කෑගල්ලේ ධම්මික බණ්ඩාර නිෂ්පාදනය කළ දේශීය ඖෂධයට ආචාර ධර්ම කමිටුව අනුමැතිය ලබාදී ඇත්තේ එය සායනික පරීක්ෂාවක් කිරීමට මිස, සායනිකව භාවිත කිරීමට නොවන බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨයේ පීඨාධිපති විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
අදාළ ඖෂධය සායනික පරීක්ෂාවක් සිදුකිරීම සඳහා යොදා ගැනීමට අවසර ලබාදුන්නේ සංශෝධන ගණනාවක් සහ කොන්දේසි කිහිපයකට යටත්ව බවද එහි දැක්වේ.
එම ඖෂධය පරීක්ෂා කිරීමට උතුරු මැද පළාතේ රෝහල් දෙකක් තෝරාගත් බැවින්, පළාතේ පිහිටි එකම වෛද්‍ය පර්යේෂණ ආචාර ධර්ම කමිටුව වන රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ධර්ම සමාලෝචන කමිටුවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊට අදාළව පත්කළ විශේෂඥ කමිටුව මෙම ඖෂධය ඉදිරිපත් කර තිබිණ.
ඒ අනුව අදාළ පරීක්ෂණය කමිටුව විසින් සිදුකළ පරීක්ෂණයක් බවත්, එය රජරට විශ්වවිද්‍යාලයේ පර්යේෂණයක් නොවන බවත්, පීඨාධිපති සේනක පිලපිටිය අවධාරණය කර ඇත.










