී යූ.ඇන්.පී. වේදිකාවේ ස්ටාර් කෙනෙක් නැති බව හොඳින් තේරුම් ගත්තේ එවකට ජනාධිපති චන්ද්‍රිකාය. මහින්දගේ වේදිකාවේ විමල්ගේ කටට හරි යන කටක් යූ.ඇන්.පී. වේදිකාවේ සොයාගත නොහැකි විය. ජනාධිපතිවරණය ආසන්නයේ චන්ද්‍රිකා එස්. බී.ට සමාව දී නිදහස් කරන්න කැමැත්ත පළ කළේ මහින්ද දින්නොත් තමාට වරදින බව දැනගෙනය. ඒත් ඒ වෙලාවේ රනිල් හිටියේ දිනලාය. එස්. බී. එළියට ඇවිත් රට වටේ යන්න ගත්තොත් එස්. බී. ජයග්‍රහණයට උරුමකම් කියා අගමැති ධුරය හෝ ප්‍රබල ඇමැති ධුරයක් ඉල්ලයි කියා රනිල් බය විය.
2005 ජනාධිපතිවරණ පරාජයට පසු යූ.ඇන්.පී. කටට යළි හෙනහුරා ලැබුවේය. රාජිත, ආර්. ඒ. ඩී. සිරිසේන, යූ.ඇන්.පී.ය හැර ගියහ. මහින්දගෙන් සමාව ලබා හිරෙන් නිදහස් වූ එස්. බී. ද මහින්ද ළඟට යන්න පාර හදාගත්තේය.

2015 ජනාධිපතිවරණයෙන් යළි යූ.ඇන්.පී.ය දින්නේ මෛත්‍රිපාල සිරිසේනගේ කට නිසාය. ඔහුට තිබුණේ රණසිංහ ප්‍රේමදාස පන්නයේ කටකි. ඔහුගේ කටට රනිල්ගේ දුර්වල නායකත්වය නිසා අකර්මණ්‍ය වී සිටි යූ.ඇන්.පී.කාරයන් පමණක් නොව මධ්‍යස්ථ ඡන්දදායකයන්ද ආකර්ෂණය විය. ලංකාවේ දේශපාලනයේ පළමු අගමැති ඩී. ඇස්. දක්‍ෂ කථිකයෙක් නොවේ. ඒත් ඔහුගේ පුත් ඩඩ්ලි දක්‍ෂ කථිකයෙකි. 1947 ඩී. ඇස්. බලයට ආවේ ඩඩ්ලි සහ බණ්ඩාරනායකගේ කටවල්වල හයියෙනි. 1952ත්, 1965ත් ඩඩ්ලි දින්නේ ඔහුගේ දක්‍ෂ කථිකත්වය නිසාය. 1956 බණ්ඩාරනායක දින්නේ ඔහුගේ දක්‍ෂ කථිකත්වය නිසාය. බණ්ඩාරනායක මැතිනිය සහ ජේ. ආර්. දක්‍ෂ කථිකයන් නොවේ. මැතිනිය දින්නේ ඇන්. ඇම්., කොල්වින්, ටී. බී. ඉලංගරත්න වැනි දක්‍ෂ කථිකයන් නිසාය. ජේ. ආර්. දින්නේ ප්‍රේමදාස සහ ගාමිණී වගේම රොනීගේ දක්‍ෂ කථිකත්වය නිසාය. ප්‍රේමදාස දින්නේ ප්‍රේමදාසම කටින් ගහලාය. චන්ද්‍රිකා සහ මහින්දත් දක්‍ෂ කථිකයන් නොවේ. චන්ද්‍රිකා දින්නේ එස්. බී. වැනි අලුත්, නැවුම් කථිකයන් රොත්තක් වටේ තියාගෙනය. මහින්ද දින්නේ විමල් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ කථිකයන් නිසාය. ගෝඨාභයත් කථිකයෙක් නොවේ. ඇත්තටම රාජපක්‍ෂලා දින්නේ විමල්ගේ කට නිසාය. රාජපක්‍ෂලාව වික්කේ විමල්ය.

‘විමල් යූ.ඇන්.පී.යේ හිටියා නම් නායකයා වෙලා ගොඩාක් කල්…’

මේ පරණ යූ.ඇන්.පී.කාරයෙක් කී කතාවය. අද විමල්ගේ කට රාජපක්‍ෂලා විසින්ම දුර්වල කොට ඇත. නැතිනම් විමල් පහුගිය මහ ඡන්දයෙන් කොළඹ දෙක වන්නේ නැත. හරින්ගේ හඬ එළියට එන්නේ මෙලෙස පොදුජන පෙරමුණේ කටවල් එකින් එක වැහීගෙන යද්දීය.

අනෙක හරින් කියන්නේ කටකාරයෙක් පමණක් නොව හොඳ වැඩකාරයෙකි. පරද්දන්න බැහැ කිව්ව රාජපක්‍ෂලාව පරාජයේ දොර ළඟටම රැගෙන ගියේ හරින්ය. ඒ ඌව පළාත් සභා ඡන්දයෙන්ය. දෙවියන් වහන්සේ ගැලවුම්කාරයා එවන්න පෙර පෙරමඟ සකසන්නෙක් එවන බව බයිබලයේ සඳහන් වෙයි. මෛත්‍රිපාලට දිනන්න ඌව පළාත් සභාව ජයග්‍රහණයේ දොරකඩටම අරගෙන ගියේ හරින්ය. හැබැයි පාස්කු ප්‍රහාරයේදී හරින් කට වරද්දා ගත්තේය. පියා ප්‍රහාරය දැනගෙන සිටියා යැයි කී කතාවෙන් හතරගාතේ වැටුණි.

‘හරින් කෑවා…’

මේ ඒ කාලයේ යූ.ඇන්.පී.කාරයන් කී කතාවය.

‘හරින් මාර බඩුවක්නේ…’

මේ දැන් සමඟි ජනබලවේගය සිය පක්‍ෂය බවට පත්කරගත් යූ.ඇන්.පී.කාරයන් කී කතාවය.

දේශපාලනය කියන්නේ හරිම පුදුම දෙයකි. 1965දී මැතිනිය අගමැති ධුරයෙන් ඉවත් වන විට පුටුව සෝදන්න වෙයි කියා ප්‍රේමදාස කටවරද්දා ගත්තේය. යූ.ඇන්.පී.කාරයන්ම ප්‍රේමදාස වැඩේ කෑවා යැයි කියන්න පටන් ගත්තේය. හැබැයි 1977 යූ.ඇන්.පී.ය හයෙන් පහක බලයක් ගත්තේ ප්‍රේමදාසගේ කට නිසාය.

එහෙව් ප්‍රේමදාසගේ පුතා සජිත් 2024 ජනාධිපති කරවන්න තරු දෙකක් විපක්‍ෂයේ නිර්මාණය වී තිබේ.

එක්කෙනෙක් හරින්ය. අනෙකා රන්ජන් රාමනායකය. 2024 වන විට රන්ජන් නිදහස්ය. රන්ජන් හිරෙන් එළියට එන්නේ 2024 ජනාධිපති සටන යකඩයක් මෙන් රත්වෙලා තියෙන වෙලාවකය. හතුරන් විසින් බොරු චෝදනා නඟා හිරේට දමා හිරෙන් නිදහස් වී හතුරන් නසන්න එන වීරයාගේ චරිතය රන්ජන් චිත්‍රපටවල රඟපා ඇත්තේ වරක්, දෙවරක් නොවේ. රන්ජන් වර්ණවත් චරිතයකි. තිරයේ වන්ෂොට් රඟපෑ රන්ජන්ට දේශපාලනයේ වන්ෂොට් වීම දුෂ්කර යැයි සිතිය නොහැකිය. රන්ජන්ගේ වන්ෂොට් එකයි හරින්ගේ හරි ෂොට් එකයි එකට එකතු වුණාම 2024 ලාස්ට් ෂොට් එක ගහන්න අමාරු නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඉන්දියාවේදී කුඩු කිලෝ 100ක් සමග හසුවී ඇත්තේ නාකොටික් රංගජීව මරන්න එක්කගෙන ආ නවාස්!

Next Post

මොනවද මේ කාලචක්‍ර දශා

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.