• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිතුවෙ හිට්ලර් කියලා… (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

January 9, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
හිතුවෙ හිට්ලර් කියලා… (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

ගෝඨා ජනාධිපති ධුරයට තේරී පත්ව මේ වන විට වසරකුත් මාස දෙකක් ගතව තිබේ. ගෝඨා 69 ලක්ෂයක ජනතා වරමින් ජනාධිපති වී හරියටම වසරක් පිරුණේ පසුගිය නොවැම්බර් මාසයේදීය. ඒ වසරක් පිරෙද්දී විපක්ෂය ගෝඨාභයට එරෙහිව විශාල ප්‍රචාරක මෙහෙයුමක් දියත් කළේය. ඒ ප්‍රචාරක මෙහෙයුමේ ප්‍රධාන සටන් පාඨය වුණේ ‘සර් ෆේල්’ යන්නය. විපක්ෂයේ මේ ‘ගෝඨා ෆේල්’, එහෙමත් නැත්නම් ‘සර් ෆේල්’ කියන අනාවැකිය රටේම රෙජිස්ටර් කළේ තමන් ජන්ද කාලෙදී ගෝඨා ගැන කියපු දේවල් දැන් හරියාගෙන එනවා යැයි උදම් අනමින්ය.

මේ විදිහටම විපක්ෂය ගෝඨා ජනාධිපතිවරණ අපේක්ෂකයකු වීමටත් පෙර සිටම සමාජ මාධ්‍ය ජාලාවල විශාල කැම්පේන් එකක් කරමින් තවත් අනාවැකියක් කිව්වේය. මේ අය එදා කියා සිටියේ මේ එන්නේ හිට්ලර් කෙනෙක් යැයි කියාය. ගෝඨා රටේ ජනාධිපති වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැතිවෙනවා කියාය. මේ රටේ ස්වාධීන මාධ්‍යයක් නැතිවනු ඇති බවය. ඡන්ද නොතියනු ඇති බව කීය.

ලසන්ත ඝාතනය පිටුපස ගෝඨා සිටින බවට මේ අය එදා උදේ හවා මැතිරුවේය. එක්නැළිගොඩ අතුරුදන් කිරීම පසුපස ගෝඨා සිටි බව කියා සිටියේය. කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, නාමල් පෙරේරා වැනි මාධ්‍යවේදීන්ට පහරදීම් පසුපස ගෝඨා සිටි බව කියා සිටියේය.

මීට අමතරව ගෝඨාට එරෙහිව තවත් චෝදනා රැසක් එවක ආණ්ඩු පක්ෂයෙන් සමාජ මාධ්‍ය ජාලාවල වපුරා තිබිණ. මේ සියලු චෝදනා එල්ල කරන ගමන් ඔවුන් රටේ ජනතාවගෙන් ප්‍රශ්න කර සිටියේ ආරක්ෂක ලේකම්කමේ සිටියදී ගෝඨාට මෙවැනි චෝදනා තියෙනවා නම් මේ රටේ ජනාධිපති වුවහොත් කොහොම චෝදනා තියෙන්න පුළුවන්දැයි කියාය.

මීට අමතරව ගෝඨා සුදු වෑන්වලින් පැහැරගැනීම් සිදුකළ බව කියමින් ජනාධිපතිවරණය ඔන්න මෙන්න තියා සුදුවෑන් ඩ්‍රයිවර්ලා දෙදෙනකු මාධ්‍ය හමුවට රැගෙනවිත් කෙටි චිත්‍රපට පවා එකල රටට පෙන්වීමට ආණ්ඩුවේ ඇතැමුන් කටයුතු කළහ.

ගෝඨාභය ජනාධිපති වුණේ මේ සියලු චෝදනා, කකුලෙන් ඇදිලි, මඩ ගැහිලි මධ්‍යයේය.

එහෙම ජනාධිපති වූ ගෝඨාට දැන් අවුරුද්දක් ගතවී තිබේ.

එතකොට විපක්ෂය අනාවැකි කියපු විදිහට මේ ගෙවුණු අවුරුද්දේ ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැතිවුණාද?
මාධ්‍ය නිදහස නැතිවුණාද?
ඡන්ද අයිතිය අහෝසි වුණාද?
මාධ්‍යවේදීන් ඝාතනය වුණාද?
මාධ්‍යවේදීන්ට පහර දුන්නාද?
ගෝඨා හිට්ලර් කෙනෙක් වගේ වැඩ කළාද?

විපක්ෂය කියපු මේ එකක්වත් ගෙවුණු අවුරුද්ද තුළ සිදුවූයේ නැත. සිදුවූ එකම දෙය වූයේ ඉතිහාසයේ කවදාවත් නොතිබුණු විදිහට රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු වී තිබීමය.

මේ රටේ පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනගේ කාලයේ ජේ.ආර්.ගේ ෆොටෝ එක තිබ්බ පින්තූරයේ නහය සිගරට්ටුවකින් පිච්චුවා යැයි කියා ඒ පුද්ගලයාව උසාවි අරන් ගිහින් හිරේ දැමීමට ජේ.ආර්.ගේ ආණ්ඩුව කටයුතු කර තිබිණ.

ප්‍රේමදාසගේ කාලයේදී ප්‍රේමදාසගේ ආණ්ඩුවට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් කොමිසමට ගතු කීවා යැයි කියා මාධ්‍යවේදී රිචඞ් සොයිසා අතුරුදන් විය. පසුව ඔහු ඝාතනය කළ බව අනාවරණය විය. ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව කාටුන් ඇන්ද යූනුස්ගේ නහය කැපුවේය.

චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ ආණ්ඩුව දැඩිව විවේචනය කළ සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග වාහනයේ යද්දී චන්ද්‍රිකාගේ මැරයෝ මහ දවාලේ මහ පාර මැදදී ලසන්තට පොලුවලින් පහරදුන්හ.

වරක් ඡායාරූප මාධ්‍යවේදියකුට චන්ද්‍රිකාගේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් හොඳහැටි පහරදුන්හ. ඊට එරෙහිව මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් සංවිධාන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වර්ජනය කිරීමට සූදානම් වද්දී මැරයෝ ලවා ඔවුන්ට පන්න පන්නා පහරදීම සිදුවිය.

විධායක බලතල තිබූ ජේ.ආර්.ලා, චන්ද්‍රිකාලා, හැසිරුණේ ඒ ආකාරයටය.

හැබැයි අද ගෝඨාව ඉලක්ක කරගෙන ඉතාම කැත විදිහට විපක්ෂයේ ඇතැමුන් පහරදෙන ආකාරයක් දැකගන්නට ලැබේ. නමුත් ගෝඨා අද ඒ තමන්ට පහරදෙන විපක්ෂයේ කිසිවකුටත් වචනයකින්වත් උත්තර දෙන්න යන්නේ නැත. අඩුම තරමේ ඒ ගැන දොස් කියන්නවත් යන්නේ නැත. ගෝඨා කියන්නේ තමන් ෆේල්ද, පාස්ද කියල තීරණය කරන්නේ මේ රටේ විපක්ෂයේ සිටින ඇතැමුන් නොව, එය තීරණය කරන්නේ මේ රටේ මහජනතාව ඡන්දයකින් යැයි කියාය. ඒ වගේම ගෝඨාට ප්‍රසිද්ධියේම පහර දෙන අයට කිසිදු ප්‍රශ්නයක් සිදුවී නැත. අද ඒ සියල්ලන්ම යහතින් තමන්ගේ දේශපාලනය කරගෙන යන ආකාරයක් දැකගන්නට තිබේ.

ඒ වගේම ඊයේ පෙරේදා ආණ්ඩුවට සහාය දැක්වූ විශාල හාමුදුරුවරු ප්‍රමාණයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගොස් ගෝඨාට එරෙහිව විශාල විරෝධයක් පැවැත්වූයේය. උන්වහන්සේලා විවිධ සටන් පාඨ කියමින් ආණ්ඩු විරෝධී පුවරු ඔසවමින් විරෝධතාවය දැක්වූ ආකාරය රටටම දැකගන්නට ලැබිණ.

‘ජනපති අලි සබි්‍රට බයද’,
‘ඉඳන්ට වඩා හිටන් හොඳයි’,
‘එක රටක් නීති ගොඩක් – හැටනම ලක්ෂයේ වරම කැලේ’,
‘ආණ්ඩුව වළලනවාද, වැළලෙනවාද’

එම සමහර පුවරුවල තිබුණේ මේ වගේ සටන් පාඨය. ජේ.ආර්.ගේ, ප්‍රේමදාසලාගේ, චන්ද්‍රිකාලාගේ කාලේ මෙහෙම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ඇවිත් බෝඞ් උස්සාගෙන හිටියා නම් ඔවුන්ට යහතින් ගෙදර යන්න ලැබෙන්නේ නැත.

ඒ නිසා විපක්ෂය ගහපු ‘සර් ෆේල්’ අනාවැකිය ගෝඨා විසින්ම මේ වන විට ෆේල් කොට හමාරය. මොකද මේ අවුරුද්ද ඇතුළත ගෝඨා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් බව රටට, ලෝකයට ඔප්පු කොට තිබේ. තමන් ෆේල්ද, පාස්ද යන්න ජනතාව තීන්දු කරනු ඇති බව ගෝඨා බය නැතිව කියන්නේ ඒ නිසාය.

ඒකෙන් පේන්නේ වෙන මොකක්වත් නොව විපක්ෂය එදා ගෝඨාට ගහපු ‘හිට්ලර්’ අනාවැකිය වගේම ‘සර් ෆේල්’ අනාවැකියත් ළඟදීම ෆේල් වෙනවා කියන එකය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

පළාත් සභා ජන්දය තිබ්බොත් මොනවා වෙයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

මම කැමැති නෑ පැල්බැඳගෙන මෙගා කරන්න

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.