ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන කහ කිලෝග්‍රෑම් 20,000ක් හුංගම කලමැටිය ගුරුපොකුණ ධීවර වරාය අසළ දී සැකකරුවන් සිව්දෙනෙකු ද සමග අත්අඩංගුවටගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් අද (27) අලුයම 3.30ට පමණ හුංගම කලමැටිය ගුරුපොකුණ ධීවර වරාය ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබිණි.
එහිදී ධීවර වරායේ නවතා තිබූ යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී මෙම කහ තොගය සොයාගෙන ඇත.
කහ තොගය ඉන්දීය මුහුදු සීමාවේ ඉන්දියාව පෙනෙන නොපෙනෙන දුරින් මෙම බහුදින ධීවර බෝට්ටුවට පටවා ඇති බව වාර්තා වේ.
එමෙන්ම කහ රැගෙන යෑමට පැමිණ තිබූ බවට සැක කෙරෙන ලොරි රථ 2ක් පොලිස් භාරයට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
දකුණු මුහුදු සීමාවෙන් ඇල්ලූ විශාලතම කහ තොගය මෙය බවද සැලකේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.










