කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමට එරෙහිව අද (28) දහවල් මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක නිරත වූහ.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා විශාල දායකත්වයක් දැක්වූ බෙංගමුවේ නාලක හිමි, මාගල්කන්දේ සුදත්ත හිමි, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ඇතුලු මහා සංඝරත්නය විශාල පිරිසක් එම ස්ථානයට වැඩම කර සිටීමය.
මෙහිදී කිසිසේත්ම කොරෝනා මළසිරුරු භූමදානයට ඉඩ ලබා නොදිය යුතු බව කී උන්වහන්සේලා එකම රටක්-එකම නීතියක් ක්‍රියාවට නැගිය යුතු බවද කියා සිටියහ.
මෙහිදී පොලිසිය හා මහාා සංඝරත්නය අතර උණුසුම් තත්ත්වයක් මතුවූ බවක්ද දැකගන්නට ලැබිණ.










