ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික ගිවිසුමක් යටතේ කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව රජය සොයා බලමින් සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවට ගැලපෙනම එන්නතක් ලෙසින් සෞඛ්‍ය නිලධාරීන් විසින් හඳුන්වාදුන් ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ නිශ්පාදන කටයුතු සිදු කරනු ලබන්නේ ඉන්දීය සේරම් ආයතනය විසින් ය.
ඉන්දියාව විසින් දිවයින පුරා කෙරෙන එන්නත් ලබාදීම් ඇරඹීමට පෙර මූලික වශයෙන් දින දෙකක් තුළ ප්‍රාන්ත හතරකට එන්නත ලබා දීම සිදු කරයි.
එන්නතක් ලබා ගැනීම සඳහා අදාළ පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වීමේ වගකීම පැවරී ඇති ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා කියා සිටියේ නිෂ්පාදනය කරනු ලබන එන්නතක් මෙරටට ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව සමඟ සම්බන්ධ වීමට අපේක්ෂා කරන බවයි.
එය ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීමට ඉවහල් වන බවද ඔහු පවසා සිටියි.
රජයන් අතර ගිවිසුමක් හරහා හෝ ප්‍රදානයක් ලෙස කොරොනා වෛරසයට එරෙහි එන්නතක් ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බව වීරතුංග මහතා පවසා ඇත. එසේ නොමැති නම්, එය තරඟකාරී ලංසු ක්‍රියාවලියක් හරහා තෝරාගත් නියෝජිතයෙකුගෙන් ලබා ගනු ඇත.










