• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා හැදුණු මැතිඇමැතිලා පස්සේ කැමරා 6කින් පන්නපු පාර්ලිමේන්තු මෙහෙයුම

January 19, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
කොරෝනා හැදුණු මැතිඇමැතිලා පස්සේ කැමරා 6කින් පන්නපු පාර්ලිමේන්තු මෙහෙයුම
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ නීතිය හදන තැන නිසා නීතිය අකුරටම ක්‍රියාත්මක වෙයි කියලා අපි හැමෝම විශ්වාසෙ තියපු තැනක් තියෙනවා. ඒ තැන තියෙන්නේ දියවන්නා ජලාශය මැද. අපූරු තැනක්. ඈතින් මිසක් ළගට ගිහිල්ලා බලන්න අපිට හරි අමාරුයි. ඔය දියවන්නාව තරණය කරලා ඔතනට යන්න ලංකාවෙන්ම පුළුවන් වෙන්නේ දෙසිය විසිපස් දෙනෙක්ට විතරයි. ඒ දෙසිය විසිපස් දෙනා කාලෙන් කාලෙට මාරු වුණාට හරියටම හොයලා බැලුවොත් ඔය දියවන්නාව තරණය කරන වැඩේ කරලා තියෙන්නේ ලංකාවේ ඉන්න පරම්පරා කීපයක් විතරයි. තාත්තගෙන් පුතාට ඒ වාරේ හරිම පහසුවෙන් හම්බවෙනවා. හම්බවෙනවා නෙමෙයි, තාත්තගෙන් පස්සේ පුතාට ඒ අවස්ථාව ලබාදෙන්න අපි වගේ සාමාන්‍ය ජනතාව බොහොම උනන්දුවෙන් ඇපකැප වෙලා කටයුතු කරනවා.

මේ කාරණාව හින්දාම දියවන්නාව තරණය කිරීම සාමාන්‍ය ජනතාවට ඉතාම අසීරු වගේම අනිත් අයට ඉතාම පහසු දෙයක් බවට පත්වෙලා තියෙනවා. දැන් සාමාන්‍ය ජනතාව කියලා කිව්වම සාමාන්‍ය කියන වචනයේ තියෙන පරස්පරය, විරුද්ධ පදය වෙන්නේ අසාමාන්‍ය ජනතාව කියන එක. ඒක නිසා අපිට සාමාන්‍ය ජනතාව කියනකොට අපි එයාලට අසාමාන්‍ය ජනතාව කිව්වා කියලා ප්‍රශ්නයක් වෙන්න බෑ. අමනාප වෙලත් බෑ. ඇත්තටම ඒ අය එක වෙලාවකට අසාමාන්‍යයි. ලොකුවට ඉගෙනගෙනත් නෑ. සමහර අය ඕලෙවල්වලින් එහාට විභාග කරලත් නෑ. සාමාන්‍යයෙන් රටේ පුරවැසියන් විසින් නොකළ යුතු ජඩවැඩ, අපරාධ, හොර මැරකම්, තක්කඩි වැඩ මේ ඉන්න අයගෙන් බාගෙට බාගයක් ජීවිතේ එක වතාවක්වත් කරලා තියෙනවා. මේ ගොඩක් අයට අපිට චෝදනා කරන්න බැරි වෙන්නේ ඒ ගොල්ලෝ අසීමාන්තික ලෙස ජනතා ආදරය දිනාගත්තු අය නිසා.

දෙසිය විසිපහෙන් එකසිය අනූහයක්ම පාර්ලිමේන්තුවට සැපත් වෙන්නේ ජනතාවගේ ආදරණීය මනාපයෙන්. සමහරු ලක්ෂයකට වඩා ඡන්ද අරගන්නවා. සමහරුන්ගේ ඡන්ද ප්‍රමාණය ලක්ෂ දෙකයි තුනයි. පාර්ලිමේන්තුව ඇතුළදී කුඩුකාරයා කියලා චෝදනා කරනවා. මාල කැඩුවා කියලා චෝදනා කරනවා. පරිසරය විනාශ කලා කියලා චෝදනා කරනවා. හොරකම් කලා කියලා චෝදනා කරනවා. බිරිඳ ඇවිල්ලා තවත් මන්ත්‍රීවරයෙකුට තමන්ගේ පාර්ලිමේන්තුවේ වැඩ වාසය කරන සැමියා ගැන චෝදනා කරනවා. වැරදි දෙක තුන තිබිලා අහුවෙනවා. හොරකම්වලට අහුවෙනවා. මාර්ග අනතුරුවලට වැරදිකාරයෝ වෙනවා. අල්ලස් දූෂණ බොහෝවිට මේ අය කළාය කියලා කියනවා. පරිසරය විනාශ කරපු දේවල්වලට උදව් කළාය කියලා කියනවා. හැබැයි මේ සියල්ලම අවුරුදු පහක් තිස්සේ පාර්ලිමේන්තුවේ රසකතා අතර තිබිලා ඊළඟ අවුරුදු පහ උදා වෙනකොට ඒ අය උඩින්ම පාර්ලිමේන්තුවට එනවා. උසාවිය මරණ දඩුවම නියම කරලා තියෙද්දිත් සමහර අය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත්වෙනවා. ඒ නිසා මේ අසාමාන්‍ය මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සු විදිහට ඉරිසියා කළාය කියලා වැඩක් වෙන්නේ නෑ. ඒ අය අසාමාන්‍ය වෙන්නේ සමහරවිට පෙර කළ පිං නිසා වෙන්න ඇති කියලා හිත හදාගන්න එක තමයි හොඳම දේ. කොහොම නමුත් මේ වතාවෙනම් කතා කරන්නේ ඒ අසාමාන්‍ය මිනිස්සුන්ට සාමාන්‍ය පරිදි සිද්ධ වෙච්ච සාමාන්‍ය දෙයක් ගැන කියන්න.

ඒ කතාව කියන්න කලින් දවසක් පාර්ලිමේන්තුවේදී ඇති වෙච්ච කතාවක සාරාංශ සටහනක් මෙහෙම ලියන්නම්. මේකේ වචනයක් දෙකක් එහෙ මෙහෙ වුණාය කියලා කවුරුත් අමනාප වෙන්න එපා. නඩුහබවලට පැටලෙන්න තරම් අපිට සල්ලි බාගේ නැති නිසා එහෙම පොඩි හරි අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් තරහ අවසර. මොකද මේ වගේ දේවල් සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට හරියට මතක හිටින්නේ නෑ. හැබැයි ඔබ අසාමාන්‍ය මිනිස්සු නිසා ඔබට එහෙම දේවල් මතක හිට්ටවන්න බොහෝ දෙනෙක් කටයුතු කරනවා. වැටුප් ලබන සේවකයෝ ඉන්නවා. ඒක අපි දන්නවා. කතාව මේකයි. දවසක් පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙමින් තියෙනකොට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් නැගිටලා කියනවා “මේ පාර්ලිමේන්තුවේ අසුන් පනවලා තියෙන්නේ මීටරයක් දුරින් නෙමෙයි. ඒක රටේ තියෙන සාමාන්‍ය කොවිඩ් නීතිරීතිවලට පටහැනියි. ඒ නිසා මීටරයක් දුර ඇතුව අසුන් පනවා නැවත පාර්ලිමේන්තුව රැස් කරන ලෙස කතානායකතුමාගෙන් ඉල්ලා හිටිනවා” කියලා. ඒ වතාවේ නැගී සිටින්නේ මැණික්පුරෙන් මැති සබයට ආ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සෞඛ්‍ය ඇමතිනීව කටයුතු කරන ජනතාව උදෙසා මහ මුහුදට බිලි වෙන්න පවා මැළි නොවෙනා බව කී පවිත්‍රා දේවි වන්නිආරච්චි මැතිනිය. ඈට ඒ කතාවට තරහා යනවා. ඇය ඉතාම රළු පරළු විදිහට සජිත් ප්‍රේමදාස මහත්තයට කතා කරනවා. ඔහුට කියනවා” පාර්ලිමේන්තුව නෙමෙයි, පොදු තැන්වලටයි ඒ නීතිය දැම්මේ. එහෙම එකක්වත් කියවගන්න නොතේරෙන කෙනෙක්ද මේ විපක්ෂ නායක? ” කියලා. එතකොට විපක්ෂ නායකතුමා අහනවා “එතකොට අපි මේ මාස්ක් එහෙම ගලවලා ඉන්නද?” ඒ කතාව එතනින් තවදුර යනවා.
හැබැයි ඒ දුර ඇති මේ කතාවේ ඉතුරු කොටස තේරුම් පාර්ලිමේන්තුවේ මීටරයක් දුරින් අසුන් නොපැනවීමේ ආදීනව අද ඔවුන් විසින් විඳිමින් ඉන්නවා. ඒ වගේම පාර්ලිමේන්තුව පොදු ස්ථානයක් නොවෙන බවට එදා කරපු අනුමානය අද අවමානයක් බවට පත් වෙමින් තියෙනවා. ඒකට හේතු වෙන්නේ අද වෙනකොට මේ ලියන මොහොත වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුට හෝ හතරදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව දැනගන්න ලැබීම. මේ අය අතර ඉන්නවා වාසුදේව නානායක්කාර මහත්තයා.

වාසුදේව නානායක්කාර මහත්තයත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කලක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු අද වෙනකොට බතික් ඇමතිකම දරන දයාසිරි ජයසේකර මහත්තයත් ඉන්නවා. ඒ වගේම ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා ලෙස කටයුතු කරන රවුෆ් හකීම් මහත්තයත් තමන් කොවිඩ් ආසාදිතයෙක් බව සමාජ ජාලවල සටහන් කරලා තිබුණා. එතකොට මේ තුන්දෙනාට කොවිඩ් වැළදෙන්නේ සාමාන්‍ය සමාජයෙන්ද කියන එක අපි දන්නේ නෑ. ඒ විදිහට කෙනෙක් අපිට කියනවා නම් අපි ඒක නොපිළිගෙන ඉන්නෙත් නෑ. හැබැයි අපි දන්න විදිහට මේ අයට පාර්ලිමේන්තුව ඇතුළේ දී සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරුණේ නැහැය කියලා සමහර අයට චෝදනා තියෙනවා.

ඒ වගේම මෑතකදි තිබ්බ පාටියේදී දයාසිරි ජයසේකර ඇමතිතුමා, විමල් වීරවංශ, හරීන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරුන් සමග එකම මයික් එකකින් ගී කියමින් ඉන්න ආකාරය රට පුරාම ගිය පින්තූරවල තිබුණා. රවුෆ් හකීම් හිටපු ඇමතිතුමා පාර්ලිමේන්තු වට ඇවිල්ලා මුඛවාඩම් නැතුව ඒ ඒ අය ඇසුරු කරමින් අතින් අල්ලමින් සතුටු සාමිචි කතාවල යෙදෙමින් පස්වෙනිදා පළමු පාර්ලිමේන්තු සැසියට සහභාගි වූ බවට කයි කතන්දර පැතිරෙනවා. ඒ වගේම ජලය සම්බන්ධව ඇමතිකම දරන වාසුදේව නානායක්කාර මහත්තයත් උපන්දින පාටියක් එහෙම සරුවට ගත්තාය කියලා, ඒකෙදි සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් පිළිපැද්දාද, නැද්ද කියලත් තර්කයක් මේ වෙනකොට ගොඩනැගිලා තියෙනවා. එහෙම නම් මහත්වරුනි සාමාන්‍ය නීති රීති උල්ලංඝනය කළ අසාමාන්‍ය ඔබට මේ සාමාන්‍ය රෝගය වැළදීම නිසා රටට සාමාන්‍ය තත්ත්වයෙන්වත් දුවන්න බැරි වෙයිද කියලා අපිට බය හිතෙනවා.

කොහොම නමුත් පාර්ලිමේන්තුවෙන් මේ විදියට රෝගීන් මතුවෙන්න පටන් ගැනීමත් එක්ක හැමෝම පුදුම විදියට කලබල වෙනවා. ඒ නිසා මුලින්ම කරන්න ගන්නෙ රෝගී තත්ත්වයට පත්වුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කවුද කියන එක හොයන්න ගන්න එක. මුලින්ම රෝගී තත්ත්වයට පත් වෙන්නෙ දයාසිරි ජයසේකර ඇමතිතුමා. ඒ ගැන හොයලා බලද්දි පාර්ලිමේන්තුවට සැනසුම් සුසුමක් හෙළන්න පුළුවන් වුණා. ඒ ඔහු පාර්ලිමේන්තුවට ඇවිල්ලා නෑ කියන එක දැන ගැනීමත් එක්ක. කොහොම නමුත් මේ සිදුවීමත් එක්ක පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුලු සියලුම දෙනා අතිශය කලබලයට පත්වෙනවා. ඒකට හේතුව වෙන්නෙ දයාසිරි ජයසේකර ඇමතිතුමා සහභාගිවුණ පාටිය. ඒ පාටිය ට තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ම සහභාගි වෙලා තියෙන නිසයි මේ විදියට කලබල වෙන්නෙ.
නමුත් දයාසිරි ජයසේකර ඇමතිතුමාගෙ පාර්ලිමේන්තු නොපැමිණීමත් එක්ක ලැබුණ සැනසිල්ල නැති කරමින් ඊ ළඟ ප්‍රවෘත්තිය එනවා.

“රවුෆ් හකීම් හිටපු ඇමතිතුමාටත් කොවිඩ්”
මේත් එක්ක පාර්ලිමේන්තුවට ආයෙමත් අලුතෙන් වැඩ පටන්න ගන්න සිද්ධ වුණා. ඒත් එක්කම ඔවුන්ට මුලින්ම හොයා ගන්න ලැබෙන්නෙ ඒතරම්ම සුබ ආරංචියක් නෙමේ. ඒ තමයි.
“හකීම් මන්ත්‍රීතුමා පස්වෙනිදා පාර්ලිමේන්තු ඇවිල්ලා”
කියන එක. මේ පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ පැමිණීම පිළිබඳ තහවුරු කරගන්නා සාමාන්‍ය ක්‍රමයට පැහැදිලි කරගන්නවා. හැබැයි ඒත් එක්ක තමයි බරපතළම රාජකාරිය පැවරෙන්නෙ.
“මේ මන්ත්‍රීතුමා කා එක්කද ළඟින් ඇසුරු කළේ?”

මේ ප්‍රශ්නය නිරාකරණය කරන්න ඔවුන් යොදා ගන්නෙ සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය. මේ පිළිබඳව මූලික කටයුතුකිරීමේ බලය වගේම වගකීමත් පැවරිලා තියෙන්නෙ පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට. මේ වෙන කොට අවශ්‍ය කටයුතු සම්බන්ධව පාර්ලිමේන්තු සෞඛ්‍ය අංශ කතානායකට සහ පාර්ලිමේන්තු මහ ලේකම්ට දැනුම් දීලා තිබ්බෙ. පාර්ලිමේන්තුවෙ ජජඑඩ කැමරා පද්ධතිය ක්‍රියාත්මක වෙමින් තිබ්බෙ පාර්ලිමේන්තු පොලීසිය යටතේ. මේ සියලුම කටයුතු වෙනුවෙන් විශාලා වෙහෙසක් දරමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කටයුතු යෙදුවා. පාර්ලිමේන්තු කැමරා පද්ධතිය මොනිටර් හයක් යටතේ ක්‍රියාත්ම වෙනවා. ඒ නිසා ඔවුන්ට මේ මොනිටර් හයම පරීක්ෂා කරන්න සිද්ධවුණා. මේ විදියට පරීක්ෂා කරන්න ගැනීමත් එක්ක ඔවුන්ට මුලින්ම රවුෆ් හකීම් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට ආපු විදිය සහ ඉන් පස්සෙ ආ ගිය තැන් ගැන දැන ගන්න පුළුවන් වුණා.

මේ විදියට මොනිටර් හයකින් බලන කණ්ඩායමට දකින්න හම්බවෙනවා රාවුෆ් හකීම් මන්ත්‍රීතුමා ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා එක්ක කතා කරමින් ඉන්නවා. ඒ වෙලාවෙ මේ දෙන්නම මාස්ක් දාලා ඉඳලා තිබුණෙ නෑ. මේ වෙන කොට ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා සහ තවත් අය රවුෆ් හකීම් මන්ත්‍රීතුමාට මුණ ගැහෙනවා. ඒත් බොහෝ දෙනෙක් එක්ක ළඟින් ගිය ආවත් ඒ අය සමග කෙළින්ම සම්බන්ධතා නොපවත්වන බව මේ අය හඳුනා ගන්නවා. මේ වෙන කොට කරන නිරීක්ෂණවලින් තවත් කාරණයක් හඳුනා ගන්නවා. ඒ තමයි රවුෆ් හකීම් මන්ත්‍රීතුමා කෙහෙළිය ඇමතිතුමාගෙ කාර්යාලයට ඇතුල් වෙන ආකාරය. එහෙම ඇතුල් වෙන රවුෆ් හකීම් මන්ත්‍රීතුමා මේ කාර්යාලය ඇතුළෙ පැයකට ආසන්න කාලයක් ගත කරන ආකාරය පේනවා. හැබැයි ඔහු පාර්ලිමේන්තු ආපනශාලාව පාවිච්චි කරලා නෑ. ඒත් එක්කම කීප දෙනෙක්වම නිරෝධායනය ට යොමු කරන්න අවශ්‍ය බව අදාළ අංශ වෙත දැනුම්වත් කරන්න නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කටයුතු කරනවා. මේ ප්‍රමාණය දාහත් දෙනෙක්. මේ විදියට පැය කීපයක් පුරාම රාවුෆ් හකීම් මන්ත්‍රීතුමාගෙ ආගිය විස්තර හොයන අයට යම් සැනසුමක් දැනුනෙ ඒ මෙහෙයුම නිමා කරලා අවසන් වුණාම.
ඒත් මේ සැනසිල්ල ඉතාම ඉක්මනින් නිමා කරමින් තවත් ආරංචියක් එනවා.

“අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගෙටත් කොවිඩ් ආසාධනය වෙලා” කියන එක. ඒ ගැන හොයලා බලන කොට දැන ගන්න ලැබෙනවා, ඔහු මේ ආසන්න කාලයේදී මැති ඇමතිවරු හතර දෙනෙක් එක්ක සම්බන්ධතා පවත්වලා තියෙනවා කියලා. ඒ අය පිළිබඳ හොයන්න ඊළඟ මෙහෙයුම පටන් ගන්නවා. නමුත් මේ වෙන කොට දැන ගන්න තියෙන තොරතුරු ප්‍රමාණය අනුව ඔහුගේ ආශ්‍රිතයන් කිසිවෙක් කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගෙන නෑ. ඒත් එක්කම තවත් නරක ආරංචියක් පාර්ලිමේන්තුවට වාර්තා වෙනවා.

මෙහෙයුමේ නියමුවා වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු

“වාසු ඇමතිතුමාටත් කොවිඩ්ලු” කියන එක අමාත්‍යතුමන්ගෙ වයසත් එක්ක ඔහු ගැන වැඩියෙන් උනන්දු වෙන්න ඕනෑ කියන එක කියවෙන්න පටන් ගන්නවා වගේම ඇමතිතුමත් පාර්ලිමේන්තු ඇවිල්ලා තියෙන බව හෙළි වෙනවා. ඔහු පාර්ලිමේන්තුවේදී කොවිඩ් පැණිය සම්බන්ධව ප්‍රශංසා සහිතව කරපු කතාවකුත් මේ වෙද්දි සමාජ ජාලවල විශාල ලෙස පැතිරෙන්න පටන් ගන්නවා. වාසු ඇමතිතුමාගෙ පළමු ආශ්‍රිතයන් ලෙස මැති ඇමතිවරුන් ඇතුලු දහදෙනෙක්ගෙ පිරිසක් හඳුනා ගන්නවා. ඒ අය හඳුනා ගැනීමට් එක්ක වහාම ඡක්‍ඍ පරීක්ෂාවන් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙනවා.
මේ ගැන දැන ගත්තට පස්සෙ අලුත්ම ආරංචියක් ආයෙත් පාර්ලිමේන්තුවට ලැබෙනවා. ඒ තමයි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාගෙ කාර්යමණ්ඩලය පැත්තෙන්. ඒ ජොන්ස්ටන් ඇමතිතුමාගෙ සම්බන්ධීකරණ ලේකම් දමින්ද කුලරත්න මහත්තයා සම්බන්ධව. ඒත් ඔහු කිසිම මැති ඇමතිවරයෙක් එක්ක සම්බන්ධයක් පවත්වලා නෑ කියල සී.සී.ටී.වී. බලද්දි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහත්තයට තහවුරු වුණා.

කොහොම නමුත් පාර්ලිමේන්තුවට එන යන සියලුම මැති ඇමතිවරුන් සම්බන්ධව තොරතුරු මේ කැමරා පද්ධතිය යටතේ ගබඩා වෙලා තියෙනවා. මේ පරීක්ෂණ කටයුතු සියල්ලම පහසු වෙන්නෙ ඒ නිසා. කොහොම නමුත් අපි මේ සියලුම මැති ඇමතුවරුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා, රටේ සියලුම දෙනාට වගේම.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කොටස් වෙළෙඳපොළ 2011 වාර්තාව කඩයි

Next Post

ගිය අවුරුදු 4ට අලි 31ක් හොරු අරන් ගිහින්

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.