සිය පාර්ලිමේන්තු ගමන ගැන පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පළමු වතාවට අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණ.
ඒ පෞද්ගලික නාළිකාවක සම්මුඛ සාකච්ජාවකට එක්වෙමිනි.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ තවමත් ඒ සම්බන්ධයෙන් අවශ්‍යතාවක් මතුව නැති බවත්, අවශ්‍යතාවක් මතුවුවහොත් ඒ පිළිබද සලකා බලන බවත්ය.








