මාස කිහිපයකට පසු රට විදෙස් සංචාරකයන්ට විවෘත කරමින් ‘ට්‍රැවල් බබල්’ ක්‍රමය යටතේ පළමු නියමු ව්‍යාපෘති ලෙස යුක්රේන් ජාතික සංචාරකයන් දෙසියයක් රැගත් ගුවන් යානය අද (28 වැනිදා) සවස 2.40ට මත්තල ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතය.
මෙහිදී ආරක්ෂිත ක්‍රමවේද යොදා භාරගෙන ඔවුන් බේරුවල-බෙන්තොට සහ කොග්ගල සංචාරක හෝටල් වෙත යොමු කිරීමට නියමිතය.
ගුවන් තොටුපොළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පවසන්නේ ගුවන්තොටුපොළේ දී විෂබීජ හරණයේ සිට සියලුම කටයුතු ගුවන් සේවා අධිකාරිය මගින් කරන බවයි.
මෙරටට එන සංචාරකයන් සියලු දෙනා කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් නිරීක්ෂණය කරන බව එහි ප්‍රධාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.










