පාර්ලිමේන්තුවට ආහාර සපයන අංශයට සම්බන්ධ පුද්ගලයකුගේ දියණියකට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම සේවකයාට සම්බන්ධ පාර්ලිමේන්තු ආශ්රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කොට ඇති බව වාර්තා වේ.
අදාළ සේවකයාගේ දියණිය බ්රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන බවත්, පසුගිය දිනෙක කරන ලද පරීක්ෂණයකදී ඇයට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවත් වාර්තා වී තිබේ.
ඒ සමගම මෙම පාර්ලිමේන්තු සේවකයා සමග රාජකාරී කළ ආශ්රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කොට ඇති අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂක තත්ත්වය දැඩි කර ඇති බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම සේවකයා කොරෝනා ආසාදිතයකු නොවන බව තහවුරු වී ඇති බවද දැනගන්නට තිබේ.









