ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ඇතුළු ස්ථානාධිපති ශ්‍රේණියේ තනතුරු තුන්සිය හැටපහක් (365) ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි පුරප්පාඩු සහිත ඇබෑර්තු එක්දහස් අටසීය හතළිස් හතරක් පමණ ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය අවධාරණය කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව මත මෙම පුරප්පාඩු තවදුරටත් පවතින බවත් ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති තනතුරු හැටක් අතරින් පනස් නවයකුත්, දුම්රිය ස්ථානාධිපති තනතුරු එක්දහස් දෙසිය හැට හතරක් අතරින් තුන්සිය තිස් හයකුත් පුරප්පාඩු වී ඇති බවත් ඒවා පිරවීමට දුම්රිය දෙපාර්තුමේන්තුව අපොහොසත් වී ඇති බවත් එම සංගමයේ ලේකම් කසුන් චාමර ඊයේ (24) ප්‍රකාශ කරන ලදි.
දුම්රිය ප්‍රවාහන උප දෙපාර්තමේන්තුව යටතේ පමණක් දුම්රිය ස්ථාන නිවේදක තනතුරු සියයක්, දුම්රිය ස්ථාන සනීපාරක්ෂක සේවකයින් පුරප්පාඩු තුන්සිය විස්සක්, පොලිස්මන් තනතුරු තුන්සිය විසි හතක්, දුම්රිය කාර්ය සහායක තනතුරු තුන්සිය හතක්, පයින්ට්කරු තනතුරු දෙසිය හැත්තෑ තුනක්, බඩු පරීක්ෂක තනතුරු හැත්තෑ දෙකක්, සංඥාකරු තනතුරු අසූවක් වශයෙන් අත්‍යවශ්‍යම තනතුරු පිරවී නැති බවද මේ පිළිබඳ දුම්රිය සාමාන්‍යාධිකාරී සමගින් කරන ලද සෑම සාකච්ඡාවක්ද අසාර්ථක වූ බවත් හෙතෙම පවසන ලදි.
මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දුගෙන් කළ විමසුමකදී සඳහන් කළේ දුම්රිය සේවයේ මේ ආකාරයෙන් එක්දහස් අටසිය හතළිස් හතරක් අධික පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බවය. දුම්රිය ස්ථානාධිපති විශේෂ ශ්‍රේණියේ පුරප්පාඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අංශ නිර්දේශ මත ප්‍රවාහන අමාත්‍යාංශය අවසර ලබාදී තිබෙන බවත් ය.










