පාස්කු ප්‍රහාරය මුල්කරගෙන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා හට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින මේ බව අධිකරණය වෙත දැනුම්දී සිටියේය.
ඒ අනුව මේ වන විට හිජාස් හිස්බුල්ලා නිරෝධායනය සඳහා යොමුකොට ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම්දී සිටියේය.
පාස්කු ප්‍රහාරය මුල්කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගනු ලැබුවේ 2020 අප්‍රේල් මාසයේදීය.










