පසුගියදා යුක්රේනයේ සිට ගෙන් වූ රුපියල් කෝටි දොළහමාරක් වටිනා කන්ටේනර් 28 තුළ කොත්තමල්ලි ඇති බව සඳහන් කරමින් ව්‍යාජ ආකාරයෙන් වෙනත් අමුද්‍රව්‍ය එවා ඇත්තේ ව්‍යාජ කොරෝනා පස්පංගුවක් සෑදීමටද යන්න ගැන රේගුවට සැක මතු වී තිබේ.
එම කන්ටේනර් මෙරටට එවන ලද ජාවාරම්කරු එවැනි අන්දමේ කන්ටේනර් කිහිපයක් මැලේසියාව, ඉන්දුනීසියාව සහ ඉන්දියාවටද යවා ඇති බව ජාත්‍යන්තර වාර්තා ඔස්සේ දැන ගන්නට ඇතැයි රේගුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම ජාවාරම් ව්‍යාපාරයෙන් කෝටි ගණනක් අත්පිට මුදල් ලබා ගත් ජාවාරම්කරු මේ වන විට යුක්රේනයෙන් පලාගොස් ඇති නමුදු එම ජාවාරම්කරු කවුරුන්ද යන්න ගැන රේගුව හෙළිදරව් කර ගෙන තිබේ.
මෙරටට එවා තිබූ කන්ටේනර් 28 පිළිබඳව පරිසර අමාත්‍යාංශය සහ විද්‍යාත්මක පරීක්ෂණ අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන බවද රේගු නිලධාරියා සඳහන් කළේය.
-ප්‍රේමලාල් විජේරත්න










