• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සබ්‍රිට එරෙහිව නාහිමිවරුන්ගෙන් ජනපතිට ලියුමක්

January 21, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සබ්‍රිට එරෙහිව නාහිමිවරුන්ගෙන් ජනපතිට ලියුමක්
Share on WhatsAppShare on Facebook

දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥයින් 150 දෙනෙකු බඳවා ගැනීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා කටයුතු කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුලු ප්‍රධාන පෙළේ ස්වාමින් වහන්සේලාගේ අස්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කොට තිබේ.

එම ලිපිය මෙසේය.

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

ජාතිවාදී පදනමින් පොලීසියට සහ අධිකරණයට බඳවා ගැනීමේ වරද පිළිබදව

ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීිතිඥ මොහොමඞ් අලි සබ්‍රි විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් කරන ලද ඉල්ලිමකට අනුව පොලිස් දෙපාර්තමේන්තුව සඳහා පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥයින් 150 දෙනෙකු බඳවා ගැනීමටත්, මෙම නීිතිඥවරුන් දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා බැලීමටත් තීරණය කර තිබේ. අපේ රට පිළිබඳව හෝ ජනතාවගේ යහපත හා ආරක්ෂාව පිළිබඳව හෝ අබමල් රේණුවක තරමේ හෝ තැකීමක් හෝ දැනුමක් ඇති තැනැත්තෙකුටනම් මෙතරම් ආඥාන හා භයංකාර තීරණයක් කෙසේවත් ගත නොහැකි ය. මෙම තීරණයේ හරයට කිඳා බැස එහි අනාගත ප‍්‍රතිඵල කවරේද යන්න විශ්ලේෂණය කිරීමේ දී එය ඉතා සූක්ෂම ලෙස ගෙන තිබෙන අන්තවාදී මුස්ලිම් ව්‍යාප්තවාදයේ තවත් එක් පියවරක් පමණක් බව පැහැදිලිය.

මෙම සටහන මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව කරන්නක් නොව අහිංසක මුස්ලිම් ජනතාව බිල්ලට ගෙන තම පටු හා අන්තවාදී අරමුණු ඉෂ්ඨ කර ගැනීම සඳහා දේශපාලන බලය අවභාවිතා කරන බලලෝභී මුස්ලිම් දේඥපාලඥයින්ගේ ජනතාද්‍රෝහී කි‍්‍රයාවන්ට එරෙහිව කරන්නකි. එහි වින්දිතයින් වන්නේ මුස්ලිම් ජනතාව ය. ප‍්‍රතිලාභීන් වන්නේ එකී කූට මුස්ලිම් දේශපාලන නායකයින් ය.

ශී‍්‍ර ලංකාවේ ජන සංයුතිය සලකා බැලීමේ දී දෙමළ හා සිංහල යන භාෂා දෙකම ප‍්‍රගුණ කරන ලද සිංහල හෝ දෙමළ ජාතිකයින්ගේ සංඛ්‍යාවට වඩා මුස්ලිම් ජාතිකයින්ගේ සංඛ්‍යාව අධික බව යථාර්තයකි. නීතිඥ වෘත්තියේ යෙදෙන්නන් අතර එම වෙනස වඩාත් කැපී පෙනෙයි. එසේ නම් මෙම තීරණය කි‍්‍රයාත්මක වීමේ දී ප‍්‍රායෝගිකව සිදුවන්නේ බහුතර මුස්ලිම් ජාතිකයින් සංඛ්‍යාවක් පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමයි.

මුස්ලිම් දේශපාලඥයින්ගේ මෙම ව්‍යාප්තවාදී කුමන්ත‍්‍රණය මෑතක සිට දරුණු වී තිබේ. මුස්ලිම් දේශපාලඥයින් විෂයභාර අමාත්‍යධුර දරන අවධිවලදී ශී‍්‍ර ලංකා පාරිභෝගික අධිකාරියට හා ශි‍්‍ර ලංකා වරාය අධිකාරියට මුස්ලිම් ජාතිකයින්ව වැඩි වශයෙන් සේවයට බඳවා ගැනීම, අභිරහස් ලෙස මුස්ලිම් ජාතිකයන් අසාමාන්‍ය සංඛ්‍යාවක් හිිටි හැටියේම නීති විද්‍යාලයෙන් නීතිඥ වෘතිය සඳහා සුදුසුකම් ලැබීම, මුස්ලිම් ජාතිකයන් වැඩි සංඛ්‍යාවක් අධිකරණ තෝල්කයින් හා භාෂා පරිවර්තකයින් ලෙස බඳවා ගැනීම ඊට කදිම නිදසුන් ය. පොලිස් පරීක්ෂකවරුන් වශයෙන් වැඩි මුස්ලිම් ජාතික නීතිඥවරුන් පිරිසක් බඳවා ගැනිමේ යටි අරමුණ ඇතිව දෙමළ භාෂාව පිළිබඳ පූර්ව දැනීමක අවශ්‍යතාවය මතු කර ඇත්තේ ද එම කුමන්ත‍්‍රණයේ ම දිගුවක් ලෙසිනි.

මෙවැනි බඳවා ගැනීම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් ආරක්ෂා කර තිබෙන සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම ද උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රැකියාවක් සඳහා බඳවා ගැනීම් සිදු කිරිමේ දී ජාතිය හෝ භාෂාව අනුව වෙනස් කොට සැලකීමක් සිදු නොකළ යුතුය. සිදුකළ හැකි එකම දෙය නම් එසේ බඳවා ගැනීමෙන් පසුව යම් භාෂාවක් පිළිබඳ ප‍්‍රමාණවත් දැනිමක් යම් කාලයක් තුළදී ලබා ගත යතු යැයි නියම කිරීම පමණි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තියෙන් නියම කර තිබෙන සීමාවන්ට අනුව වාර්ගික හා ආගමික සහයෝගිතාවයට හෝ ජාතික ආරක්ෂාවට තර්ජනය වන ආකාරයට මූලික අයිතිවාසිකම් කි‍්‍රයාත්මක කළ නොහැකි ය. ඒ අනුව බලන කල අධිකරණ අමාත්‍යතුමා විසින් පෙර සඳහන් තීරණය ගෙන ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳවත් යම් දැනුමක් හෝ ගෞරවයක් හෝ නොමැතිව බව පැහැදිලිය. මෙවැනි තීරණ ගැනීම තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 හා 7 උපලේඛනවල සඳහන් දිවුරුම ද ඛණ්ඩනය වන බව සිහි ගැන්විය යුතුමය.

සහරාන් ප‍්‍රහාරයෙන් පසුව මුස්ලිම් ආගමික ස්ථානවලින් සොයාගත් කඩු කිණිසි යනාදිය සිය ගණනක් සංවිධානාත්මකව සගවා තබාගන්නා ලද්දේ කුමන අරමුණක් ඇතිව කවුරුන්ගේ පාවිච්චියටදැයි තවමත් අනාවරණය කරගෙන නොමැත. එම ආයුධ එසේ සොයා නොගැනුනේ නම් ඒවා එකවර හෝ වෙන් වෙන් වශයෙන් හෝ දීප ව්‍යාප්තව සිය ගණනක් විසින් තවමත් අභිරහස්ව පවතින යම් අරමුණක් සඳහා පාවිච්චි කළ හැකිව තිබු. ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදී ත‍්‍රස්තයින් වන අයි.එස්.අයි.එස් සංවිධානය විසින් තම සාමාජිකයින් ව පුහුණු කර තිබෙන්නේ සාමාන්‍ය පුරවැසියන් ලෙස සමාජගතව සිට එකවර ලබා දෙන ආඥාවකට අනුව තමන් සිටින ස්ථානයේ සිට ප‍්‍රහාර එල්ල කිරීමටය. පසුගිය වසරේ දී ප‍්‍රංශයේ සිදුවූ අන්තවාදී ප‍්‍රහාරයන්ගෙන් ඒ බව සනාථ වුනි. සහරාන් ප‍්‍රහාරය පසුපස සිටි බවට සැක පිට නිරන්තරයෙන් අධිකරණයේ පෙනී සිටි මුස්ලිම් ජාතික නීිතිඥවරයෙකු තවමත් අත් අඩංගුවේ රඳවාගෙන සිටින බව ද අමතක නොකළ යුතුය. අන්තවාදීන්ගෙන් සැදුම්ලත් සංවිධානාත්මක කල්ලිවල මෙහෙයවීමෙන් පුරාවස්තු හා බුද්ධ ප‍්‍රතිමා විනාශ කිරීම යනාදී බෞද්ධ විරෝධී ත‍්‍රස්ත කි‍්‍රයා සිදු කිරීම ද අපි දුටිමු. මෙවැනි අනපේක්ෂිත වාතාවරණයක් තුළ අමනෝඥ තීරණ කි‍්‍රයාත්මක කිරීම මගින් අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායම් වලට රාජ්‍ය ආයතනවල හා රාජ්‍ය ආරක්ෂක යාන්ත‍්‍රණයේ තීරකයින් ලෙස කටයුතු කිරීම සඳහා පහසු වන මාර්ග සෑදීම ජාතික ආරක්ෂාවට හා නීතියේ ආධිපත්‍යයට තර්ජනයකි.

එබැවින් අධිකරණ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙක් ගෙන තිබෙන පෙර සඳහන් ව්‍යවස්ථා විරෝධී හා ජනතා ද්‍රෝහී තීරණය කි‍්‍රයාත්මක නොකරන ලෙස මෙම රජය බලයට පත් කිරිම සඳහා කැපවූ ජනතාව නියෝජනය කරන හා එම ජනතාවට වගවීමට බැඳී සිටින අපි ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

SendShareShare
Previous Post

බැසිල් සමෘද්ධි නිලධාරීන්ට වැඩක් දෙයි (PHOTOS)

Next Post

කෙළ ගැහුවාට අවුරුදු 6ක් බරපතළ වැඩ ඇතිව හිරේ

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...

Read more
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper