මෙම වසරේදී සිසුවියන් ලක්ෂ 8කට අධ්‍යාපන අමාත්‍යංශය හරහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදියර 3ක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නියමිතය.
පළමුව ග්‍රාමීය පාසල් හරහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන අතර අනතුරුව නාගරික ප්‍රදේශවල පාසල්වල සිසුවියන්ටද මෙම පහසුකම් ලබා දීමට නියමිතය.
කෙසේවෙතත් මෙම යෝජනාව ඉකුත් ජනාධීපතිවරණ සමයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා විසින් රටට ඉදිරිපත් කළ අතර ඒ අවස්ථාවේදී ඇතැම් පිරිස් නිර්දය ලෙස ඒ මහතා විවේචනය කරනු දැකගත හැකිවිය.










