• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂලා ස්වදේශීද-වෙන්දේසීද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

January 23, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
රාජපක්ෂලා ස්වදේශීද-වෙන්දේසීද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා විසින් ලියන ලද පොතක් මෑතකදී ඉන්දියාවේදී එළිදැක්විණ. ඒ පොතේ එක් පරිච්ඡේදයක ප්‍රනාබ් ලංකාවේ යුද්ධයේ අවසන් කාලපරිච්ඡේදය පිළිබඳව සඳහන් කොට තිබේ. එකල ප්‍රනාබ් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විය. යුද්ධය අවසන් කාලසීමාවේදී ඉන්දීය කොංග්‍රස් ආණ්ඩුවට මුහුණදීමට සිදුව තිබූ බරපතළ තර්ජනයක් පිළිබඳව ප්‍රනාබ් එම කොටසින් කතාකර තිබිණ. එහිදී ලංකාවේ යුද්ධය නැවැත්වීමට වහා මැදිහත් වන ලෙස තමිල්නාඩු දේශපාලකයන්ගෙන් ඉන්දීය කොංග්‍රස් ආණ්ඩුවට දැඩි බලපෑම් එල්ලවූ බවත්, තමිල්නාඩු මහඇමැතිවරයා වූ ඩී.එම්.කේ. පක්ෂ නායක කරුනානිධිගේ සහයෝගය පැවැති කොංග්‍රස් ආණ්ඩුව එක් අවස්ථාවක බිඳවැටීමට තරම් එම බලපෑම් දැඩි වූ බවත් ප්‍රනාබ් එහිදී සඳහන් කොට තිබේ.

යුද්ධය අවසන් කාලයේදී උතුර වගේම තමිල්නාඩුවද තිබ්බේ ගිනි අරගෙනය. මොකද ප්‍රභාකරන් බේරගන්න, යුද්ධය නවත්වන්න ඒ දවස්වල හැමදාම වාගේ තමිල්නාඩුවේ උද්ඝෝෂණ පැවැත්විණ. කරුණානිධි, වයිකෝ, සීමන්, තෝල් තිරුමාවලන් වගේ දේශපාලකයන් පමණක් නොව රැජිනි කාන්ත්, කමල් හසන්, සූර්යා, විජේ වැනි දැවැන්ත තමිල්නාඩු සිනමා තාරකාවන්ද ඒ දවස්වල මේ උද්ඝෝෂණවල පළමු පේළියේම සිටියහ. එක් අවස්ථාවකදී ඉන්දියාව ලංකාවේ යුද්ධය නැවැත්වීමට මැදිහත් නොවන්නේ නම් ආණ්ඩුව පවත්වාගෙන යෑමට තමන් ලබාදෙන සහාය ඉවත්කර ගන්නා බවට කරුණානිධි සෝනියාගේ කොංග්‍රස් ආණ්ඩුවට තර්ජනයක්ද කළේය. එසේ මැදිහත් වීමට නොහැකි නම් ලංකාවට ඉන්දියන් හමුදාව යවන ලෙස හෝ කරුණානිධි දැනුම්දී තිබිණ.

එන්න එන්නම මේ තමිල්නාඩු බලපෑම දැඩි වීමත් සමඟ කොංග්‍රස් නායිකා සෝනියා සහ එවක ඉන්දීය අගමැති මංමෝහන් සිං සිය විදේශ අමාත්‍යවරයා වූ ප්‍රනාබ් මුකර්ජිව ලංකාවට එව්වේය. ප්‍රනාබ් එදින රාත්‍රියේම ලංකාවට පැමිණ අලුයම් කාලය දක්වාම මහින්දත් සමඟ යුද්ධය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ සාකච්ඡා කළේය. මෙහිදී මහින්ද පැය ගණනක් කළ පැහැදිලි කිරීමෙන් පසු දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳීමට නම් යුද්ධය අවසන් කර ත්‍රස්තවාද නැති කළ යුතු බවට වූ ස්ථාවරයේ මහින්ද සිටින බව ප්‍රනාබ්ට වැටහිණ.

පොතේ සඳහන් වන ආකාරයට මේ සාකච්ඡාවෙන් පසු ප්‍රනාබ් කෙළින්ම ගියේ නවදිල්ලියට නොව තමිල්නාඩුවටය. එසේ ගිය ප්‍රනාබ් කරුණානිධි මුණගැසී මේ අවස්ථාවේදී යුද්ධය අවසන් කිරීම සඳහා ලංකා ආණ්ඩුවට සහාය දිය යුතු බව දැනුම්දුන් බව පොතේ සඳහන් කොට ඇත.

ඒ අනුව මේ ප්‍රනාබ්ගේ පොතෙන් එක කරුණක් හොඳහැටි පැහැදිලිය. ඒ රාජපක්ෂලා ඉන්දියාවට යට වෙනවා, ඉන්දියාවට බයයි, ඉන්දියාව කියන දේ කරනවා යනුවෙන් සමහරු කියන කතා බොරු කියන එකය.

ඒ වගේම යුද්ධය ඉවර කරාට පස්සෙත් මහින්ද ඉන්දියාවට ගිය හැම වෙලාවකම මන්මෝහන් සිං මහින්දට කීවේ 13 වැනි සංශෝධනය ඉක්මවා යන බලතල උතුරු නැඟෙනහිරට ලබාදිය යුතු යැයි කියාය. මෝඩිත් මේ කතාවම මහින්දට කියා සිටියේය. හැබැයි ඒ හැම අවස්ථාවකදීම මංමෝහන් සිං සහ මෝඩි කියන කතා අහගෙන හිටියා මිසක් මහින්ද කොයි වෙලාවකවත් 13 ප්ලස් කතා ක්‍රියාවේ යොදවන්න ගියේ නැත. අන්තිමට මහින්දට ගෙදර යන්න ඉන්දියාව තිරය පිටුපස ලොකු මෙහෙයුමක් දියත් කළා කියන එක මේ වන විට කවුරුත් දන්නා රහසක් බවට පත්ව තිබේ.

අන්තිමේදී ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු ඉන්දියාවට ගිය අවස්ථාවේදීත් මෝඩි කීවේ 13 ප්ලස් ක්‍රියාත්මක කරන්න යැයි කියාය. එදා ඉන්දියාව කියපු දේවල් අහන් හිටපු ගෝඨා පසුව ඉන්දියාවේ සිටම මාධ්‍යයට කියා සිටියේ මේ වෙලාවේ උතුරේ ජනතාවට උවමනා දේශපාලන විසඳුම් නොව ආර්ථික විසඳුම් යැයි කියාය.

ඒ වගේම පසුගිය දිනෙක අගමැති මහින්ද අන්තර්ජාලයෙන් ඉන්දීය අගමැති මෝඩි සමඟ කළ සාකච්ඡාවෙදීත් මෝඩි 13 ප්ලස් කතාව යළි මතක් කිරීමට කටයුතු කළේය. නමුත් මහින්ද එයද අහන් හිටියා විනා ඊට උත්තර දෙන්න ගියේ නැත.

ඊයේ පෙරේදා ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර්ද ලංකාවට ඇවිත් ගෝඨයි මහින්දයි දෙන්නම මුණගැසී මේ කතාවම යළිත් වතාවක් මතක් කළේය. ඒත් ගෝඨා හෝ මහින්ද ඊට ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත.

මේකෙන් පැහැදිලිවම පේන්නේ වෙන මොකක්වත් නොව ඉන්දියාව මොන දේ කිව්වත් රාජපක්ෂලා ඉන්දියාව කියන පදේට නටන්නේ නෑ කියන කාරණයය.

හැබැයි දැන් කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය මුල්කරගෙන යළිත් වතාවක් රාජපක්ෂලා ඉන්දියාවට යටවෙලා යනුවෙන් කතාවක් විපක්ෂය එළියට අරන් ඇවිත් තිබේ. ඉන්දියාවට බයේ රාජපක්ෂලා නැඟෙනහිර වරාය ඉන්දියාවට දෙන්න යනවා කියා විපක්ෂය චෝදනා කරයි.

මෙහිදී කාටත් අමතක වී ඇති කතාවක් මතක් කළ යුතුව තිබේ. ඒ, හම්බන්තොට වරාය ඉදිකිරීම චීනයට දෙන්න කලින් ඉන්දියාවට බාරගන්නා ලෙස මහින්ද යෝජනා කර තිබූ බවය. මහින්දලා එදා ඉන්දියාවට කියා සිටියේ හම්බන්තොට වරාය ඉදිකිරීමට ආණ්ඩුවට සල්ලි නැති නිසා, ඉන්දියාව හෝ ඉන්දියාවේ ව්‍යාපාරික සමාගමක් මගින් ඒවා බාරගෙන ඉදිකර දෙන්න යැයි කියාය. නමුත් ඒ වෙලාවේ ඉන්දියාව හම්බන්තොට වරාය ඉදිකිරීමට උනන්දුවක් දැක්වූයේ නැත. මහින්ද හම්බන්තොට වරාය ඉදිකරන ලෙසට චීනයට ආරාධනා කළේ ඒ හේතුවෙන්ය.

හැබැයි දැන් කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට තීන්දු කර තිබුණේ මහින්දලා නොව ඉකුත් යහපාලන ආණ්ඩුව කළ රනිල්ලාය. එය රනිල්ගේ ආණ්ඩුව මඟින් ගත් තීන්දුවකි. හැබැයි ගෝඨා ඇවිත් ඒ ගිවිසුම වෙනස්කොට ලංකාවට ඉන් ලැබෙන ආර්ථික වාසි ගැන සිතා ඉන්දියාවේ සල්ලිවලින් නැඟෙනහිර පර්යන්තය වැඩිදියුණු කිරීමට තීන්දු කළේය. අදානි සමාගම එළියට ආවේ එහෙමය.

අද විපක්ෂය මේ අදානි සමාගම අල්ලාගෙන පහර පිට පහර ගැහුවත් අදානිලා ගැන මේ විපක්ෂය නොකියන කතාවක්ද තිබේ. ඒ මීට වඩා විශාල වරායන් මෙහෙයවා අදානිලාට තියෙන අත්දැකීම් ගැනය. ඉන්දියාවේ වරායන් කිහිපයක්ද අද මෙහෙයවෙන්නේ මේ කියන අදානිලාගේ සල්ලිවලින්ය. ඉන්දියාවේ පමණක් නොව අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයකම වරායන් මෙහෙයවීම තුළින් අදානිලාට අත්දැකීම් සම්භාරයක් තිබේ. අනෙක වරායන් මෙහෙයවීමේ තාක්ෂණයද ඔවුන් හොඳහැටි දනී. ආණ්ඩුව අදානිලාට නැඟෙනහිර වරාය පර්යන්තය දෙන්න තීන්දු කළේ මේ නිසාය.

අනෙක කොළඹ වරායේ පර්යන්තයන් වෙනත් රටවල සමාගම්වලට මෙහෙයුම් කටයුතු සඳහා ලබාදීම අපේ රටට අලුත් දෙයක් නොවේ. වරායේ එලිසර්බත් පර්යන්තය එදා චන්ද්‍රිකා ජෝන් කීල්ස්ලාට ලබාදුන්නේය. අනතුරුව මහින්ද එක් පර්යන්තයක් චීනයට ලබාදුන්නේය. අද සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් හෙවත් එස්.ඒ.ජේ.ටී. පර්යන්තයේ හිමිකාරිත්වයෙන් සියයට 42ක් ජෝන් කීල්ස් සමාගමටද, සියයට 26ක් ඩෙන්මාර්කයේ මර්ස්ක් නෞකා සමාගමටද, සියයට 7ක් ඩෙන්මාකයේ ඒ.පී. මොලර් සමාගමට, සියයට 5ක් තායිවානයේ එවර්ග්‍රීන් සමාගමටද අයත්ය.

සී.අයි.සී.ටී. හෙවත් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයෙන් චීන මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් සමාගමට සියයට 85ක් කොටස් හිමිව තිබේ. දැනටමත් මේ රටවල් මෙම පර්යන්තය සංවර්ධනය කර මෙහෙයවමින් සිටින අතර, මෙතෙක් ඒ හරහා ලංකාවට කිසිදු තර්ජනයක් සිදුව නැත. අනෙක ආණ්ඩුව අදානිලාට නැඟෙනහිර පර්යන්තයෙන් දෙන්න යන සියයට 49න් කොටසක් ජෝන් කීල්ස් සමාගමටද හිමිය. ඒ නිසා වරාය අදානිලාට විකුණනවා, පාවාදෙනවා කියන කතාවල ඇත්තක් නැත.

‘ලෝකයේ බොහෝ රටවල වරායයන් මෙහෙයවන්නේ පිටරටවල්වල ලොකු සමාගම්’

ඊයෙ පෙරේදා වරායේ සභාපති දයා රත්නායක මාධ්‍යයට කීවේ එහෙම කතාවකි.

කතාව ඇත්තය. මොකද ආරක්ෂාව ගැන සියයට දෙසියක් හිතන ඇමෙරිකාවේ වරායන් පවා සියයට 80ක් පමණ මෙහෙයවන්නේ එරට සමාගම් නොව පිටරට මහා දැවැන්ත සමාගම්ය. චීනයත් එක්ක ඇමෙරිකාවට එළිපිට ගැටුම් තිබ්බත් අදටත් ඇමෙරිකාවේ වරායන් දෙකක් සම්පූර්ණයෙන්ම මෙහෙයවන්නේ චීන ආණ්ඩුවට සම්බන්ධ සමාගම් දෙකකි. ඒ වගේම සිංගප්පූරුව, දකුණු කොරියාව, නෙදර්ලන්තය වැනි රටවල්වල සමාගම්ද ඇමෙරිකානු වරායන්වල මෙහෙයුම් දියත් කරමින් සිටී. වරක් හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් එරට විශාලතම වරාය ඩුබායි සමාගමකට දීම සඳහා යෝජනාවක්ද ඉදිරිපත් කර තිබිණ.

ඇමෙරිකාව සතුව තියෙන ධනස්කන්ධයත් එක්ක මේ වරායන් මෙහෙයවීම ඔවුන්ට සිම්පල් වැඩකි. නමුත් ඔවුන් එසේ නොකොට පිටරට දැවැන්ත සමාගම්වලට ඒ වරායන්වල ආයෝජනය කරන්නට එන්න කියන්නේ ඒ හරහා අතිවිශාල ධනස්කන්දයක් සිය රටට එන බව දන්නා නිසාය. එහෙම වුණා කියා ඇමෙරිකානුවන් කවදාවත් අපේ වරායන් පිටරටට විකුණනවා කියා පාරවල්වල උද්ඝෝෂණය කරන්නට ගිහින් නැත.

ඇමෙරිකාවත් එක්ක බලන විට ලංකාව යනු ඉතා පුංචි රටකි. ඉතින් රාජපක්ෂලාටත් උවමනා මේ පුංචි රටේ තියෙන වරායන් පිටරටට විකුණන්නට නොව ඒ වරායන්වල පිටරට ආයෝජනයන් සිදුකර විදෙස් මුදල් රට ඇතුළට ගෙන්වා ගන්නටය. එය නොදැන ගහන ගේමක් නොව හොඳින් දැනගෙන ගහන ගේමකි. හැබැයි වැඩේ කියන්නේ විපක්ෂයට මේක නොතේරෙන එක නොව ආණ්ඩුවට ඡන්දය දුන්න හැටනම ලක්ෂයටත් ඒක නොතේරෙන එකය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

ඇය වරදේ බැඳෙයිද හරියටම දැනගන්න

Next Post

මම නිර්මාණ කරන්නෙ බහුතරය වෙනුවෙන්…

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.