එංගලන්තයේ නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත වී මෙරටට පැමිණ ඇති පුද්ගලයා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලී බව අනාවරණය වෙයි.
ඔහු පසුගිය තුන්වැනිදා එංගලන්ත ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකින් මත්තලට පැමිණියේය.
මොයින් අලී ඇතුළු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම, පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළ අතර එහිදී ක්‍රීඩක මොයින් අලීට කොවිඩ් වැලඳී ඇති බවට තහවුරු විය.
මොයින් අලී නිරෝධායනය කිරීමට මෙරට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ ‘‘ජෙනටික් සී කුවින්ස්’’ හෙවත් ‘‘ජීන් සී කුවින්ස්’’ යනුවෙන් හඳුන්වන ක්‍රමවේදය මගින් කළ පරීක්ෂණවලදී මොහුට නව කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බවයි.
මෙම පුද්ගලයා මගින් වයිරසය ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහා කටයුතු කර ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි.










