ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30) දින ‘ගම සමග පිළිසදරක්’ වැඩසටහන යටතේ කැබැතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයට පැමිණ තිබේ.
‘ගම සමග පිළිසදරක්’ වැඩසටහනේ සිව්වැන්න මෙය වේ.
දරිද්‍රතාවයෙන් පෙළෙන ගම්මාන ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් යටතේ ‘ ගම සමඟ පිළිසඳර ‘ වැඩසටහන් මාලාව දියත් කෙරිණි.
එම අවස්ථාවට ප්‍රදේශයේ මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරින් එක්ව සිටියේය.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මේ දිනවල විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන යටතේ කතරගම ප්‍රදේශයේ සංචාරය කරමින් සිටී.
ඉකුත් දින කිහිපයේම කතරගම ප්‍රදේශ කිහිපයක ජංගම සේවා පැවැත්වූ විපක්ෂනායකවරයා හෙට දින එහි තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.











