මාස 8කට පසු රුපියල් 190 සීමාව ඉක්මවා ගිය අමෙරිකානු ඩොලරයේ අගය පහත හෙළීම සදහා මහ බැංකුව මුදල් වෙළෙදපොළට ඩොලර් මුදා හැරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව වසර අවසාන වීමට ප්රථම ඩොලරයේ අගය පහත හෙළීම සදහා ඉදිරි දින කිහිපය ඇතුළත මෙසේ ඩොලර් වෙළදපොළට මුදා හැරෙනු ඇති බව දැනගන්නට ඇත.
මේ වනවිට ඩොලරයේ අගය රුපියල් 192.50 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 185 සීමාව දක්වා යළි රැගෙන ඒම ආණ්ඩුවේ අපේක්ෂාව වී ඇති බව දැනගන්නට තිබේ.










