• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළාත් සභා ජන්දය තිබ්බොත් මොනවා වෙයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 9, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 6 mins read
A A
පළාත් සභා ජන්දය තිබ්බොත් මොනවා වෙයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘රාජපක්‍ෂලා ඡන්ද තියන්න ශූරයෝ…’

මේ ඒ කාලයේ මිනිස්සු කී කතාවකි. කතාව ඇත්තය. රාජපක්‍ෂලා ඡන්දවලට බය නැත. 2005 ජනාධිපතිවරණය දින්න විගස 2006දී පුංචි ඡන්දය පැවැත්වීය. රාජපක්‍ෂලා පුංචි ඡන්දයට ගියේ 2005 ජනාධිපතිවරණය දිනවල දුන්න ජනතා විමුක්ති පෙරමුණ පුංචි ඡන්දයට වෙනම ඉල්ලන්න තීරණය කර තිබියදීය. ඒත් රාජපක්‍ෂලා බය වුණේ නැත. රාජපක්‍ෂලා ඡන්දය හරි වෙලාවට තිබ්බේය. පළාත් සභා ඡන්දය ආවේ රාජපක්‍ෂලා යුද්ධ කරමින් සිටි වෙලාවකය. ඒ වෙන කොට යුද්ධයේ ලොකු ජයග්‍රහණ හිමිකර ගෙන තිබුණේ නැත. ඒත් පළාත් සභා ඡන්ද කඩින්කඩ තියන්න රාජපක්‍ෂලා තීරණය කළහ. උතුරුමැද සහ සබරගමුවත් ඊට කලින් නැඟෙනහිරත් ඡන්ද තියන්න රාජපක්‍ෂලා තීරණය කළහ. එක්සත් ජාතික පක්‍ෂය උතුරුමැදට ජානක පෙරේරා, සබරගමුවට රන්ජන් වැනි ජනප්‍රිය චරිත ඉදිරිපත් කරද්දීත් රාජපක්‍ෂලා හිතේ හයියට ඡන්දයට ගියහ. බස්නාහිර, මධ්‍යම, ඡන්ද තිබ්බේ කිලිනොච්චිය අල්ලා යුද්ධය යන අතරමැදය. දකුණු සහ ඌව තිබ්බේ ප්‍රභාකරන්ව ඉවර කරලාය. 2010 ජනාධිපතිවරණය දින්න රාජපක්‍ෂලා 2011දී පුංචි ඡන්දය පැවැත්වීය. පරදින බව දැන දැන උතුරේ පළාත් සභා ඡන්දයත් පැවැත්වීය. 2012 යළිත් පළාත් සභා ඡන්ද කඩින්කඩ පැවැත්වීය. රාජපක්‍ෂලා වැටුණේ ඌවේ ඡන්ද ප්‍රතිඵලයෙන්ය.

‘ඉතින් එහෙව් රාජපක්‍ෂලා පළාත් සභා ඡන්දය තියන්න බය ඇයි…?’

පළාත් සභා ඡන්ද කල් දැම්මේ මෛත්‍රි – රනිල් ආණ්ඩුවය. ඒ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න තීරණය කිරීමෙනි. පළාත් සභා ඡන්ද පමණක් නොව පුංචි ඡන්දයත් මෛත්‍රි – රනිල් ආණ්ඩුව කල්දැම්මේය. මෛත්‍රි – රනිල්ගේ මේ ඡන්ද කල්දැමීමට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය දැවැන්ත උද්ඝෝෂණයක් ගෙන ගියහ. 2018 අගෝස්තු 24 පළාත් සභා ඡන්දය කල්දැමීමට එරෙහිව පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රිවරු මැතිවරණ කොමසාරිස් කාර්යාලය වැටලූහ. මහාචාර්ය ජී. එල්. පීරිස් පැවැසුවේ පළාත් සභා ඡන්දය කල් දමන්න ආණ්ඩුව අධිකරණය හරහා ගැටයක් ගසා ඇති බවය. ඒකාබද්ධ විපක්‍ෂය කීවේ පළාත් සභා ඡන්දය කල්දමන පනතට සහාය දී ජනතා විමුක්ති පෙරමුණ මුළුමනින්ම නිරුවත් වූ බවය. එකල ඒකාබද්ධ විපක්‍ෂය රට වටේ යමින් ඇහුවේ ඡන්දෙට ඔය තරම් බයද කියාය.

මෛත්‍රි – රනිල් ආණ්ඩුව ඡන්ද කල්දමන්න ඡන්ද ක්‍රමය වෙනස් කරන අණපනත් යොදා ගන්නවා යැයි චෝදනා කළ පොදුජන පෙරමුණ අද කියන්නේත් ඡන්ද ක්‍රමය වෙනස් කොට පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවය. ඊළඟට කියන්නේ කොවිඞ් වසංගතය නිසා ඡන්දය තියන්න බැරි බවය.

‘එහෙනම් කොවිඞ් පටන්ගත්ත කාලේම ආණ්ඩුව මහ ඡන්දෙට යන්න තීරණය කළේ කොහොමද…?’

මේ නිසා කොවිඞ් කතා හෝ ඡන්ද ක්‍රමය වෙනස් කොට ඡන්දයට යන කතා විශ්වාස කරන්න අමාරුය. ආණ්ඩුව පැහැදිලිවම පළාත් සභා ඡන්දයට දැන්ම යන්න බියක් දක්වන බව පෙනෙන්න තිබේ. සමහරු කියන්නේ බුද්ධි අංශ වාර්තා නිසා කියාය. තවත් සමහරු කියන්නේ ආණ්ඩුවට ආණ්ඩුවත් ෂුවර් නැහැ කියාය.

කොහොම වුණත් ඡන්දවලට බය වීම එතරම් හොඳ ලකුණක් නොවේ. මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ මුලින්ම ආවේ පුංචි ඡන්දයය. එක්සත් ජාතික පක්‍ෂයට මහ ඡන්දයට පසු පුංචි ඡන්දය පවත්වන්න ඕනෑ විය. ඒත් ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කිය කියා ඡන්දය කල් දැම්මේ මෛත්‍රිය. එයට හේතුව ඡන්දය තිබ්බොත් එක්සත් ජාතික පක්‍ෂය අතිවිශිෂ්ට ජයක් ලබයි කියල මෛත්‍රිට තිබුණු බයය. අනෙක මහින්දලා වෙනම ඉල්ලයි කියන බයය. එදා මෛත්‍රි මහ ඡන්දය තිබ්බාට පසු වේලාවට පුංචි ඡන්දය තිබ්බා නම් යූ.ඇන්.පී.ය අති විශිෂ්ට ජයක් ලබයි. මහින්දලා හතරගාතෙන් වැටෙයි. එහෙම වුණා නම් එක විට එක ඡන්ද දෙකකින් මහින්දලව ඉවර කොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතට ගැනීමට මෛත්‍රිට හැකියාව තිබුණි. මෛත්‍රි පුංචි ඡන්දය කල් දමලා මහින්දලාව ශක්තිමත් කළේය. අනෙක ඒ වෙලාවේ පුංචි ඡන්දයට ගියා නම් මහින්දලාට වෙනම පක්‍ෂයක් හදලා සංවිධානය වෙන්න වෙලාවක් නැත. මෛත්‍රි ඇදලා ඇදලා පුංචි ඡන්දය තිබ්බේ ආණ්ඩුවට වසර තුනක් ගෙවුණාට පසුවය.

මේ රාජපක්‍ෂ ආණ්ඩුවට දැන් අවුරුද්දකුත් මාස දෙකකට ආසන්නය. මේ වසරේ ඡන්ද තියන්නේ නැතිනම් ඡන්ද තියන්න වෙන්නේ ආණ්ඩුවේ තුන් වැනි වසරේය.

‘මේ ආණ්ඩුවටත් මෛත්‍රි – රනිල් ආණ්ඩුවට වෙච්ච දේම වෙයිද..?’

මෛත්‍රි 2018 පුංචි ඡන්දයට ගියේ බැඳුම්කර කොමිසමෙන් රනිල්ගේ ආණ්ඩුව අන්තයට පිරිහී ඉන්න වෙලාවකය. ඒත් බොහෝ දෙනකුගේ මතය වූයේ ලංකාවේ ඉතිහාසයේ කවදාවත් ආණ්ඩුවක් පළාත් පාලන ඡන්දය පරාජය වී නැති නිසා යූ.ඇන්.පී.ය ඡන්ද දිනයි කියලාය. පළාත් පාලන ඡන්දය කියන්නේ ගමේ පාලම, ගමේ බෝක්කුව හදන ඡන්දය. ඒ ඡන්දෙට මිනිස්සු ඡන්දය ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවෙන් සල්ලි ගන්න පුළුවන් අයටය. ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න පුළුවන් අයටය. මේ නිසාම හැමදාම පළාත් පාලන ඡන්ද ආණ්ඩුව දිනයි. 2018 පුංචි ඡන්දය ගැන හැමෝම හිතුවේ එහෙමය.

ඒත් ප්‍රතිඵල එද්දී රටේම ඇස් ලොකු විය. ඇත්තටම 2018දී මෙරට ජනතාව පළාත් පාලන ඡන්දය ජාතික මැතිවරණයක් කරගත්හ. ආණ්ඩුවට එරෙහිව ජනමත විචාරණයක් කරගත්හ.

‘කොහොමද එහෙම වුණේ..?’

2018 පුංචි ඡන්දය ප්‍රකාශ කළ විට ගම්වල යූ.ඇන්.පී.කාරයෝ ඡන්ද කරන්න අමාරු යැයි මැති ඇමැතිවරුන්ට ආඩපාලි කීහ.

‘ඔය බැඳුම්කරය ගැන ගම්වල මිනිස්සු කී දෙනාද දන්නේ..?’

මේ ගම්වලට යන්න අමාරුයි කියල මැති ඇමැතිවරු කියන විට රනිල් මැති ඇමැතිවරුන්ට දුන්න උත්තරයය.

පාක්‍ෂිකයෝ ගම්වලට යන්න බැහැ කියද්දිත් මැති ඇමැතිවරු පාක්‍ෂිකයන්ට දුන්නේත් ඒ උත්තරයමය.

නගරයේ වේවා, ගම්වල වේවා මිනිස්සු 2015 මෛත්‍රිව දිනවලා යූ.ඇන්.පී. ආණ්ඩුවක් පත්කර ගත්තේ හොරකමට එරෙහිවය. යූ.ඇන්.පී.ය මෛත්‍රිපාලව දිනෙව්වේ රාජපක්‍ෂලා හොරකම් කරනවා ඇහෙන් දැක්කා වගේ කියලාය. 2015 ජනවරම හොරකමට එරෙහිව දුන්න ජනවරමකි. මිනිස්සු බලාගෙන හිටියේ මෛත්‍රි – රනිල් ආණ්ඩුව හොරු අල්ලලා දඬුවම් දෙනතෙක්ය. වැඩිකල් නොගොස්ම ආණ්ඩුව හොරු එක්ක හැංගිමුත්තන් කෙළින බව මිනිසුන්ට තේරුණි. අනෙක් අතට බැඳුම්කරය ලංකාවේ ඉතිහාසයේ ලොකුම හොරකම කරලා පෙන්වූයේ මෛත්‍රි සහ මහින්දලා එකට එකතුවෙලාය. මිනිසුන්ට යහපාලනය තිත්ත විය. ආණ්ඩුව තමන්ව අන්දලා ඡන්දෙ පික්පොකට් ගැහුවා වගේ හැඟීමක් මිනිසුන්ට ඇති විය. මෛත්‍රි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හොරු යැයි මිනිස්සු හඳුනාගෙන සිටි මහින්දගේ ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරු මෛත්‍රිපාල ආණ්ඩුවට එකතු කර ගැනීමද මිනිස්සු ඉවසුවේ නැත. ආණ්ඩුව රට ආණ්ඩු නොකර තමන්ට තුනෙන් දෙකක බලයක් තියෙනවා කියා පාරම් බෑවද මිනිසුන්ට තිත්ත විය.

‘එයිනේ ඡන්දයක්. දෙන්නම්කෝ තොපිට..?’

මිනිස්සු හිතුවේ එහෙමය. මිනිස්සු පුංචි ඡන්දය ජාතික මැතිවරණයක් කරගත්තේ ආණ්ඩුවට තොලොංචිවෙලා පලයන් කියන්නා මෙන්ය. අනෙක 2018 පුංචි ඡන්දය පැවැත්වූයේ ලංකාවේ දේශපාලනයේ අලුත්ම පරිසරයක් මැදය. එනම් සමාජ මාධ්‍ය පරිසරය මැදය. සමාජ මාධ්‍ය සමාජයේ හැමෝම දේශපාලනයේ හවුල්කාරයෙක් කරගෙන තිබුණි. මේ අලුත් හවුල්කාරයන් පළාත් පාලන ඡන්දය ගමේ බෝක්කු, පාලම් හදන ඡන්දයක් කරගැනීම එකහෙළා ප්‍රතික්‍ෂේප කළහ. සමාජ මාධ්‍ය හරහා දේශපාලන වශයෙන් දැනුවත් වී සිටියවුන් හිතුවේ අපිට ඕනෑ ගමේ පාලම්, බෝක්කු හදාගන්න නොව පොරොන්දු කඩපු ආණ්ඩුවට පාඩමක් උගන්වන්න කියාය. පාලම්, බෝක්කු හදාගන්නවාට වඩා රටේ ප්‍රගමනයට පාඩම් උගැන්වීම හොඳ යැයි ඔවුහු හිතූහ. සමාජ මාධ්‍ය හරහා ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය පැළකළ වෛරය මහා ගින්නක් බවට ඡන්දයේදී පත්වූයේ එලෙසය.

‘පළාත් සභා ඡන්දය තියන්න රාජපක්‍ෂ ආණ්ඩුව බය තමන් පොරොන්දු ඉටුකළේ නැතිය කියන බයද..?’

රාජපක්‍ෂලා 2019 ජනාධිපතිවරණය දින්නේ පොරොන්දු තුනක් මතය. පළමුවැන්න බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවාය කියන පොරොන්දුවය. දෙවැන්න පාස්කු බෝම්බකරුවන්ට දඬුවම් දෙනවාය කියන පොරොන්දුවත්, මුස්ලිම් අන්තවාදීන් ආණ්ඩුවට සම්බන්ධ කරගන්නේ නැතිය කියන පොරොන්දුවත්ය. තෙවැන්න රටේ සම්පත් විකුණන්නේ නැතිය කියන පොරොන්දුවය. දැන් මේ පොරොන්දු තුනම ආණ්ඩුව කඩකර ඇත. බැඳුම්කරයට අදාළව කවුරුන් හෝ අත්අඩංගුවට ගැනීමටවත් මේ ආණ්ඩුව අසමත් වී ඇත. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ යහතින් සිටී. පාස්කු බෝම්බය පිටුපස රිෂාඞ්ලා, හකීම්ලා සිටිනා බව ජනතාවට කී මේ ආණ්ඩුව අද හකීම්ලාගේ, රිෂාඞ්ලාගේ පක්‍ෂවල මන්ත්‍රිවරුන්ගේ ඡන්දවලින් 20 සම්මත කරගෙන ඔවුන්ව ආණ්ඩු පක්‍ෂයේ වාඩිකර ගත්තේය. මෛත්‍රි – රනිල් ආණ්ඩුව චීනයට බදු දුන් හම්බන්තොට වරාය යළි පවරා ගන්නා බවටත්, කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ආරක්‍ෂා කරන බවටත් පොරොන්දු වූ ආණ්ඩුව අද මෛත්‍රි – රනිල් ආණ්ඩුව චීනය සමඟ ඇතිකර ගත් එකඟතාවයන්ට අනුව හම්බන්තොට වරාය අසල කර්මාන්ත ශාලා හදන්න චීනයට බදු සහන දී ඇත. කොළඹ වරායේ නැඟෙනහිර වරාය ඉන්දියාවට දෙන්න සාකච්ඡා පවත්වමින් ඇත. ආණ්ඩුව 2020 මහ මැතිවරණය දිනාගත්තේ කොරෝනා පරාජය කළා කියාය. දැන් මුළු රටම කොරෝනා බියෙන් වෙව්ලයි. එදා වගේම අදත් සමාජ මාධ්‍ය හරහා ජනතාව මේ හැම දෙයක් ගැනම දැනුවත්ය. විපක්‍ෂයේ සර් ෆේල් කැම්පේන් එකෙන් වෛරයේ ගිනි අවුලන්න පටන්ගෙන ඇත.

ඊළඟට එන ඡන්දය ඒ වෛරයේ ගින්නෙන් ආණ්ඩුව පුච්චන ඡන්දයක් වෙයිද..?

ඒක බලන්න වෙන්නේ ඡන්ද ප්‍රතිඵලයෙන්ය. හැබැයි ආණ්ඩුව මෛත්‍රි වගේ ඡන්ද කල්නොදමා දැන් ඡන්දයට ගියොත් ජාමේ බේරාගන්න පුළුවන්ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වාස්තු විද්‍යාවේ සඳහන් ඍෂි මිනුම් ක්‍රම

Next Post

හිතුවෙ හිට්ලර් කියලා… (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.