පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව ලබන සිකුරාදා (20) ජනාධිපතිවරයා මුණගැසී ඒ පිළිබද ප්‍රශ්න කිරීමට නියමිතය.
එහිදී බුද්ධි අංශ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් කිහිපයක්ම කර තිබියදීත් ඒ පිළිබදව නිසි අවධානය යොමු නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් කරුණු විමසීමට කමිටුව සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
පසුගිය සෙනසුරාදා (14) රැස්වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මෙම තීන්දුව ගෙන ඇතිි අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවනු ඇති බවද දැනගන්නට ඇත.