කොග්ගල නිදහස් වෙළද කළාපයේ කොරෝනා ආසාදිත ඇගලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව අද (21) උදෑසන වනවිට 101 දක්වා ඉහළ ගොස් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
ඊයේ (20) දිනය තුල නව ආසාදිත රෝගින් 05 දෙනෙකු වාර්තා වී ඇති බවද කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් 06කින් මෙම රෝගින් වාර්තා වී ඇති බවද හෙතෙම පවසයි.
මේ වන විට කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් සේවක සේවිකාවන් 1500ක් පමණ නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින් බව පවසන හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇගලුම් කම්හල් සේවක සේවිකාවන් 4000ක ප මණ PCR හා ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ සිදුකොට ඇති බවද පවසා ඇත.










