නවීන තාක්ෂණය හා දැනුම උපයෝගී කරගනිමින් කෘෂි හා සත්ත්ව නිෂ්පාදන ඉහළ නැංවීම හා ආහාර සුරක්ෂිතතාව උදෙසා විශ්වාසනීයත්වයක් ගොඩ නැගීම සඳහා අවශ්‍ය යාන්ත‍්‍රණය ක‍්‍රමවත්ව හැසිරවීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා යුද හමුදාව කෘෂිකර්ම හා පශු සම්පත් බළකායක් අද (07) පිහිටවනු ලැබීය.
යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව මෙම නව බළකාය ස්ථාපිත කිරීමේ උත්සවය අද පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේදී පැවතිණ.










