ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවේ යෙදී සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 35 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
කිහිපදෙනකු කොරෝනා රෝග ලක්ෂණ පහළ වීමෙන් අනතුරුව ඉකුත් සිකුරාදා පොලිස් නිලධාරීන් 60 දෙනෙකු උදෙසා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහය පරීක්ෂාවක දී මේ බව අනාවරණ වී ඇත.
ආසාදිත රෝගීන් මේ වන විට ප්‍රතිකාර සඳහා කන්දකාඩු, පූනානි හා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන යොමු කර ඇත.










