දේශපාලන හෝ වෙනත් හිතවත්කම් මත මත්පැනට හෝ අල්ලසට යටවී පොලිස් පරීක්ෂණ යට ගසා පැමිණිල්ල විත්තිය කොට නිවැරැදිකරුවන් රිමාන්ඞ් භාරයට පත් කිරීමට පෙලඹෙන පොලිස් නිලධාරීන්ට විරුද්ධව පොලිස් කොමිසමට ලැබෙන පැමිණිලි පිළිබඳව ගැඹුරින් විමර්ශනය කරන බව හිටපු පොලිස්පති සහ පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය පිළිබඳව බොරු නඩුවක් පවරා දිගු කලක් රිමාන්ඞ් භාරයට පත් කර සිටි පැමිණිලිකරුවකු විසින් එවා ඇති පැමිණිල්ලක් පිළිබඳ මේ දිනවල නඩු වාර්තාද ගෙන්වා ගෙන පරීක්ෂණ කරගෙන යන බව ඔහු පැවසුවේය.
එවැනි පොලිස් නිලධාරීන්ට විරුද්ධව පොලිස්පතිවරයාට මෙන්ම අල්ලස් කොමිසමටද පැමිණිලි කරන බව පොලිස් කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
-ප්‍රේමලාල් විජේරත්න









